Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    2023 දී  දුප්පත්කම සැලකු විට ලංකාව  ඇෆ්ගනිස්ථානය ළඟටම ආර්ථික අතින් කඩා  වැටුනාද ?

    2025-02-06
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලංකාව පසුගිය වසර කිහිපය පුරා පැමිණියේ දැඩි ආර්ථික අර්බුදයක් මතින්.ඒ පිලිබදව සමාජ ජාලා පරිශීලකයන් නිතර කතාබහ කරනවා.නමුත් දුප්පත්කම ආදිය පිලිබදව සමහර අවස්ථාවල ඇතිවන කතාබහ ආදිය නොමගයවන සුලුය

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ලංකාව පසුගිය වසර කිහිපය පුරා පැමිණියේ දැඩි ආර්ථික අර්බුදයක් මතින්.ඒ පිලිබදව සමාජ ජාලා පරිශීලකයන් නිතර කතාබහ කරනවා.නමුත් දුප්පත්කම ආදිය පිලිබදව සමහර අවස්ථාවල ඇතිවන කතාබහ ආදිය නොමගයවන සුලුයි. 

    සමාජ ජාලා සටහන් 

    1950 දී ආසියාව සැලකු විට ලංකාවට වඩා ඒක පුද්ගල ආදායම අතින්  ඉදිරියෙන් සිටියේ ජපානය පමණක් බවත් , 2023 වසර වන විට ලංකාවට වඩා දුබල ආර්ථිකයක් පවතින්නේ ඇෆ්ගනිස්ථානයේ පමණක් බවත් සමාජ ජාලා සටහන්වල දැක්වෙන්නේ.

    FB | Archived

    ඒ සම්බන්ධව පරිශීලකයන් කරුණු දක්වා තිබුනේ පහත අයුරින් 

    මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

    සත්‍ය කරුණු විමසා බැලීම Fact Check 

    මුලින්ම අප කරුණු විමසා බැලුවේ 1950 වසර වන විට ඒක පුද්ගල ආදායම සැලකු විට ආසියාවේ දෙවනියට සිටි රට ශ්‍රී ලංකාව බව සහ මුලින්ම සිටි රට ජපානය යන කරුණ පිලිබදවයි.

    Economic Commission for Asia and Far East ලෙස අතීතයේ හැදින්වූ වර්තමානයේ Economic and Social Commission for Asia and Pacific හෙවත් ESCAP ලෙස හදුන්වන ජාත්‍යන්තර සංවිධානයේ ඉතිහාසගත දත්ත අනුව 1949 වසර වන විට ආසියාවේ ප්‍රධාන රටවල් කිහිපයක ආර්ථික මට්ටම සහ වාර්ෂික  ඒක පුද්ගල ආදායම මට්ටම ඇසුරින් සකසන ලද වගුවක් පහත දැක්වේ .

    ඒ අනුව එම යුගයේදී ඒක පුද්ගල ආදායම අතින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටි බව ඉහත සටහන අනුව පැහැදිලියි. ඒක පුද්ගල ආදායම ඩොලර් 67 ක් ලබාගෙන ශ්‍රී ලංකාව සිටින අතර ජපානයේ ඒක පුද්ගල ආදායම 1949 වසරේදී ඩොලර් 100 කි. එම වාර්තාව බාගත කරගත හැකියි මෙතනින්. මෙම වගුව එහි 112 වන පිටුවේ සදහන් .

    ඉන් අනතුරුව අප අවධානය යොමුකළේ 2023 වසරේ දත්ත සම්බන්ධයෙන් .ඒක පුද්ගල ආදායමේ . ඒ සදහා අප ලෝක බැංකු දත්ත වාර්තා භාවිතා කළා. රටින් රට 2023 වසරේ දකුණු ආසියානු කලාපයේ රටවල වාර්ෂික  ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් වලින්  පහත පරිදියි.

    ශ්‍රී ලංකාව -3828 

    ඉන්දියාව  2481

    පකිස්ථානය 1365 

    භූතානය 3711 

    ඇෆ්ගනිස්ථානය  – 416 

    නේපාලය 1378 

    බංගලාදේශය   2551 

    මාලදිවයින 12530 

    ඉහත අගයන් ඇමරිකන් ඩොලර් අගයන්වේ . ඒ අනුව දකුණු ආසියානු කලාපය සැලකු විට 2023 වසරේදීත් ඒක පුද්ගල ආදායම අතින් ලංකාවට වඩා ඉදිරියෙන් සිටින්නේ මාලදිවයින පමණි.අදාළ ලෝක බැංකු වාර්තාවට පිවිසිය හැකියි මෙතනින්

    ඉහත සිතියමේ දැක්වෙන්නේ දැක්වෙන්නේ ලෝක බැංකු දත්ත වාර්තා අනුව ඔවුන් විසින් 2023 වසරේදී කරන ලද වර්ගීකරණයක් .ඒ අනුව ශ්‍රී ලංකාව දැක්වෙන්නේ පහල මැද ආදායම් ලබන ළා දම් පාටින් සලකුණු කර ඇති රටවල ලයිස්තුවෙයි. අදාල සිතියම වෙත පිවිසිය හැකියි මෙතනින්  

    කෙසේ වෙතත් දුපත්කම යන්න සැලකු විට එය ඒක පුද්ගල ආදායම සම්බන්ධයෙන් පමණක් නොව වඩාත් පුළුල්ව වර්තමාන ලෝකයේ සලකා බැලෙන කාරණයක්. ඒ අනුව අප 2023 වසර හා සම්බන්ධ දුප්පත්කම පිලිබදව සැකසු දර්ශක ගණනාවක් කෙරෙහි අවධානය යොමු කළා.  

    එක්සත් ජාතින් දුපප්ත්කම පිලිබදව තක්සේරු කරන්නේ Multi Dimensional Poverty Index හරහායි. එහිදී ඔවුන් දුප්පත්කම මැන බැලීම සදහා බහුවිධ සංඝටක යොදා ගනියි. ඒ මොනවාද කියා බලමු. එම දර්ශකයේ ප්‍රධාන නිර්ණායක 3ක් සහ ඒ යටතේ ගැනෙන උප නිර්ණායක පවතී.

    ප්‍රධාන නිර්ණායක 3ක් නම් ; සෞඛ්‍යය, අධ්‍යාපනය ,  ජිවන ප්‍රමිතීන් 

    සෞඛ්‍ය යටතේ පෝෂණය , මරණ අනුපාතය ගැනෙයි.

    අධ්‍යාපනය යටතේ ගැනෙන්නේ පාසල් යන වසර ගණන සහ පාසලට පැමිණීම යන කරුණුයි.

    ජිවන ප්‍රමිතීන් යටතේ ආහාර පිසීමට භාවිතා කරන ඉන්ධන ,සනීපාරක්ෂාව ,පානිය ජලය ,විදුලිය ,නිවාස සහ වත්කම් ගනියි. 

    2023 වසර සදහා බහු නිර්ණායක යටතේ සැකසු එක්සත් ජාතීන්ගේ දර්ශකය සහ ශේණිගත කිරීම් වාර්තාවට පිවිසිය හැකියි මෙතනින්

    දත්ත විශ්ලේෂණය කිරීමෙන් සැකසෙන MPI දර්ශකය අගයන් ලබාදෙන්නේ 0 සහ 1 අතරයි. 0 මගින් ඉතා පහල දිලිදු බවක්ද , 1 මගින් ඉහල දිලිදු බවක්ද පෙන්වයි.ඒ අනුව දර්ශකයේ අගය වැඩිවන තරමට දිලිදු බවේ තියුණු බවද වැඩිවේ . 

    දකුණු ආසියානු රටවල් වල 2023 වසරේ MPI අගය විමසා බලමු . 

    බංගලාදේශය 0.104 

    මාලදිවයින 0.003 

    ඉන්දියාව 0.069 

    නේපාලය 0.074 

    පකිස්ථානය 0.198 

    ශ්‍රී ලංකාව 0.011 

    ඇෆ්ඝනිස්තානය 0.272 

    භූතානය  

    කෙසේ වෙතත් 2023 වසරේ මෙම වාර්තාව සකසා ඇත්තේ පැරණි දත්ත මත පදනම්වයි. නමුත් මෙම වාර්තාවේ පැහැදිලි වන ආකාරයට ශ්‍රී ලංකාවට වඩා දුප්පත්කම අඩු දකුණු ආසියා කලාපයේ මාලදිවයින පමණක් වන අතර අනෙත් රටවල්වල දිළිදුකම ලංකාවට වඩා ඉහල අගයක් ගෙන ඇත. 

    2024 වසරේ දර්ශක අගයන් අනුව ශ්‍රී ලංකාවට හිමි තැන එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල (UNDP) දත්ත අනුව ,එම වාර්තාවට පිවිසිය හැකියි මෙතනින් 

    මේ අනුව පැහැදිලි වන කාරණය නම් මෙම දත්ත වාර්තාවල සදහන් ආකාරයට ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ දුප්පත්කම අතින් පහල අගයක සිටින බවයි. නමුත් මෙහි ඇති යම් ගැටලුකාරී තත්ත්වයක් වන්නේ මෑතකාලීනව ලංකාවේ දුප්පත්කම පිලිබදව පුළුල් සමීක්ෂණයක් එක්සත් ජාතීන්ගේ දර්ශක අනුව සිදු නොවී තිබීමයි. 

    ලෝක බැංකු 2024 වසර සදහා වන ඒක පුද්ගල ආදායම මත පදනම් දත්ත වාර්තා මෙතෙක් නිකුත් කර නොමැති අතර ඔවුන්ගේ වෙබ් අඩවියේ යාවත්කාලින කර ඇති අවසන් වසර වන්නේ 2023 යි. Archived 

    Conclusion ( අවසාන නිගමනය )

    අප විසින් සිදුකරන ලද කරුණු විමසුමට අනුව තහවුරු වන්නේ ශ්‍රී ලංකාව ඒක පුද්ගල අදායම අතින් ඇෆ්ඝනිස්ථානය හැරුණු කොට  සෙසු සියලු දකුණු ආසියානු රටවල්වලට වඩා පහල තැනකට වැටී ඇති බවක් හැගවෙන සේ පළකර ඇති සමාජ ජාලා සටහන් නොමගයවන සුළු ඒවා වන බවයි. 

    ලංකාවට වඩා ඒක පුද්ගල අදායමක් ඇති දකුණු ආසියාවේ එකම රාජ්‍යය වන්නේ මාලදිවයිනයි. කෙසේ වෙතත් දුප්පත්කම යන පුළුල් සංකල්පය සලකා බලන එක්සත් ජාතීන්ගේ Multi Dimensional Poverty Index වාර්තාවට අනුව ලංකාව කලාපීය අතින්ද දකුණු ආසියානු කලාපයේ ඉන්දියාව ,පකිස්ථානය ආදී රටවල්වලට වඩා අඩු දිලිදුකමක් පෙන්වයි. කෙසේ වුවත් , දිළිදුකම පිලිබදව ලංකාවේ එක්සත් ජාතීන්ගේ නිර්ණායක අනුව මෑත කාලීනව පුළුල් සමීක්ෂණයක් සිදු නොවීම , මෙම MDPI දත්ත වාර්තාව නිරීක්ෂණය කල විට දැකගත හැකි යම් දුබලතාවයකි. 

    අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2025-02-06

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.