Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යුසුෆ් ආණ්ඩුකාර ධුරය අත්හැරියා ද?

    2025-03-15
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යුසුෆ් සිය ධූරය අත්හැරි බවට තොරතුරු වාර්තා වී තිබූ නිසාවෙන් එහි සත්‍යතාවය සොයා බැලීමට අප පියවර ගනු ලැබුවා.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media):

    “බස්නාහිර පළාත් ආණ්ඩුකාර Hanif Yusuf ආණ්ඩුකාර පුටුව අතහරියි” යනුවෙන් සටහන සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබුණේ මේ අයුරින්.

    Fb|Archive

    ඇත්තට ම හනිෆ් යුස්ෆ් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා සිය ධූරය අත් හැරලා ද? අපි ඒ ගැන කරුණු පරීක්ෂාවක් සිදුකළේ මේ අයුරින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප පළමුව ප්‍රධාන මාධ්‍ය ඔස්සේ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වන හනිෆ් යුසුෆ් සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බවට පුවතක් වාර්තා කර තිබේ ද යන්න පරීක්ෂා කර බැලීමක් සිදුකළා. නමුත් ප්‍රධාන මාධ්‍ය කිසිවක් ඔස්සේ එවැනි පුවතක් වාර්තා කර තිබුණේ නෑ.

    අප බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ නිල ෆේස් බුක් පිටුව ද පරීක්ෂා කළ අතර ඒ ඔස්සේ ද එවැනි කිසිඳු නිල නිවේදනයක් නිකුත් කර තිබුණේ නෑ.

    ඊයේ දිනයේ (14) ද ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ සම්ප්‍රදායික ඉෆ්තාර් උත්සවය පැවැත්වුණු අතර ඒ සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යුසුෆ් ද සහභාගී වී තිබුණා. ඒ බව ඔහුගේ නිල ෆේස් බුක් පිටුවේ සඳහන් කර තිබුණේ මේ අයුරින්.

    ජනාධිපතිවරයා සහභාගී වූ මෙම උත්සවය සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ද වාර්තා කර තිබූ අතර ඒ සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යුසුෆ් සහභාගී වූ බවට එම පුවත්වල ද වාර්තා කර තිබුණේ මේ අයුරින් සහ මේ අයුරින්.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තහවුරු කර ගැනීම සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන් අප මේ සම්බන්ධයෙන් විමසීමක් සිදුකළා. එහිදී ඔහු තහවුරු කරනු ලැබුවේ එම පුවත සම්පූර්ණයෙන් ම අසත්‍ය එකක් වන බවත්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යුසුෆ් සිය ධූරයෙන් ඉල්ලා අස් නොවූ බවයි.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ට බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යුසුෆ් මහතා විසින් ඉල්ලා අස්වීමේ ලිපියක් යොමු කර ඇත්දැයි යන්න අප ජනාධිපති මාධ්‍ය අංශයෙන් ද, විමසීමක් කළ අතර ඔවුන් තහවුරු කළේ ද, එලෙසින් ආණ්ඩුකාරවරයා විසින් ඉල්ලා අස්වීමේ ලිපියක් හෝ ඉල්ලා අස්වන බවට දැනුම් දීමක් හෝ සිදු කළ නොමැති බව ත් මෙය අසත්‍ය තොරතුරක් බව ත් ය‍.

    Also Read : පරීක්ෂා නොකර නිදහස් කල කන්ටේනර් 323 ගෙනාවේ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ සමාගමකින් ද ? 

    අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය):

    අප කළ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යුසුෆ් සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බවට පළවන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය ඒවා වන බවයි. ඒ බවට ආණ්ඩුකාරවරයාගේ මාධ්‍ය අංශය මෙන් ම ජනාධිපති මාධ්‍ය අංශය ද, තහවුරු කරයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PL

    Piumika Lakshani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2025-03-15

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.