Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: මෙම බිලිඳාට සත්‍ය වශයෙන්ම පිළිකාවක්ද? WhatsApp ඔස්සේ හුවමාරු කර ගැනීම තුළින් ආධාර ලැබෙනවාද?

    2021-05-26
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    නොයෙකුත් ලෙඩ රෝග හේතුවෙන් රෝගීවී සිටින පුද්ගලයින්ට මූල්‍ය දායකත්වය ලබා දෙන ලෙස ඉල්ලා සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වන අතර ව්‍යාජ පුවත්ද ඒ අතර වනවා. එම පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ගැනීම තුළින් මුදල් ලැබෙන බවත් එම  මුදල් රෝගීන්ට ලබා ගත හැකි බවත් සඳ

    නොයෙකුත් ලෙඩ රෝග හේතුවෙන් රෝගීවී සිටින පුද්ගලයින්ට මූල්‍ය දායකත්වය ලබා දෙන ලෙස ඉල්ලා සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වන අතර ව්‍යාජ පුවත්ද ඒ අතර වනවා. එම පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ගැනීම තුළින් මුදල් ලැබෙන බවත් එම  මුදල් රෝගීන්ට ලබා ගත හැකි බවත් සඳහන් කරමින් ඇතැම් ෆේස්බුක් පිටුවලින් තමන්ගේ පිටු වැඩි වශයෙන් ජනතාව අතරට ගෙන යාම සඳහා ව්‍යාජ පුවත් නිර්මාණය කරනු ද විටින් විට අපට දැකගන්නට පුළුවන්.

    වසර ගණනාවක් තිස්සේ මේ වන තෙක් හුවමාරු වුණ එවන් ව්‍යාජ පුවතක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “නොදැක්කා වගේ යන්න එපා දරුණු පිළිකාවක්….යන්න එපා වට්ස් ඇප් එකේ මේ ෆොටෝ එක ශෙයා කරොත් රුපියලක් මේ ළමයාගේ ජීවිතය බේරගන්න ලැබෙනවා” යනුවෙන් සඳහන් කරමින් Rata Wasiya ෆේස්බුක් පිටුවේ දක්වා තිබුණා.

    Facebook | Archived Link 

    මෙම සටහන 2018 පලවී නැවත වරක් මේ දිනවල හුවමාරු වී තිබු එම සටහන මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ පරිශීලකියින් ලක්ෂයට අධික පිරිසක් අතර හුවමාරු කර ගෙන තිබෙනවා.

    සැබවින්ම මෙම සටහනට යොදාගෙන ඇති ඡායාරූපයේ දැක්වෙන පසුබිම් කතාව, සටහනේ සඳහන්ම තොරතුරුද යන්න පිළිබඳව හා මෙහි සඳහන් පරිදි WhatsApp ඔස්සේ මෙම සටහන හුවමාරු කර ගැනීම තුළින් මුදල් ලැබෙනවාද යන්න පිළිබඳව අප කළ විමර්ශනය පහතින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප මෙම ඡායාරූපයේ පසුබිම් කතාව සෙවීම සඳහා Reverse Image සෙවුමක් සඳහා යොමු කළා. එහිදී දැක ගැනීමට ලැබුනේ 2016 වර්ෂයේ ජූනි මස ඉන්දියානු ෆේස්බුක් පිටුවල සඳහන් වූ සටහනක දක්වා ඇති ඡායාරූප පෙළකින් එක් ඡායාරූපයක් ඉහත සඳහන් කළ සටහනේ දැක්වෙන ඡායාරූපයක් බවයි. 

    මෙම සටහනේ සඳහන් කර තිබුණේ අවුරුදු 23ක ඉන්දියානු ගැබිණි මවක් දරු ප්‍රසූතියේදී වෛද්‍යවරියගේ නොසැලකිල්ල හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුවතකි. මියගිය ගැබිණි මවගේ ඡායාරූප සහ මෙරට දරුණු පිළිකාවක් බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායාරූපයද මෙම සටහනේ දක්වා තිබුණේ මෙලෙසිනි.

    Facebook | Archived Link   Facebook

    මෙරට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය හා ඉන්දියාවේ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපයේ සංසදනය පහතින්.

    එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දියාවේ NamMA TV යන වෙබ් අඩවියකද දක්වා තිබුණා. එමෙන්ම මේ සම්බන්ධයෙන් Times of India වෙබ් අඩවියේ පළ වූ පුවත් වාර්තාව මෙතනින්.

    NamMA TV | Archived Link

    එම කිසිඳු වර්තාවක කුඩා දැරිය පිළිකා රෝගයකින් පෙළන බවක් දැක්වෙන්නේ නැති බවයි. ඒ අනුව පෙන්වා දිය හැක්කේ සත්‍ය සිදුවීමේ ඡායාරූපයක් යොදාගෙන ව්‍යාජ පුවතක් නිර්මාණය කර ඇති බවටයි.

    එමෙන්ම WhatsApp ඔස්සේ රෝගීන් සඳහා ඊට අදාළ සටහන්, පණිවිඩ හුවමාරු කර ගැනීම තුළින් ඉන් යම්කිසි මුදලක් WhatsApp ආයතනය මගින් එම රෝගීන්ට ලබා දෙනවාද යන්න වෙනත් ව්‍යාජ සටහනක් ආශ්‍රයෙන් අප කළ විමර්ශනයක් මෙතනින්.

    මෙවැනි අයතා ක්‍රමයට මුදල් අය කරන ක්‍රම ඇති බවත් ඔවුන් එම කටයුතු වලට කිසිම විටෙක දායක නොවන බවත් WhatsApp ආයතනය මේ සම්බන්ධයෙන් පැහැදිලිව දක්වා තිබුණේ මෙලෙසින්. එම සටහනට අනුව ඔවුන් කිසිම විටෙක ආධාර ලබා දීම වෙනුවෙන් මේ ආකාරයේ කටයුතු වලට දායක නොවෙයි.

    https://lh6.googleusercontent.com/SAQxCmCEUxbGkIpfHcHPoc-jhatKCURtT-pcyX_ZAWDtAeTHbwhNrRAgJbVWObN2e_kJYoLdgxF6m5uA43rLAnqzJkAvY7hTezi_LIM15_2uIDH5SqDkjWyi99e_SBVIGi-YezNzYV4BE48otg

    Also Read : Hoax On WhatsApp Announcing A Covid-19 Financial Giveaway!

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනය අනුව පෙන්වා දිය හැක්කේ, මෙරට බිළිදෙකුට සෑදුණු දරුණු පිළිකාවක් බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණු පුවත අසත්‍ය වන අතර එම සටහන WhatsApp ඔස්සේ හුවමාරු කළොත් රුපියලක් අදාළ රෝගියාට ලැබෙන පුවතද අසත්‍ය හා පදනම් විරහිත බවයි.ඉහත ඡායාරූපයේ සත්‍ය පසුබිම් කතාව වන්නේ ඉන්දියාවේ ගැබිණියක් දරු ප්‍රසූතියේදී මිය යෑම හා බැඳුනු පුවතකි. එහි දැක්වුණේ එම සිද්ධියෙන් කම්පාවට පත්ව සිටි පියාගේ හා බිළිඳාගේ ඡායාරූපයක් වන අතර රෝගීවූවන්ගේ ඡායාරුප හෝ විස්තර WhatsApp ඔස්සේ හුවමාරු කිරීම මඟින් WhatsApp ආයතනය විසින් සෘජුව ආධාර ලබා දීමක් සිදුවන්නේ ද නැහැ

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-05-26

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.