Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: හරීන් ප්‍රනාන්දු කළු සාටකයක් පැළඳ පාර්ලිමේන්තුවට පැමිණියේ කුමක් සඳහා ද?

    2021-01-22
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත බන්ධනාගාර ගතවූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් එම පක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව තුළදී මෙන්ම ඉන් පිටතදීත් විරෝධතාවය පළකර සිටියා. මේ අතර ජනවාරි මස විසි වන දින කළු සාටකයක් පැළඳ රන්ජ

    අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත බන්ධනාගාර ගතවූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් එම පක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව තුළදී මෙන්ම ඉන් පිටතදීත් විරෝධතාවය පළකර සිටියා.

    මේ අතර ජනවාරි මස විසි වන දින කළු සාටකයක් පැළඳ රන්ජන් රාමනායක මහතාට සාධාරණයක් පතා පාර්ලිමේන්තු සභා වාරයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා එසේ පැමිණියේ පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය පිරිසට සාධාරණයක් ඉටු වන තුරු යනුවෙන් බවට වැරදි අර්ථකතනයක් සහිතව හුවමාරු වූ සටහනක් අපට නිරීක්ෂණය වුනා.

    සමාජ මාධ්‍ය සටහන්:

    “පාස්කු බෝම්බයෙන් මිය ගිය සියලු දෙනාටම සාධාරණය ඉටු වෙනකම්.. මම පාර්ලිමේන්තුවේදී කළු සාටකයක් පළඳිනවා” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසු බව News1st Digital ප්‍රවෘත්ති සේවය වාර්තා කර ඇති අන්දම පෙන්වන සැකසුණු සටහනක් Thilina Jude නැමැත්තෙක් විසින් මෙසේ ඉදිරිපත් කර තිබුණා.

    Facebook | Archived Link

    මෙම සටහනම තවත් කිහිප දෙනෙකුම හුවමාරු කරගෙන තිබුනේ ද මෙලෙසින්

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම සටහනේ අන්තර්ගතය පිළිබඳව අප සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගෙන් විමසා සිටියා. තමා පාර්ලිමේන්තුවේ දී කළු සාටකයක් අඳින බව පැවසූයේ තම පාර්ලිමේන්තු සගයා වන රංජන් රාමනායක මහතාට සාධාරණයක් ඉටු වනතුරු බවත්,  තමා පලඳින කළු සාටකය පාස්කු බෝම්බ සිද්ධියට කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ඔහු අප හා පවසා සිටියා. 

    News1st Digital ප්‍රවෘත්ති සේවයේ නිල ෆේස්බුක් පිටුව පරීක්ෂාකර බැලුවෙමු. “රන්ජන් වෙනුවෙන් හරීන් අද සිට කළු සාටකයක් පළඳී..” සිරස්තලයෙන් වීඩියෝ පටයක් සහිතව වාර්තාවක් දැකගනන්ට ලැබුණි. රංජන් රාමනායකට සාධාරණයක් ඉටුවන තුරු තමා පාර්ලිමේන්තුවට සාටකයක් පළඳින බව හරීන් ප්‍රනන්දු පාරිලිමේන්තු මන්ත්‍රීවරයා පවසන බව එම වීඩියෝවේ දැක ගන්නට ලැබුණි.

    Newsfirst.lk වෙබ් අඩවියේ සහ Thilina Jude ෆේස්බුක් සටහනේ ඇති සේයාරූ සංසන්දනය කිරීමේදි “රංජන් රාමනායක සාධාරණයක් ඉටුවන කම් මම පාර්ලිමේන්තුවේ දී කළු සාටකයක් පළඳිනවා” යනුවෙන් Newsfirst වර්තා කර තිබු පුවත “පාස්කු බෝම්බයෙන් මියගිය සියලු දෙනාටම සාධාරණය ඉටු වෙනකම් මම පාර්ලිමේන්තුවේ දී කළු සාටකයක් පළඳිනවා” ලෙස සංස්කරණය කර ඇති බව තහවුරු විය.

    ප්‍රධාන ධාරාවේ පුවත්පතක් වන ලංකාදීප පුවත්පතද “හරින් කළු සාටකයක් ඇඳ පාර්ලිමේන්තු එයි” සිරස්තලයෙන්, රංජන් රාමනායක මහතාට සාධාරණයක් ඉටුවන තුරු කළු සාටකයක් පැළඳ පාර්ලිමේන්තුවට පැමිණෙන බව හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කළ බව වාර්තා කර තිබුණි.

    Conclusion (අවසාන නිගමනය)

    මේ අනුව පාස්කු බෝම්බයෙන් මියගිය සියලු දෙනාටම සාධාරණයක් ඉටු වෙන තුරු තමා කළු සාටකයක් පාර්ලිමේන්තුවේ දී පළඳින බව හරීන් ප්‍රනාන්දු මහතා පවසා නැති අතර පවසා ඇත්තේ රංජන් රාමනායක මහතාට සාධාරණයක් ඉටුවන තුරු පාර්ලිමේන්තුවේ දී කළු සාටකයක් පළඳින බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-01-22

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.