Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    හරීන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි?

    2024-05-13
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වූ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “හරීන් ඇමති ධුරයෙ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වූ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “හරීන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි” යනුවෙන් සඳහන් කරමින් සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

    Facebook | Archived Link

    මේ පිළිබඳ කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට අප පියවර ගත්තේ මේ අයුරින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    සංචාරක, ඉඩම් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය සංචාරක අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ බවට හෝ ඉල්ලා අස් වන බවට හෝ පුවතක් ප්‍රධාන මාධ්‍ය වාර්තා කර නොතිබුණු බවට අප කළ නිරීක්ෂණයේදී තහවුරු වූවා.

    එමෙන් ම ඒ සම්බන්ධයෙන් කිසිදු අමාත්‍යාංශ නිවේදනයක් ද, නිකුත් කර නොතිබුණු හෙයින් අප මේ පිළිබඳ ව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන් ද, විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ එය අසත්‍ය තොරතුරක් බව ත්, අමාත්‍යවරයා එම ධුරයේ තව දුරටත් වැඩ කටයුතු සිදු කරන බවයි.

    වීසා ගාස්තු වැඩි කිරීමේ තීරණයෙන් බැහැරව සිටීමට අකමැති වීම පිළිබඳ සිය අභිප්‍රාය කැබිනට් මණ්ඩලයේදී සඳහන් කළ ද, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම ලිපිය සත්‍ය නොවන බව ත්, එම ලිපියේ යොමු කළ දිනය ද මාසයකට පෙර දිනයක් බව ට ත් සඳහන් කරමින් අමාත්‍යවරයා X ඔස්සේ පණිවිඩයක් පළ කර තිබුණේ මෙලෙසින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, අමාත්‍ය හරින් ප්‍රනාන්දු සිය සංචාරක අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන ලිපිය අසත්‍ය බවයි. එමෙන් ම අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, එම ලිපියේ දැක්වෙන ලෙස තම න් වීසා ගාස්තු වැඩි කිරීමේ තීරණය සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කිරීම යන කරුණ සත්‍ය වූවත් තමන් එම ධුරයෙන් ඉල්ලා අස්වීමක් සිදු නොළ බව ත් එම ලිපිය අසත්‍ය බව ත් ය.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-05-13

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.