Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: දුරකථන ගෙන්වා මුල්‍ය වංචාවක් කිරීම සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූවාද?

    2020-11-30
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    යහපාලන රජයේ විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය ධුරය දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සමගි ජනබලවේගයේ යටතේ වර්තමාන විපක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙක්. මේ හේතුවෙන් ම ඔහු සම්බන්ධයෙන් සටහන් රැසක් සමාජ මාධ්‍ය හරහා විටින් විට හුවමාරු වෙන

    යහපාලන රජයේ විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය ධුරය දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සමගි ජනබලවේගයේ යටතේ වර්තමාන විපක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙක්. මේ හේතුවෙන් ම ඔහු සම්බන්ධයෙන් සටහන් රැසක් සමාජ මාධ්‍ය හරහා විටින් විට හුවමාරු වෙනු දැකගනන්ට ලැබෙනවා.

    දුරකථන සමාගමක් මගින් දුරකථන ගෙන්වා මුල්‍ය වංචාවක් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවත්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බවට ඇති බවට පසුගිය දා හුවමාරු වූයේ සම්පුර්ණයෙන්ම අසත්‍ය සටහන් පෙළක් බව අපට අනාවරණය විය.

    සමාජ මාධ්‍ය සටහන්:

    “දුරකථන සමාගමකින් දුරකථන ගෙන්වා මිලියන 350ක මගඩියක්. හරීන්ව CIDඑකට කැඳවයි.” යන වදන රෝපණය කර  පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ ඡායාරූපයක් සහිතව “හරීන්ටත් බඩු හරේ.” තේමාවෙන් Sujith Priyankara නැමැත්තෙක් විසින් සටහනක් ඉදිරිපත් කර තිබෙණු දක්නට ලැබුණා.

    FacebookArchived Link
    FacebookArchived

    මෙම සටහන ෆේස්බුක් පිටු රැසක ද ඉදිරිපත් වී තිබෙණු දක්නට ලැබුණා.

    බොහෝ දෙනෙක් මෙම පුවතේ මුලාශ්‍රය විමසමින් මෙය සත්‍ය සිදුවීමක් ද යන්න විමසා තිබෙනු අපට දැකගනන්ට ද ලැබුනු බැවින් මේ පිලිබඳ ව විමර්ෂණයක් සිදු කිරීමට අදහස් කළෙමු.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    දුරකථන ගෙන්වා මුල්‍ය වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බවට ප්‍රධාන මාධ්‍ය ධාරාවේ වාර්තාවන් ඇත්දැයි පරීක්ෂා කළ නමුත් එවැනි වාර්තාවක් සොයා ගැනීමට අපොහෝසත් විය.

    වැඩිදුරටත් කරුණු තහවුරු කර ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සමග දුරකථනයෙන් සම්බන්ධ වුයෙමු. සමාගම් මගින් දුරකථන ගෙන්වීමට තමා කිසිඳු අවස්ථාවක සම්න්ධ නොවු බව ඔහු පැවසීය. මේ වන තෙක් තමාට එම ආකාරයේ මුල්‍ය වංචාවක් පිළිබඳව පරීක්ෂණයක් පැවත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස කැඳවීමක් නොලත් බවත්, මෙම සටහන ප්‍රතිවාදීන්ගේ අසත්‍ය මඩ ප්‍රචාරයක් බවත් ඔහු පවසා සිටියා.

    මේ සටහන පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළෙමු. අප හා සම්බන්ධවු නිලධාරියා පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ මුල්‍ය වංචාවක් පිළිබඳව ඔවුන්ට මෙතෙක් පැමිණිලලක් නොලැබී ඇති බවය.

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා දුරකථන සමාගමකින් දුරකථන ගෙන්වා මිලියන 350ක වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා නොමැති බවයි.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:දුරකථන ගෙන්වා මුල්‍ය වංචාවක් කිරීම සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූවාද?

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-11-30

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.