Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: ඕනෑම බැංකු කාඩ් පතකින් කිසිම ගාස්තුවකින් තොරව ATM යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීමේ හැකියාවක් නැත!

    2020-11-24
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කොරෝනා වසංගතය ව්‍යාප්ත වීමත් සමඟ රජය විසින් ඇතැම් අංශ සඳහා විවිධ වූ සහන ලබා දීමට කටයුතු කළ අතර මූල්‍ය සේවා සහ බැංකු කටයුතු සඳහා ද මෙසේ විශාල සහන ප්‍රමාණයක් ලබා දී තිබෙනවා.මහ බැංකුවේ සීමාවන්ට යටත්ව පොලී අනුපාතික ලිහිල් කිරීම් මෙන්ම ණය ගෙවීමේ කාලයන් දීර්ඝ ක

    කොරෝනා වසංගතය ව්‍යාප්ත වීමත් සමඟ රජය විසින් ඇතැම් අංශ සඳහා විවිධ වූ සහන ලබා දීමට කටයුතු කළ අතර මූල්‍ය සේවා සහ බැංකු කටයුතු සඳහා ද මෙසේ විශාල සහන ප්‍රමාණයක් ලබා දී තිබෙනවා.මහ බැංකුවේ සීමාවන්ට යටත්ව පොලී අනුපාතික ලිහිල් කිරීම් මෙන්ම ණය ගෙවීමේ කාලයන් දීර්ඝ කරගැනීමේ පහසුව වැනි සහන ද බැංකු මගින් සපයා තිබුනා.

    මේ අතර කාසි මුදල් නෝට්‍ටු මගින්ද මෙම වයිරස් තත්වය පැතිරීමේ ඉඩකඩක් පැවතීමේ අවදානම ද සලකා බලමින් මුදල් වෙනුවට බැංකු කාඩ්පත් මගින් ගනුදෙනු කිරීමේ ක්‍රමවේදයන් ප්‍රවර්ධනය කිරීමටත් බැංකු මගින් පරිභෝගිකයින්ව දිරිමත් කරන ආකාර පසුගිය දිනවල දැකගන්නට ලැබුනා.

    කෙසේ නමුත් මුදල් භාවිතය අවම කිරීමේ අරමුණින් ඕනෑම බැංකු කාඩ් පතකින් කිසිම ගාස්තුවකින් තොරව ස්වයංක්‍රීය මුදල් ආපසු ගැනීමේ (ATM) යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීමේ හැකියාව දැන් උදා වී ඇති බවට ෆේස්බුක් හරහා හුවමාරු වන්නේ සම්පුර්ණයෙන්ම අසත්‍ය පුවතක් වන බව අපට තහවුරු වුනා.

    සමාජ මාධ්‍ය සටහන්:

    රවිඳු දෙනුවන් නම් අයෙකු ෆේබුක් වෙත එක් කල සටහනකින් කියවුනේ බැංකු කාඩ්පත් වලින් කිසිම ගාස්තුවකින් තොරව ATM යන්ත්‍ර වලින් මුදල් ගැනීමේ හැකියාව දැන් පවතින බවයි.

    Facebook Archived

    මෙම පුවත ෆේස්බුක් පි‍ටු මෙන්ම වෙබ් අඩවි ද රැසක් වාර්තා කර තිබුණු අතර බොහෝ දෙනා ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ සභාපති ලක්ෂ්මන් සිල්වා මහතා උපුටා දක්වමින් මෙම පුවත වාර්තා කර තිබෙනු ද නිරීක්ෂණය වුනා.

    නෙත් නිවුස් වෙබ් අඩවිය හා කූඹියෝ නිවුස් යන වෙබ් අඩවිද මෙම පුවතම දක්වා තිබුනු අතර තමාගේ ගිණුමක් නොමැති වුවද පවතින තත්ත්වය හමුවේ  ඕනෑම බැංකුවකින් කිසිඳු බැංකු ගාස්තුවකින් තොරව කාඞ්පත් මඟින් ජනතාවට මුදල් ලබා ගැනීමට පහසුකම් සපයා ඇති බව සඳහන් කර තිබුනා.

    Kubiyo NewsArchived
    Neth NewsArchived

    මේ ආකාරයට සහනයක් ඇත්ත වශයෙන්ම ලබා දී ඇතිද යන්න පිලිබඳව අප වැඩි දුරටත් කරුණු විමසීමට තීරනය කලා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    ලංකාවේ බැංකු අතර මුදල් ලබා ගැනීමේදී එම ATM යන්ත්‍ර අතර සම්බන්දතාවය ගොඩ නගා ඇත්තේ Lanka Pay නම් සේවාව හරහායි. එම කටයුතු සිදුවන්නේ Lanka Clear නම් ආයතනයක් හරහායි. ඒ නිසා අප එම ආයතනයේ ප්‍රධානී චන්න ද සිල්වා මහතාගෙන් මෙම කරුණ පිලිබඳව විමසා සිටියා. 

    එහිදී ඔහු පැහැදිලිව ප්‍රකාශ කලේ මෙසේ බැංකු අතර ATM යන්ත්‍ර මගින් මුදල් ලබා ගැනීමේ දී සියලුම ගාස්තු අය කරන්නේ බැංකු මගින් බවත් ඔවුන් එම ගාස්තු අඩු කිරීමට කිසිම විටෙක තීරණයක් ගෙන නොමැති බවයි. කෙසේ නමුත් දැනට වෙනත් බැංකුවක ATM යන්ත්‍ර මඟින් මුදල් ලබාගැනීමේදී අයකෙරෙන ගාස්තුව වන රුපියල් 30 ඉදිරියේදී රුපියල් 15ක් වැනි අගයක් දක්වා අඩු කිරීමේ හැකියාව සලකා බලමින් සිටින බව ඔහු පවසා සිටියා.

    මේ පිලිබඳව වැඩි දුරටත් කරුනු lankaclear වෙබ් අඩවියේ නිතරම අසනු ලබන ප්‍රශ්න කොටස යටතේ පැහැදිලිවම දක්වා තිබෙනවා. වෙනත් බැංකුවක ATM  යන්ත්‍රයක් භාවිතයේදී අයවන මුදල රුපියල් 30ක් බව එහි පැහැදිලිව ම දක්වා තිබුනා

    ඒ පිලිබඳව වැඩි දුරටත් සොයා බැලීමට පහත සැබැඳියෙන් පිවිසෙන්න.

    LankaClearArchived

    ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් ප්‍රතිචාර දක්වා තිබු බොහෝ දෙනාද මෙම කරුණම සනාථ කරමින් රුපියල් 30ක් අයවී තිබු අයුරු මෙවැනි සටහන් හරහා පෙන්වා දී තිබුනා. 

    චන්න ද සිල්වා මහතා තවදුරටත් පවසා සිටියේ ලංකා බැංකු කරුවන්ගේ සංගමයේ සභාපති ලක්ශ්මන් සිල්වා මහතා සිදුකළ ප්‍රකාශය බොහෝ දෙනා වැරදි ලෙස වටහා ගැනීම මෙම වැරදි පුවත් නිර්මාණය වීමට හේතු වී තිබු බවයි.

    මෙම කරුණ පිළිබඳව අප ශ්‍රී ලංකා මහා බැංකුවෙන් ද විමසීමක් සිදුකල අතර ඔවුන් පවසා සිටියේ ද එබඳු කිසිඳු තීරණයක් ගෙන නොමැති බවයි.

    පුවත් නිර්මාණය වීමට මුල්වූ සංවාදය:

    නෙත් එෆ්.එම් රේඩියෝ නාලිකාවේ බැලුම්ගල වැඩසටහන මෑතකදී ලංකා බැංකු කරුවන්ගේ සංගමයේ සභාපති ලක්ශ්මන් සිල්වා මහතා සමඟ සිදුකළ සජීවී සංවාදයක් ඇසුරෙන් මෙම පුවත ගොඩ නැගී ඇති බවක් අපට දැකගනන්ට ලැබුණා හැකි උනා.

    මෙම සංවාදයට අනුව නිවේදකයා පැහැදිලිව ATM  මගින් මුදල් ලබා ගැනීමේදී වැයවන අමතර මුදල පිළිබඳව හා ණය ලබාගැනීමේදී බලපැවැත්වෙන ගාස්තු පිළිබඳව ප්‍රශ්න කරන නමුත් ලක්ෂ්මන් සිල්වා මහතා පිළිතුරු දෙන්නේ කොවිඩ් තත්වය යටතේ ණය ලබාගැනීමේදී බලපැවැත්වෙන ගාස්තු ලිහිල් කිරීම සම්බන්ධයෙන් පමණි.

    එම සංවදයට පහතින් යොමු වෙන්න. (47 වන මිනිත්තුවේ සිට)

    https://www.facebook.com/nethfmbalumgala/videos/205021364354451/?t=2835

    බැංකු අතර ATM යන්ත්‍රයක් මගින් මුදල් ලබා ගැනීමේදී සියලුම ගාස්තු ඉවත්කර ඇති බවක් පිළිබඳව එහි කියවුනේ නැති වුවුද නිවේදකයා විසින් අසන්නේ ඒ පිලිබඳ ප්‍රශ්නයක් බවින් බොහෝ දෙනා එම සංවාදය තුලින් ATM කාඩ් පත් මඟින් මුදල් ලබාගැනීම ගාස්තුවකින් තොරව සිදුකිරීමට තීරණය කර ඇති බවක් අවබෝධ කරගෙන තිබු බවක් දැකගන්නට ලැබුණා.

    කොවිඩ්-19 තත්වය යටතේ බලපැවැත්වෙන ණය සහන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුවේ නිවේදන මෙතනින්

    “බැංකුවල ස්වයංක්‍රීය මුදල් ආපසු ගැනීමේ යන්ත්‍ර (ATM) මගින් මුදල් ලබා ගැනීමේ දී ගෙවිය යුතු අමතර ගාස්තුවලින් ‍ජ්‍යේෂ්ඨ පුරවැසියන් නිදහස් කිරීම සඳහා රජයෙන් කරන ලද ඉල්ලීම අනුව මූල්‍ය ආයතන වෙත උපදෙස් මාලාවක් නිකුත් කරන ලදි” යනුවෙන් පුවතක් “වසංගත සමයේ මහ බැංකු මෙහෙවර සහ එමගින් මහජනතාවට ලැබුණු සහන හා ප්‍රතිලාභ” යටතේ අද දෙරණ පසුගිය ජුනි මාසයේ වාර්තා කර තිබෙනු අපට මෙසේ දැකගනන්ට ද ලැබුණි

    Ada Derana Biz | Archived

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත කරුනු අනුව සලකා බැලීමේදී තමාගේ ගිණුමක් නොමැති වුවද පවතින තත්ත්වය හමුවේ  ඕනෑම බැංකුවකින් කිසිඳු ගාස්තුවකින් තොරව ATM කාඩ්පත් මඟින් ජනතාවට මුදල් ලබා ගැනීමට පහසුකම් සපයා ඇති බවට පැවසෙන පුවත සම්පුර්ණයෙන්ම අසත්‍ය පුවතක් බව අපට සඳහන් කල හැකියි. වෙනත් බැංකුවක ATM යන්ත්‍රයක් හරහා මුදල් ලබාගැනීමේදී සාමාන්‍යයෙන් අයවන මුදල රුපියක් 30ක් වන අතර එය තවදුරටත් ක්‍රියාත්මකය.

    ලංකා බැංකු කරුවන්ගේ සංගමයේ සභාපති ලක්ශ්මන් සිල්වා මහතා රේඩියෝ සංවාදයකදී සිදුකල ප්‍රකාශයක කරුණක් මුල් කරගනිමින් මෙම නොමඟ යවන සුළු පුවත් නිර්මාණය වී තිබුණි.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:ඕනෑම බැංකු කාඩ් පතකින් කිසිම ගාස්තුවකින් තොරව ATM යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීමේ හැකියාවක් නැත!

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-11-24

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.