Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    Fact Check: දන්තාලේපන වල අමුද්‍රව්‍ය පිළිබඳ එහි බහාළුමේ දක්වා ඇති වර්ණ කේත මගින් දැක්වෙනවාද?

    2021-03-17
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. වෙනත් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම සඳහා නීති සම්පාදනය කර ඇති අතර පාරිභෝගික අධිකාරිය පිහිටුවා ඇත්තේ පාරිභෝගිකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම හා සාධාරණ වෙළඳපොළ තරඟකාරීත්

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න.

    වෙනත් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම සඳහා නීති සම්පාදනය කර ඇති අතර පාරිභෝගික අධිකාරිය පිහිටුවා ඇත්තේ පාරිභෝගිකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම හා සාධාරණ වෙළඳපොළ තරඟකාරීත්වය ඇතිකිරීමේ අරමුණින්. පාරිභෝගිකයින් ප්‍රධාන වශයෙන් භාණ්ඩයක් මිලදී ගැනීමේදී සැලකිලිමිත් විය යුතු කරුණු ලෙස භාණ්ඩවල දැවටුමේ, ඇසුරුමේ, බහාළුමේ හෝ එතුමේ උපරිම සිල්ලර මිල, කාණ්ඩ අංක, නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය, බර හෝ පරිමාව යනාදිය දැක්විය හැක. එසේම ආහාර ඇසුරුම්වල අමුද්‍රව්‍ය ප්‍රදර්ශනය කෙරෙන අතර බීම ඇසුරුම් කිරීමේදී සීනි අන්තර්ගතය යනාදිය ප්‍රදර්ශනය කිරීම සඳහා ඇතැම් වර්ණ පටිපාටි ද හඳුන්වා දී තිබෙනවා. ඒ පිළිබඳව වාර්තාවක් මෙතනින්

    පාරිභෝගියන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙවන් ආයතන සහ විධික්‍රම තිබියදීත් ජනතාව නොමග යවන සුළු ආකාරයෙන් අසත්‍ය පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා. පසුගිය දා හුවමාරු වී තිබු එවන් සටහනකින් දක්වා තිබුනේ දන්තාලේප බහාළුමේ දක්වා ඇති වර්ණ කේත වලින් දැක්වෙන්නේ දන්තාලේපයේ අමුද්‍රව්‍ය ස්වභාවික ද රසායනික ද යන්න දැක්වෙන බවයි. 

    කෙසේනමුත් අපගේ කරුණු විමර්ෂණයෙන් පැහැදිලි වුනේ දන්තාලේප නිෂ්පාදනයේ දී වර්ණ කේතක හාවිතය මඟින් නිසි පරිදි මුද්‍රා තැබීම්, කැපීම් ඇතුළු කටයුතු සිදුකිරීමට උපකාරී වන නමුත් කිසිවිටෙකත් එහි අන්තර්ගත අමුද්‍රව්‍ය පිලිබඳ නිරනායකයක් නොවන බවයි.

    සමාජ මාධ්‍ය සටහන්:

    “දන්තාලේප භාවිතා කරන ඔබ මේ පිලිබඳ සැලකිලිමත් ද ” යන තේමාවෙන් හුවමාරු වී තිබු සටහනකින් පෙන්වා දී තිබුනේ අප මිලදී ගන්නා දන්තාලේපවල දැක්වෙන වර්ණ කේතයන්හි තේරුම පිළිබඳව දැනුවත්ද යන්නයි. එක් එක් වර්ණ කේත වලින් දැක්වෙන අමුද්‍රව්‍ය පිලිබඳ තොරතුරු බවත් එම සටහනේ පහත පරිදි දක්වා තිබුණා.

    කොළ – ස්වාභාවික

    නිල් – ස්වාභාවික + ඖෂධීය ගුණ සහිත

    රතු – ස්වාභාවික + රසායනික ද්‍රව්‍ය අඩංගු

    කළු – සම්පූර්ණයෙන්ම රසායනික ද්‍රව්‍ය අඩංගු

    එම සටහන පහතින්

    Facebook | Archived Facebook

    මෙම සටහන් රැසක් අපට පහත පරිදි දැක ගන්නට ද ලැබුණා

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    ඉහත සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය වීම සඳහා මුල් වී තිබුණේ කාලයක් පුරා ලොව විවිධ ප්‍රදේශවල එම කරුණු ඇතුළත් කරගනිමින් හුවමාරු වූ සටහන් බවයි.

    ලොව පුරා විශාල වශයෙන් හුවමාරු වී තිබු මෙම දුර්මතය පිළිබඳව ප්‍රකට දන්තාලේප සමාගමක් වන  කොල්ගේට් සමගම විසින් සිය නිල වෙබ් අඩවියේ පැහැදිලි කිරීමක් ලබාදෙමින් කියා සිටින්නේ වර්ණ කේතක හාවිතය මඟින් දන්තාලේප නිෂ්පාදනයේදී නිසි පරිදි මුද්‍රා තැබීම්, කැපීම් ඇතුළු කටයුතු සිදුකල හැකි බවයි. එම කරුණු පැහැදිලි කිරීම පහතින්.

    D:\AAA -Fact Checking\Completed\AAA-Publish\Sinhala\2021\Color Codes Toothpaste\image4.png

    colgate.com | Archived link 

    දන්තාලේප බහාළුම් වල ඇති ඇති වර්ණ කේතය හා දන්තාලේප අන්තර්ගතය සමඟ කිසිදු සම්බන්ධයක් නැති බව මේ සම්බන්ධයෙන් පළවී තිබෙන සෑම වර්තවකවම වාගේ ද පෙන්වා දෙනවා. ඒවා නිෂ්පාදන ක්‍රියාවලියට උපකාර වන  “අක්ෂි සලකුණු” හෝ “වර්ණ සලකුණු” ලෙස ඒ සෑම වාර්තාවකම වාගේ සඳහන් වෙනවා. 

    consolidatedlabel.com| Archived link 

    දන්තාලේපන නිෂ්පාදන ක්‍රියාවලියේදී මෙසේ වර්ණ සලකුණු යොදාගන්නා ආකාරය පිලිබඳ වීඩියෝවක් පහතින්.

    ආලෝක කදම්බ සංවේදක මඟින් හඳුනාගත හැකි, අධිවේගයෙන් ක්‍රියාකරන යන්ත්‍රෝපකරණ හරහා නිෂ්පාදන ඇසුරුම් කපා හෝ නැමිය යුතු ස්ථානය හඳුනා ගැනීමට මෙම කේත උපයෝගී වන බව මේ අනුව පෙනී යනවා.

    එසේම අක්ෂි සලකුණු ලෙස ගනු ලබන වර්ණ කේත ඉහත සඳහන් කළ වර්ණ වලට පමණක් සීමා නොවන අතර  විවිධ වර්ණකේත හුදෙක් විවිධ වර්ගයේ ඇසුරුම් හෝ විවිධ වර්ගයේ ආලෝක සංවේදක සංකේතවත් කරයි. 

    ඔබට දන්තාලේපයක අන්තර්ගතය දැන ගැනීමට අවශ්‍ය නම් බහාලුමේ හෝ ඇසුරුමේ ඒ පිළිබඳව සඳහන් කර ඇති බවත් එය දන්තාලේපයේ අඩංගු දෑ පිලිබඳ අදහසක් ලබාගැනීමට ඇති හොඳම ක්‍රමය බවත් සඳහන්.

    Healthline

    ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරිය විසින් ද දන්තාලේප සඳහා SLS 275 තත්ව සහතිකය ද දන්තාලෙප නිෂ්පාදනය සඳහා SLS 1316 තත්ව සහතික ය ද පිරිනමනවා.   SLS 275-තත්ව යටතේ ඇසුරුමේ අඩංගු කරුණු පිළිබඳව පෙන්වා තිබෙන අතර එහි කිසිඳු ස්ථානයක වර්ණ කේතක යෙදීමේ අවශ්‍යතාවක් පිලිබඳ සඳහන් වන්නේ ද නැහැ.

    ලොවපුරා විමර්ශන කණ්ඩායම් ද කරුණු දැක්වීම් රැසක් සිදු කර තිබෙන බව අපට දැකගන්නට ලැබුණා Snopes | Lead Stories

    ස්නෝප්ස් වෙබ් අඩවිය සඳහන් කරන්නේ දන්තාලේපවල අඩංගු අමුද්‍රව්‍ය ස්වාභාවික ද, රසායනික ද නැත්නම්  ඖෂධීය ගුණයෙන් පමණක් ඇත්දැයි බැලීම ප්‍රායෝගීක නොවන බවයි ඔවුන් දක්වන්නේ, ස්වාභාවික නිෂ්පාදනයන් වල පවා රසායන හා ඖෂධ සමන්විත වන බැවින් මේ පිළිබඳව නියමයක් දැක්විය නොහැකි බවයි.

    මේ පිලිබඳ Factcrescendo Sri Lanka දමිළ කණ්ඩායම විසින් ද කරුණු අනාවරණයක් සිදුකර තිබුණා. එම කරුණු අනාවරණය මෙතනින් 

    Conclusion (අවසාන නිගමනය)

    මේ අනුව අපගේ කරුණු විමර්ෂණයෙන් පැහැදිලි වන්නේ දන්තාලේප බහලුමේ දක්වා ඇති වර්ණ කේත මඟින් එහි අඩංගු අමුද්‍රව්‍ය පිළිබඳව හෝ එහි ස්වභාවය පිලිබඳ අදහසක් ලබාගත නොහැකි බවයි. ඒ සඳහා වඩාත් ම සුදුසු ක්‍රමය වන්නේ ඇසුරුමේ දක්වා ඇති අමුද්‍රව්‍ය පිලිබඳ විමසිලිමත් වීමයි.

    එසේම දන්තාලේප නිෂ්පාදනයේ දී ඇත්ත වශයෙන්ම වර්ණ කේතක හාවිතා වන්නේ නිසි පරිදි මුද්‍රා තැබීම්, කැපීම් ඇතුළු කටයුතු සිදුකිරීමට පමණි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2021-03-17

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.