Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ජනවාරි පළමු වන දා ජනාධිපති මාතලේ ජනතාව හමුවූ අවස්ථාවක් ලෙස හිරු යූ ටියුබ් නාලිකාව මගින් පළ කර තිබුණේ මෑතකදී ලබා ගත් වීඩියෝවක්ද?

    2022-01-05
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ඇතැම් ප්‍රධාන මාධ්‍යධාරා ඔස්සේ හෝ ඔවුන්ට අයත් සමාජ මාධ්‍ය ජාලා ගිණුම් ඔස්සේ පළ කරන ලද ඇතැම් ඡායාරූප, සටහන්, වීඩියෝ ඔස්සේ ද අසත්‍ය කරුණු සහ ජනතාව නොමග යවන සුළු කරුණු අඩංගු වේ. එවන් ජනතාව නොමග යවන සුළු ආකාරයේ වීඩියෝවක් සමාජ මාධ්‍යට එක් කිරීම හේතුවෙන් එහි නි

    ඇතැම් ප්‍රධාන මාධ්‍යධාරා ඔස්සේ හෝ ඔවුන්ට අයත් සමාජ මාධ්‍ය ජාලා ගිණුම් ඔස්සේ පළ කරන ලද ඇතැම් ඡායාරූප, සටහන්, වීඩියෝ ඔස්සේ ද අසත්‍ය කරුණු සහ ජනතාව නොමග යවන සුළු කරුණු අඩංගු වේ. එවන් ජනතාව නොමග යවන සුළු ආකාරයේ වීඩියෝවක් සමාජ මාධ්‍යට එක් කිරීම හේතුවෙන් එහි නිරවද්‍ය කරුණු සොයා අප විමර්ශනයක් ආරම්භ කළේ මෙලෙසින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “ආයුබෝවන් !! 2022,අම්මෝ සර්ට ඒ… #හූව” යනුවෙන් සටහන් කරමින් පසුගිය ජනවාරි මස 1 වන දා සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වුණා.

    Facebook | Archived Link

    එම වීඩියෝවේ සඳහන් කර තිබුණේ, “ජනපති මාතලේට, ඩල්ජිත්ට ජනතා විරෝධය” යනුවෙනි. 

    හිරු නාලිකාවේ Hiru News යූ ටියුබ් නාලිකාව මගින් 2022 පසුගිය ජනවාරි 1 වන දා එම වීඩියෝව එක් කර තිබුණේ මේ අයුරින්.

    Archived Link

    මෙම වීඩියෝවට ජනතාව ප්‍රතිචාර දක්වා ඇත්තේ මේ අයුරිනි.

    ඉහත වීඩියෝව ෆේස්බුක් පරිශීලකයින් අතර සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    මෑතකදී වූ සිදුවීමක් ලෙස පළ කර තිබූ මෙම විඩියෝවේ දැක්වෙන්නේ පසුගිය ජනවාරි 1 වන දා වූ සිදුවීමක්ද යන්න අප විමර්ශනය කිරීමට පියවර ගනු ලැබුවා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    2022 ජනවාරි මස 1 වන දා ප්‍රධාන මාධ්‍ය ධාරා ප්‍රධාන පුවත් විකාශයන් නිරීක්ෂණයේදී ඉහත වීඩියෝව ඇතුළත් පුවතක් වාර්තා නොවූ අපට දැකගන්නට ලැබුණා. 

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය ඇතුළු පිරිස නව වසර සඳහා ආශිර්වාදය ලබා ගැනීම සඳහා එදින කතරගම පුද බිමට පැමිණි බවටයි ප්‍රවෘත්ති විකාශයන්හි වාර්තා කර තිබුණේ, ඒ බවට මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.  

    එමෙන්ම හිරු රාත්‍රී ප්‍රධාන පුවත් විකාශයන් දෙකේදී ද ඉහත වීඩියෝව විකාශය කර නොතිබුණු අතර ජනපති කතරගම පුද බිම වැඳ පුදා ගත් අවස්ථාව වාර්තා කර තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.

    සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම Hiru News යූ ටියුබ් නාලිකාව මගින් 2022 පසුගිය ජනවාරි 1 වන දා එක් කළ තිබූ එම වීඩියෝව 2020 වර්ෂයේ ජූලි 10 වන දා පළ වූ පුවතකි. එම වීඩියෝව පහතින්.

    Archived Link

    එදින හිරු පුවත් විකාශයේද එම පුවත පළ වී තිබුණේ මෙලෙසින්.

    එම වීඩියෝව Ada Derana යූ ටියුබ් නාලිකාවේ 2020 වර්ෂයේ ජූලි 10 වන දා පළ කර තිබුණේ මෙලෙසින්.

    2022 වර්ෂයේ එම වීඩියෝව පළ කර තිබීම මගින් ජනතාව නොමග ගොස් තිබුණේ, එම සිදුවීම 2022 වර්ෂයේ ජනවාරි පළ වන දා වූ සිදුවීමක් ලෙසයි. 

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනය අනුව පෙන්වා දිය හැක්කේ, Hiru News යූටියුබ් නාලිකාව මගින් 2022 වර්ෂයේ ජනවාරි පළමු දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාතලේ වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවේ ජනතාව පිළිගත් ආකාරය බවට දැක්වීමට යොදාගෙන තිබුණේ 2020 වර්ෂයේ ජූලි 10 වන දා වූ සිදුවීමක පැරණි වීඩියෝවකි. මේ හේතුවෙන් මෑතක වූ සිදුවීමක් ලෙස ජනතාව නොමග ගොස් තිබුණා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-01-05

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.