Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ශ්‍රී ලංකා මහ බැංකුව නව රු. 10,000 මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

    කරුණු විමර්ශනය කිරීම
    2026-10-27
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    Subscribe to our WhatsApp Channel ශ්‍රී ලංකාවේ දැනට සංසරණයේ ඇති වැඩිම වටිනාකමින් යුත් මුදල් නෝට්ටුව රු. 5,000 නෝට්ටුවයි. එබැවින් රු. 10,000 නෝට්ටුවක් ගැන පුවතක් ඉක්මනින් පැතිර යාම පුදුමයක් නොවේ. ශ්‍රී ලංකා මහ බැංකුව ඔක්තෝබර් 10 වැනි දින නව රු. 10,000 නෝට්

    Subscribe to our WhatsApp Channel

    ශ්‍රී ලංකාවේ දැනට සංසරණයේ ඇති වැඩිම වටිනාකමින් යුත් මුදල් නෝට්ටුව රු. 5,000 නෝට්ටුවයි. එබැවින් රු. 10,000 නෝට්ටුවක් ගැන පුවතක් ඉක්මනින් පැතිර යාම පුදුමයක් නොවේ. ශ්‍රී ලංකා මහ බැංකුව ඔක්තෝබර් 10 වැනි දින නව රු. 10,000 නෝට්ටුවක් හඳුන්වා දුන් බව කියැවෙන “Breaking News” ඡායාරූපයක් 2026 ඔක්තෝබර් 26 වැනි දින ෆේස්බුක් ඔස්සේ, විශේෂයෙන්ම දමිළ බසින් බහුලව බෙදාහැරිණි. එම පළ කිරීම් පහතින් දැක්වේ.

    සමාජ මාධ්‍ය පළ කිරීම් (Social Media Posts):

    නව රු. 10,000 නෝට්ටුවක් මුද්‍රණය කෙරෙන බවත්, ජවිපෙයට / ජාතික ජන බලවේගයට අලුතින් එක් වූ “සහෝදරයන්” එය රටේ නවතම ජයග්‍රහණය ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සමරන බවත් එම පළ කිරීමේ සඳහන් විය. මේ හා සමාන පළ කිරීම් එදිනම තවත් ගිණුම් රැසකින් බෙදාහැර තිබිණි.

    Facebook | Facebook | Facebook

    විමර්ශනයට ලක් කළ ප්‍රකාශය : ශ්‍රී ලංකා මහ බැංකුව සැබවින්ම නව රු. 10,000 නෝට්ටුවක් හඳුන්වා දී තිබේද යන්න.

    කරුණු විමසීම (Fact Check) :

    රු. 10,000 නෝට්ටුවක් ගැන මාධ්‍ය වාර්තාවක් හෝ මහ බැංකු නිවේදනයක් නැත

    ශ්‍රී ලංකා මහ බැංකුව රු. 10,000 නෝට්ටුවක් නිකුත් කළ බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කර තිබේදැයි අපි මුලින්ම සොයා බැලුවෙමු. එවැනි කිසිදු වාර්තාවක් හමු නොවිණි. මහ බැංකුව ද එවැනි නිවේදනයක් නිකුත් කර නොතිබිණි. මහ බැංකුවේ මාධ්‍ය නිවේදනවල හෝ නිල ෆේස්බුක් පිටුවේ නව නෝට්ටුවක් ගැන කිසිදු තොරතුරක් සඳහන් වී නැත.

    සංසරණයේ ඇති වැඩිම වටිනාකමින් යුත් නෝට්ටුව තවමත් රු. 5,000 නෝට්ටුවයි

    ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවියේ නිතර අසනු ලබන ප්‍රශ්න අංශයේ දැනට සංසරණයේ ඇති මුදල් නෝට්ටු සඳහන් කර ඇති අතර, ඒ අනුව වැඩිම වටිනාකමින් යුත් නෝට්ටුව රු. 5,000 නෝට්ටුවයි. Archived Link

    මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව, නිතර අසනු ලබන ප්‍රශ්න (ව්‍යවහාර මුදල්)

    රු. 10,000 නෝට්ටුවක් මුද්‍රණය කර නැති බව මහ බැංකුව තහවුරු කරයි

    මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විමසූ විට, ශ්‍රී ලංකාවේ රු. 10,000 නෝට්ටුවක් මුද්‍රණය කර නොමැති බවත්, මෙය ව්‍යාජ තොරතුරක් බවත් බැංකු නිලධාරීහු පැවසූහ. එවැනි නෝට්ටුවක් නිකුත් කිරීමේ සැලසුමක් දැනට නොමැති බවත්, සංසරණයේ ඇති වැඩිම වටිනාකමින් යුත් නෝට්ටුව රු. 5,000 නෝට්ටුව පමණක් බවත් ඔවුහු තහවුරු කළහ.

    ව්‍යාජ නෝට්ටුව සකසා ඇත්තේ රු. 1,000 නෝට්ටුවක් සංස්කරණය කරමිනි

    2026 ඔක්තෝබර් 10 වැනි දින නිකුත් කළ බව සඳහන් මෙම නෝට්ටුවේ ඡායාරූපය හොඳින් නිරීක්ෂණය කිරීමේදී, මුදල් අමාත්‍යවරයාගේ අත්සන ලෙස එහි ඇති අත්සන, මුදල් අමාත්‍යධුරය ද දරන ජනාධිපති අනුර කුමාර දිසානායක සාමාන්‍යයෙන් භාවිත කරන අත්සන නොවන බව පෙනේ.

    ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටුවල අනුක්‍රමික අංකයට පෙර යෙදෙන ඉංග්‍රීසි අකුර නෝට්ටුවේ වටිනාකම අනුව වෙනස් වේ. රු. 20, 50, 100, 500, 1,000 සහ 5,000 නෝට්ටු සඳහා පිළිවෙළින් W, V, U, T, S සහ R යන අකුරු භාවිත වේ. රු. 1,000 නෝට්ටු සඳහා භාවිත වන S අකුර, සමාජ මාධ්‍යයේ පැතිරෙන රු. 10,000 නෝට්ටුවේ ද දක්නට ලැබේ.

    මේ අනුව, සමාජ මාධ්‍යයේ පැතිර ගිය රු. 10,000 නෝට්ටුවේ ඡායාරූපය, දැනට සංසරණයේ ඇති රු. 1,000 නෝට්ටුවක ඡායාරූපයක් සංස්කරණය කර සකසා ඇති බව පැහැදිලි වේ. පැතිර ගිය ඡායාරූපය සහ මුල් නෝට්ටුව අතර සංසන්දනය පහතින් දැක්වේ.

    සංස්කරණය කළ (ALTERED)

    මුල් නෝට්ටුව (ORIGINAL)

    ජනාධිපති අනුර කුමාර දිසානායකගේ රුව සහිත AI රු. 10,000 නෝට්ටුවක් ද පැතිරේ

    Instagram

    ජනාධිපති අනුර කුමාර දිසානායකගේ රුව සහිතව රු. 10,000 නෝට්ටුවක් මුද්‍රණය කළ බව කියැවෙන තවත් ඡායාරූපයක් ද සමාජ මාධ්‍යයේ බෙදාහැරේ. එය මුලින්ම පැතිර ගියේ මෙම වසරේ මැයි මාසයේ පමණ ය. ව්‍යාජ රු. 10,000 නෝට්ටු පැතිර යන්නේ මෙය පළමු වතාවට ද නොවේ. 2023 නොවැම්බරයේ “නව රු. 10,000 නෝට්ටුවක්” ලෙස පැතිර ගිය ඡායාරූපය රු. 5,000 නෝට්ටුවක් සංස්කරණය කර සකසා තිබූ බව Fact Crescendo හෙළි කළේය එම වාර්තාව මෙතැනින් කියවන්න).

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රු.10,000ක මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

    මෙම නෝට්ටුවේ ශ්‍රී ලංකා මුදල් නෝට්ටුවල භාවිත නොවන අකුරු මෝස්තර, වර්ණ සහ අකුරු යොදා ඇති බව පැහැදිලිව පෙනේ. “රුපියල් දස දහසයි” යන වචන සහ සිංහ ලාංඡනය පිටුපස නොපැහැදිලිව දිස්වන “100” ඊට උදාහරණ වේ. එමෙන්ම එහි Google Gemini ජල සලකුණ (watermark) ද ඇති බැවින්, මෙය කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් නිර්මාණය කළ ඡායාරූපයක් බව පැහැදිලි ය.

    මෙයත් කියවන්න: ජනපතිගේ අත්සනින් යුත් මුද්‍රණය වූ මුදල් නෝට්ටුව කුමක්ද?

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව නව රු. 10,000 මුදල් නෝට්ටුවක් හඳුන්වා දී ඇති බවට සමාජ මාධ්‍යයේ බෙදාහැරෙන තොරතුරු අසත්‍ය වේ. පැතිර යන ඡායාරූපය රු. 1,000 නෝට්ටුවක් සංස්කරණය කර සකසා ඇති අතර, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ රුව සහිත රු. 10,000 නෝට්ටුව Google Gemini භාවිතයෙන් නිර්මාණය කළ AI ඡායාරූපයකි.

    රු. 10,000 නෝට්ටුවක් මුද්‍රණය කර නොමැති බවත්, එවැනි නෝට්ටුවක් නිකුත් කිරීමේ ක්ෂණික සැලසුමක් නොමැති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව Fact Crescendo වෙත තහවුරු කළේය. මහ බැංකුවේ නිල තොරතුරුවලට අනුව, දැනට සංසරණයේ ඇති වැඩිම වටිනාකමින් යුත් නෝට්ටුව රු. 5,000 නෝට්ටුවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2026-10-27

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.