Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    සපුගස්කන්ද ප්‍රදේශයේ වාහන අංක තහඩු පැහැරගැනීමක් සිදුවනවා ද?

    2025-01-08
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    විවිධ ආකාරයේ මංකොල්ලකෑම්, වංචාවන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ තොරතුරු නිරන්තරයෙන් හුවමාරුවනවා.කෙසේ වෙතත්, ඒවායින් සමහර සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය සහ නොමඟ යවන සුළුය. මේ එවැනි පළ කිරීම් කිහිපයක් පිළිබඳව අපගේ විමර්ශනයයි. සමාජ මාධ්‍ය පළ කිරීම් වාහන අංක තහඩු පැහැර

    විවිධ ආකාරයේ මංකොල්ලකෑම්, වංචාවන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ තොරතුරු නිරන්තරයෙන් හුවමාරුවනවා.කෙසේ වෙතත්, ඒවායින් සමහර සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය සහ නොමඟ යවන සුළුය. මේ එවැනි පළ කිරීම් කිහිපයක් පිළිබඳව අපගේ විමර්ශනයයි.

    සමාජ මාධ්‍ය පළ කිරීම්

    වාහන අංක තහඩු පැහැර ගැනීම් සහ ඒ ආශ්‍රිත මංකොල්ලකෑම් මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුවෙමින් පවතින බව සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ මේ දිනවල හුවමාරුවනවා අපිට දකින්න ලැබුණා. මෙම සමාජ මාධ්‍ය සටහනේ වාහන අංක තහඩු පැහැර ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් ඇතුළත්වන අතර එවැනි සිදුවීමක් පසුගියදා සපුගස්කන්ද ප්‍රදේශයෙන් වාර්තා වූ බව ද සඳහන් කර තිබෙනවා. 

    මෙය ඉංග්‍රීසි භාෂාවෙන් පළ කර තිබූ සටහනක් වන අතර එය සිංහලෙන් මෙසේ ය.

    “නව අංක තහඩු පැහැර ගැනීමේ ප්‍රවණතාවක් තිබේ.  Hi-jackers ඔබ වාහන නැවැත්වීමේ ස්ථානය ලුහුබඳිනු ලබයි. ඔබ ඔබේ වාහනයෙන් බැස ගිය පසු, ඔවුන් ඔබේ අංක තහඩුව ගලවා බලා සිටියි.  ඔබ ආපසු පැමිණ රිය අධිවේගී මාර්ගය පදවන විට, ඔවුන් ඔබ පසුපස එයි.  එවිට ඔවුන් ඔබව අභිබවා යන අතර, ඔබේ අංක තහඩුව ඔවුන් අහුලාගත්තා  මෙන් ඔවුන්ගේ ජනේලයෙන් පිටත ප්‍රදර්ශනය කරමින් ඔවුන්ට එය ඔබට නැවත ලබා දීමට අවශ්‍ය වේ.

    ඔබ ඔබේ අංක තහඩුව නැවත ලබා ගැනීමට නතර වූ විට, තුවක්කු එළියට පැමිණ ඔවුන් මෝටර් රථය රැගෙන යයි.  සමහර විට ඔබ සහ ඔබේ මෝටර් රථය රැගෙන යයි.  එය ඉතා හොඳින් පෙරහුරු කරන ලද සහ සංවිධානාත්මක සැලැස්මක් වන අතර සෑම දෙයක්ම ඉතා ඉක්මනින් සිදු වේ.  ඔබ විසින්ම මෝටර් රථය නැවැත්වීම නිසා සිදුවන්නේ කුමක්ද යන්න වෙනත් මෝටර් රථ හිමියන් නොදැන සිටිය හැකිය.  කරුණාකර මෙම අනතුර ගැන අන් අය දැනුවත් කරන්න.  මේ නිව්ස් එක තියාගන්න එපා.  එය පතුරවන්න.  

    මෙය මීට දින කිහිපයකට පෙර සිදුවූයේ සපුගස්කන්ද පොලිස් බල ප්‍රදේශයේදීය.”

    එම සමාජ මාධ්‍ය සටහන මෙසේ ය.

    Fb|Archive

    මෙලෙස වාහන අංක තහඩු පැහැර ගැනීමක් හෝ වානන පැහැර ගැනීමක් මේ දිනවල ලංකාවේ සිදුවනවා ද යන්න අප විමසා බැලීමක් කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    පළමුව අප ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කිරීම් පරීක්ෂා කරනු ලැබුවා. නමුත් ශ්‍රී ලංකාවේ මෑතකදී ,එවැනි වාහන හෝ අංක තහඩු පැහැර ගැනීමේ සිදුවීමක් කිසිඳු ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් ඔස්සේ වාර්තා කිරීමක් සිදුකර තිබුණේ නෑ.

    ඉන්පසුව අප පොලිස් මාධ්‍ය අංශය සම්බන්ධ කර ගත් අතර පොලිස් මාධ්‍ය කොට්ඨාසය අප වෙත තහවුරු කළේ එවැනි කිසිඳු අංක තහඩු පැහැර ගැනීමේ සිදුවීමක් සම්බන්ධව පැමිණිලි ලැබී නොමැති බවයි. 

    අනතුරුව සපුගස්කන්ද පොලිසියද අප සම්බන්ධ කර ගත් අතර, සපුගස්කන්ද ප්‍රදේශයේ හෝ ඒ ආශ්‍රිතව එවැනි කිසිඳු සිදුවීමක් සම්බන්ධයෙන් වාර්තා නොවූ බව සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා තහවුරු කළා.

    මෙම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවන මෙම සාවද්‍ය තොරතුරු හේතුවෙන් සපුගස්කන්ද ප්‍රදේශයේ මෙවැනි අපරාධ ප්‍රවණතා සිදුවේදැයි විමසමින් සපුගස්කන්ද පොලිස් ස්ථානයට දුරකථන ඇමතුම් රැසක් ලැබී ඇති බව සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

    ඒ අනුව මෙම සමාජ මාධ්‍ය සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍ය වන බවත් ඒ පිළිබඳව අනවශ්‍ය බියක් ඇතිකර ගැනීම අවශ්‍ය නොවන බවත් ඔබට පැහැදිලි ඇති.

    සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සටහනම මීට පෙර වසර වලදී ද සංසරණය වී ඇති ආකාරය ද අපට නිරීක්ෂණය වුණා.

    Fb|Archive

    ඒ අනුව මෙය කාලයෙන් කාලයට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක් බව පැහැදිලිවනවා. කෙසේ වෙතත් මෙවැනි අසත්‍ය නොමඟයවන සුළු සටහන් නිසා අනවශ්‍ය බියක් ඇති කරගැනීම අවශ්‍ය නොවන බව ඔබට කිව යුතු ය.

    වාහන අංක තහඩු පැහැර ගැනීම

    වාහන අංක තහඩු කාර් පැහැර ගැනීමේ අනතුරු ඇඟවීම ආරම්භ වූයේ දකුණු අප්‍රිකාවෙනි. දකුණු අප්‍රිකාවේ කාර් කොල්ලය හඳුන්වන්නේ “hi-jacking” ලෙස වන අතර, එම අපරාධ 2008 සහ 2009 අතර අපරාධ 15,000කට ආසන්න උච්චස්ථානයකට පැමිණ තිබෙනවා. එම තත්වය දකුණු අප්‍රිකාවට පැමිණෙන සංචාරකයින්ට අඛණ්ඩ අවදානමක් ලෙස ද එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ඔවුන්ගේ වෙබ් අඩවියේ 2016 සංචාරක තොරතුරු අතර ලැයිස්තුගත කිරීමක් ද සිදුකර තිබෙනවා. දකුණු අප්‍රිකාවේ පැරණි සංඛ්‍යාලේඛනවලට අනුව වසරකට සාමාන්‍යයෙන් මෝටර් රථ කොල්ලකෑම් 38,000 ක් පමණ වාර්තා වී තිබෙනවා.

    එක්සත් ජනපදයේ වාහන කොල්ල කෑම්වලට වඩා දකුණු අප්‍රිකාවේ මෙම තත්වය වැඩි බව වාර්තා වී ඇත. මේ පිළිබඳ   වැඩි විස්තර මෙතැනින් කියවිය හැකිය. 

    Read also : Viral Story About Number Plate Highjacking Story in Sapugaskanda Area is False 

    අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සපුගස්කන්ද පොලිස් බල ප්‍රදේශයේ අංක තහඩු සොරකම් කරමින් වාහන මංකෝලල කන බවට පැතිරෙන පුවතේ සත්‍යතාවයක් නොමැති බවයි. මෙතෙක් එවැනි පැමිණිලි හෝ සිදුවීම් වාර්තා වී නොමැති බව ට සපුගස්කන්ද පොලිස් අපරාධ අංශය මෙන් ම, ශ්‍රී ලංකා පොලිස් මාධ්‍ය කොට්ඨාශය ද තහවුරු කළා.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PL

    Piumika Lakshani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2025-01-08

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.