
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ, 2019 ජනාධිපතිවරණ මැතිවරණ වේදිකාවේ නිතරම අසන්නට ලැබුණු තේමා ගීතය, සමාජ මාධ්ය ඔස්සේ අවභාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ බවට සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වූ සටහන් සම්බන්ධයෙන් සත්ය සොයා අප කළ විමර්ශනයක් පහතින්.
සමාජ මාධ්ය සටහන් :
“අපේ විරුවා සින්දුව ඇසීම දඬුවම් ලැබිය හැකි වරදක්!” යනුවෙන් සඳහන් කරමින් සටහනක් පළ වී තිබුණේ මේ අයුරින්.

ෆේස්බුක් ඔස්සේ මෙම තේමාවෙන් පළ වූ සටහන් බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය සමයේ මැතිවරණ තේමා ගීතයක් ලෙස යොදාගත් ‘අපේ විරුවා’ ගීතය, මේ වන විට සමාජ මාධ්ය ඔස්සේ අනිසි ලෙස යොදා ගෙන තිබීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉහලින් නියෝගයක් ලැබී ඇති බවට පළ වූ පුවතක් දක්වමින් Twitter ඔස්සේද මෙම සටහන පළ වී තිබුණේ මෙලෙසින්.
#SriLanka police Criminal Investigation Department (CID) directed to probe misuse of @GotabayaR's presidential campaign anthem වැඩ කරන අපේ විරුවා (our hero who delivers) to ridicule him, reports The Leader.
— LankaFiles (@lankafiles) March 5, 2022
Youth have posted visuals of the song being sung at long fuel queues
👇 pic.twitter.com/JPdeCKmHFb
මෙම පුවත සම්බන්ධයෙන් පළ වූ වෙබ් වාර්තාව මෙතනින්. Archived Link
සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වී තිබූ මෙම සටහනේ දැක්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ තේමා ගීතය අවභාවිතා කරන්නන් සම්බන්ධයෙන් පළ වූ මෙම පුවත ප්රධාන මාධ්ය වාර්තා කර ඇත්දැයි අප නිරීක්ෂණය කරනු ලැබුවා.
නමුත් ප්රධාන මාධ්ය වාර්තාවල එවන් පුවතක් වාර්තා වී නොතිබුණු බවට අපට දැකගන්නට ලැබුණා. එසේම මේ ආකාරයේ අත්අඩංගුවට පත්වූ පුද්ගලයන් පිළිබඳව ද මාධ්ය වාර්තා අපට දැකගන්නට ලැබුනේ නැහැ.
කෙසේ වෙතත් ඉහත සඳහන් කළ පුවතේ මූලාශ්රය හෝ සඳහන් කර නොතිබීම හේතුවෙන් මේ පිළිබඳව විමසීමට අප පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතාගෙන් දුරකතන මාර්ගයෙන් විමසීමක් කළා.
පොලිස් මාධ්ය ප්රකාශකවරයා සඳහන් කළේ, එම පුවතේ කිසිදු සත්යතාවයක් නොමැති බවයි. එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ පිළබඳව විමර්ශනය කිරීමට නියෝග නොකළ බවද, නිහාල් තල්දූව මහතා වැඩි දුරටත් සඳහන් කරනු ලැබුවා.
රට පුරා පවතින් ඉන්ධන හිඟය හේතුවෙන් ඉන්ධන පිරවුම් හල් ඉදිරිපිටි පසුගිය කාලවකවානුවේ සිට මේ දක්වා දීර්ඝ පෝලිම් දක්නට ලැබෙනවා.
මේ හේතුවෙන් පීඩාවට පත් ජනතාව ඉන්ධන පෝලිම් මෙන්ම ඉන්ධන හල් ඉදිරිපිටද, ඒ අවට ද, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් 2019 වසරේ නිර්මාණයවූ මැතිවරණ ගීතය වන “වැඩ කරන අපේ විරුවා” ගීතය ගායන කරන අයුරු සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්, මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසිනි.
එසේම බොහෝ දෙනා අතර හුවමාරු වූ එම වීඩ්යෝව සඳහා මුල් වූ එක් අයෙකු මේ සම්බන්ධයෙන් අද දින තබා තිබූ සටහනක් මෙලෙසින්.
මෙලෙස වීඩියෝ සංසරණය වීම මෙලෙස අසත්ය සටහන් නිර්මාණය වීමට හේතු වූ බවට පැවසිය හැක. කෙසේවෙතත් මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කිසියම් හෝ විමර්ශනයක් සිදුවේ ද යන්න අපට ස්වාධීනව සත්යාපනය කල හැකි කරුණක් නොවන බැවින් මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී යාවත්කාලීන වන තොරතුරු ද මෙහි පළ කිරීමට බලාපොරොත්තු වෙමු.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News



