Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් පසු ලංකාවේ එක්සත් ජනපද තානාපතිනිය නැවත කැඳවා තිබේද?

    2024-11-08
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අමෙරිකානු තානාපතිවරිය  ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ නොමග යවනසුලු කටකතා පැතිරෙනවා . ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමඟ චන්ග් ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය අවකාශයේ සාවද්‍ය ප්‍රචාරණවල

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    අමෙරිකානු තානාපතිවරිය  ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ නොමග යවනසුලු කටකතා පැතිරෙනවා . ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමඟ චන්ග් ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය අවකාශයේ සාවද්‍ය ප්‍රචාරණවල ගොදුරක් බවට පත්ව ඇත.

    සමාජ මාධ්‍ය පළ කිරීම්

    පසුගියදා පැවති ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවෙමින් පවතිනවා. ප්‍රකාශය යෝජනා කරන්නේ තානාපති චන්ග් වහාම සිය රටට ආපසු කැදවීමට ඇමරිකානු බලධාරීන් තීරණය කර ඇති බවක් .

    X|Archived  

    අපි මේ ගැන කරුණු පරීක්‍ෂාවක් කරන්න තීරණය කළා.

    Fact Check (කරුණු පරීක්ෂා කිරීම)

    පළමුව, අපි එවැනි වාර්තාවක් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල පළව ඇතිදැයි  පරීක්ෂා කළ නමුත් අපට කිසිවක් සොයාගත නොහැකි විය.

    තානාපති චන්ග් ගේ වත්මන් තත්ත්වය: එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙක්  පැවසුවේ  ජුලී චුන්ග් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනිය  ලෙස තවදුරටත් සිටින බවත් ඇයව නැවත කැඳවා නොමැති බවත්ය 

    එක්සත් ජනපද තානාපතිවරුන්ගේ ධුර කාලය: එක්සත් ජනපද තානාපතිවරුන් සාමාන්‍යයෙන් වසර තුනක පමණ කාලයක් සේවය කරයි. මෙය ඒ මොහොතේ බලයේ සිටින  එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි වෙනස් විය හැක . තානාපති ච ධුරයෙන් සමුගන්නා  දිනය නිශ්චිතව සඳහන් කර නැති අතර , ඇයගේ ධුර කාලය මෙතෙක් අවසන් වී නැත.පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයෙන් පසු ධුරයෙන් ඉවත්ව යන ලෙසක් ඇයට පවසා නොමැත .

    අතුල් කේෂාප්, ඇලිනා ටෙප්ලිට්ස් වැනි හිටපු තානාපතිවරුන් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිවරුන් ලෙස වසර තුනක කාලයක් සේවය කර ඇත. වැඩි විස්තර කියවිය හැකිය.මෙතනින්  

    ජනාධිපති ජෝ බයිඩෙන් විසින් නම් කරන ලද සහ එක්සත් ජනපද සෙනෙට් සභාව විසින් තහවුරු කරන ලද, තානාපති ජුලී චන්ග්  2022 පෙබරවාරි මාසයේ සිට ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිවරිය  ලෙස කටයුතු කරයි. වැඩි විස්තර කියවිය හැක මෙතනින්  

    ඉදිරියේදී නව තානාපතිවරයෙකු නම් කිරීම: ශ්‍රී ලංකාවේ මීළඟ එක්සත් ජනපද තානාපතිවරයා ලෙස Elizabeth K. Horst නම් කිරීමට ඇමරිකානු  ජනාධිපති Biden පසුගිය පෙබරවාරියේදී  නිවේදනය කළේය. මෙම නාමයෝජනා ක්‍රියාවලියට විදේශ සබඳතා පිළිබඳ සෙනෙට් කමිටුව ඉදිරියේ අධ්‍යනයක් , පසුව කමිටු ඡන්දයක් සහ සම්පූර්ණ සෙනෙට් සභාව විසින් අනුමත  කිරීමක් ඇතුළත් වේ. තානාපති කාර්යාල ප්‍රකාශක පැවසුවේ මෙම ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවෙමින් පවතින අතර තවමත් අවසන් කර නොමැති බවයි. ඒ ගැන වැඩි විස්තර සොයා ගත හැක මෙතනින්  

    මැතිවරණ ප්‍රතිඵලවල බලපෑම : පරිපාලන වෙනස්කම් සමඟ තානාපති තනතුරුවල වෙනස්කම් සිදු විය හැකි බව සැලකිල්ලට ගැනීම වැදගත්ය, නමුත් එවැනි ඕනෑම සංක්‍රාන්ති ක්‍රියාවලියක් සහ එහි  කාලරාමුව කළමනාකරණය කරනු ලබන්නේ ධවල මන්දිරය සහ සෙනෙට් සභාව විසිනි. මේ වන විට, එක්සත් ජනපද මැතිවරණ ප්‍රතිඵලවලින් පසු  තානාපතිනී  චන්ග්ට  වහාම ඉවත්ව යන ලෙසට  ධවල මන්දිරයෙන් හෝ එක්සත් ජනපද සෙනෙට් සභාවෙන් කිසිදු නියෝගයක් ලැබී නැත. රිපබ්ලිකන් පක්ෂයට බහුතරය ඇති නව  සෙනෙට් සභාව කවදා නව තානාපතිවරුන්ගේ නම් නිර්දේශ කරයිද යන්න පිළිබඳ අවිනිශ්චිතතාවය සැලකිල්ලට ගත් විට  වත්මන් තානාපතිවරිය  දිගු කාලයක් එම තනතුරේ රැඳී සිටිය හැකි බව උපකල්පනය කල හැක .

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    නිගමනය (Conclusion) 

    මෑත කාලීන එක්සත් ජනපද මැතිවරණ ප්‍රතිඵලය සහ නව ජනාධිපතිවරයෙක් පත්වීම  හේතුවෙන් තානාපතිනි ජූලි චන්ග් සිය ධුරයෙන් ඉවත් වන බවට සමාජ ජාලාවල පැතිරෙන ප්‍රචාරය අසත්‍යයකි. තානාපතිනි  චන්ග් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිවරිය ලෙස ඇයගේ භූමිකාවේ තවදුරටත් රැඳී සිටී 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-11-08

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.