Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ඉරානයේ ජෙනරාල් කසීම් සුලෙයිමානී ඝාතනයට ලක්වූ වීඩියෝ පටය ලෙස සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන වීඩියෝ පටය සැබෑ ප්‍රහාරයේ දර්ශනද ?

    2020-01-11
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජනවාරි 3 සිකුරාදා  ඇමෙරිකානු හමුදා ඩ්‍රෝන යානා යොදා ගනිමින් එල්ල  කළ මිසයිල ප්‍රහාරයකින් ඉරානයේ දෙවැනි බලවත්ම පුද්ගලයා ලෙස සැලකුණු ජෙනරාල් කසීම් සුලෙයිමානී ඝාතනයට ලක් වුනි. මෙම පුවත විදේශීය මාධ්‍ය මෙන්ම දේශීය මාධ්‍යද ඡයාරූප සමග  වාර්තා කර තිබිණ. මේ අතර සම

    ජනවාරි 3 සිකුරාදා  ඇමෙරිකානු හමුදා ඩ්‍රෝන යානා යොදා ගනිමින් එල්ල  කළ මිසයිල ප්‍රහාරයකින් ඉරානයේ දෙවැනි බලවත්ම පුද්ගලයා ලෙස සැලකුණු ජෙනරාල් කසීම් සුලෙයිමානී ඝාතනයට ලක් වුනි.

    මෙම පුවත විදේශීය මාධ්‍ය මෙන්ම දේශීය මාධ්‍යද ඡයාරූප සමග  වාර්තා කර තිබිණ. මේ අතර සමාජ මාධ්‍ය තුල ඉරානයේ ජෙනරාල් කසීම් සුලෙයිමානී ඝාතනයට ලක්වූ වීඩියෝ පටය ලෙස වීඩියෝ පටයක් සංසරණය වන අයුරු නිරීක්ෂණය විය.

    එම වීඩියෝ පටයට අනුව වාහන පෙළකට ගුවනේ සිට ප්‍රහාර එල්ල වන අයුරුත් , ඉන් අනතුරුව ඒවා විනාශවන අයුරුත් , ඒවායේ සිටින පිරිසක් පලා යන අයුරුත් දිස්වේ.

    සමාජ මාධ්‍ය තුල සංසරණය වන සටහන පහත පරිදි වේ.

    “ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරට ඇමෙරිකාව එල්ල කළ ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ ඉරානයේ දෙවැනි බලවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ජෙනරාල් කසීම් සුලෙයිමානීට ඇමරිකානු හමුදා ඩ්‍රෝන ප්‍රහාරයට ලක් කල අයුරු මාධ්‍යයට නිකුත්කර තිබෙනවා.

    මෙය තාක්ෂණික ලෙස පුද්ගලයන් ඝාතන හැකියාව ඇඑජ හමුදා ලොවට ප්‍රදර්ශනය කිරීමක්. මෙම ප්‍රහාරය ජනාධිපති ට්‍රම්ප්ගේ නියෝගයෙන් ක්‍රියාත්මක වූ යුධමය මෙන්න දේශපාලන ඝාතනයක්.ඉලක්කය සපුරා ගත් බව තහවුරු වූ සැනින් ජනාධිපති ට්‍රම්ප් ට්විටර් සටහනක් තබමින් ඇමරිකා එක්සත් ජනපද ධජය ප්‍රදේශනය කලා. මේ එම ඩ්‍රෝන ප්‍රහාරයේ දර්ශන..”

    Facebook LinkArchived LinkArchived Video

    සමාජ මාධ්‍ය තුල හුවමාරුවන තවත් සටහනක් පහතින්.

    Facebook LinkArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    සමාජ මාධ්‍ය තුල හුවමාරුවන වීඩියෝවේ ප්‍රධාන රාමු කිහිපයක් Yandex සෙවුම ඔස්සේ  විමර්ශනය කරන ලදී. එවිට මෙම වීඩියෝව පිළිබඳ වෙනත් වෙබ් අඩවි වාර්තා කරනලද පුවත් ගණනාවක් දක්නට ලැබිණ.

    එම එක් වෙබ් අඩවි වාර්තාවකට අනුව මෙම වීඩියෝව රුසියාවේ ආරක්ෂක අමාත්‍යංශයේ (MOD) විසින් අයිඑස්අයිඑස් ISIS වෙත එක්සත් ජනපදය උදව් කරන බවට ‘ප්‍රතික්ෂේප කළ නොහැකි’ සාක්ෂි යනුවෙන් පළකර තිබු මෙම වීඩියෝව ඇත්ත වශයෙන්ම AC-130 තුවක්කු සිමියුලේටරය (AC-130 Gunship Simulator)  නම් පරිගණක ක්‍රීඩාවක දර්ශන බව හඳුනාගෙන තිබුණි.

    News  Link

    එම සටහනේ නම් කර තිබු පරිදි 2015 මාර්තු මස එම වීඩියෝවේ මුල් දර්ශන, ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හි පිහිටි ඉන්ඩි වීඩියෝ ක්‍රීඩා නිර්මාණය කරන සමාගමක් (Byte Conveyor Studios) මඟින් ජංගම පද්ධති සඳහා ඉදිරියේදී එළි දැක්වීමට නියමිතව තිබු ක්‍රීඩාවක පෙර දසුන් ලෙසින් පළ කර තිබුනේ මෙලෙසිනි. 

    Byte Conveyor Studios

    අවසාන නිගමනය

    අපගේ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වූයේ “ඇමෙරිකානු හමුදා ඩ්‍රෝන යානා යොදා ගනිමින් ඉරානයේ ජෙනරාල් කසීම් සුලෙයිමානී ඝාතනයට ලක්වූ වීඩියෝ පටය” ලෙස සමාජ මාධ්‍ය හරහා සංසරණය වන වීඩියෝ පටය එම ප්‍රහාරයේ වීඩියෝ පටයක් නොවන බවයි.

    සත්‍ය වශයෙන්ම එය ආර්ජන්ටිනාවේ වීඩියෝ ක්‍රීඩා නිපැයුම් කරන සමාගමක් වන  Byte Conveyor Studios මඟින් ජංගම පද්ධති සඳහා ඉදිරියේදී එළි දැක්වීමට නියමිතව තිබු ක්‍රීඩාවක පෙර දසුන් ලෙසින් 2015 මාර්තු මස පළ කර තිබු  AC-130 Gunship Simulator නම් වීඩියෝ ක්‍රීඩාවක දර්ශන පෙළකි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-01-11

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.