Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    මෙවර පෙබරවාරි මාසයේ පරිදි නැවතත් දින සකස් වන්නේ වසර 823කට පසුව ද?

    2021-02-18
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. දින දර්ශන සම්බන්ධයෙන් විවිධාකාරයේ විස්මිත ජනක නිරීක්ෂණ පිළිබඳ සටහන්, විටින් විට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙනවා. පෙබරවාරි මාසේ තියෙන විශේෂත්වයක් ගැන සඳහන් කරමින්, වසර 823කට වරක් සිදුවන වි

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න.

    දින දර්ශන සම්බන්ධයෙන් විවිධාකාරයේ විස්මිත ජනක නිරීක්ෂණ පිළිබඳ සටහන්, විටින් විට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙනවා. පෙබරවාරි මාසේ තියෙන විශේෂත්වයක් ගැන සඳහන් කරමින්, වසර 823කට වරක් සිදුවන විශේෂ දින පෙළගැස්වීමක් මෙවර පෙබරවාරි මාසයේ දක්නට ලැබෙනවා කියන කතාවේ අත්තක් තියෙනවා ද කියල Factcrescendo විමර්ෂණයෙන් කලේ මෙලෙසින්.

    සමාජ මාධ්‍ය සටහන්:

    මේ වසරේ පෙබරවාරි මාසයේ විශේෂයක් තියෙනව කියල, ඒ කියන්නේ සඳුදාවල් 4ක් අඟහරුවාදා දවස්  4ක් බදාදාවල් 4ක් බ්‍රහස්පතින්දාවල් 4ක් සිකුරාදාවල් 4ක් සෙනසුරාදා දින 4ක් මෙන්ම ඉරිදා දින 4කුත් මේ පාර 2025 පෙබරවාරියේ තියෙනව කියලත්, මේ විදියට නැවතත් දින සැකසෙන පෙබරවාරි මාසයක් දකින්න ලැබෙන්නෙ වසර 823 කට පසුව බවත් සඳහන් කරන සටහන් පසුගිය අවුරුදු කිහිපයේ ම හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

    Archived Archived

    බොහෝ දෙනෙක් මෙම කරුණු ගැන උනන්දු වී තිබු අතර එය සත්‍ය කරුණක් ලෙස උපකල්පනය කර තිබුණා. 2022 සහ 2023 වසරවල දී ද නැවත වරක් මෙම කරුණම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා.

    2023 ජනවාරි මස මෙම කරුණ ‘දිවයින’ පුවත්පතේ පවා පළවී තිබුනේ මෙලෙසින්.

    TikTok | Archived Divaina | Archived

    මේ ගැන නැවත වරක් 2025 වසරේ පෙබරවාරි මාසය සම්බන්ධවත් හුවමාරු වී තිබුණා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    අප මේ පිලිබඳව කරුණු සොයා බැලීමට මෙම වසරේ පෙබරවාරි දින දර්ශනයේ දින කෙසේ සකස් වී දැයි සොයා බැලුවා. එම දින දර්ශනය පහත පරිදියි

    2024 අධික අවුරුද්දක් හින්ද දවස් 29ක් තිබුනට 2023, 2022, 2021 කියන හැම අවුරුද්දෙම, මේ පාර 2025 පෙබරවාරියේ වගේ සතියේ සැම දවසක්ම 4 වරක් බැගින් යෙදෙන බව පෙනී යනවා.

    ඒ කියන්නේ, දින 29ක් පවතින අධික වසරවල් හැර, අනෙකුත් සෑම වසරකම පෙබරවාරි මාසයේ දින 28ක් තිබෙනවා. එතකොට ඒ හැම පෙබරවාරි මාසෙම සතියේ දින 7 ම 4 වරක් දකින්නත් ලැබෙනවා.

    ඒ අනුව දින 29ක් පවතින අධික වසරවල් හැර අනෙකුත් සෑම අවුරුද්දක ම පෙබරවාරි මාසයේ  ඉරිදා, සදුදා ,අගහරුවාදා ,බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සහ සෙනසුරාදා වන දිනයන් දින 4 බැගින් ඇති බව පැහැදිලි වෙනවා.

    අධික අවුරුද්ද පිලිබඳ ව පැහැදිලි කිරීමක් මෙතනින්. මීළඟට අධික අවුරුද්දක් 2024 වසරේ දී දැක ගන්නට ලැබෙනවා. Archived

    ඉන්පසුව අප සමාජ මාධ්‍ය සටහන් වල දක්වා තිබු පරිදි සෙනසුරාදා දිනයකින් ආරම්භ වී දින 28 කට පසුව සිකුරාදා දිනයකින් අවසන් වන පෙබරවාරි මාසයක් මීට පෙර සහ ඉදිරියට එළැඹෙන අවස්ථාවන් පිළිබඳව ද පරීක්ෂා කළා.

    මෙහිදී අපට දැකගන්නට ලැබුණේ එයද වසර අටසිය විසි තුනකට සැරයක් සිදුවෙන සංසිද්ධියක් නොවන බවයි.

    2025 පෙබරවාරි වගේම පෙබරවාරි 1 වෙනිදා සෙනසුරාදාවක් වෙලා මේ විදියට දවස් පිහිටන ඊළඟ පෙබරවාරි මාසේ අපිට දකින්න ලැබෙන්නේ 2031 අවුරුද්දේ, ඒ කියන්නේ තව අවුරුදු 6 කින්. ඒ වගේම මේ විදියටම 2014 අවුරුද්දෙත් දවස් හැදිලා තිබුන හැටි අපිට දැක ගන්න ලැබුණා.

    ඒ අනුව අපට පැහැදිලි වන්නේ මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ විදියට සතියේ දවස් 7 ම දින 4 බැගින් යෙදෙන අවුරුද්දක් අයෙත් එන්නේ අවුරුදු 823 කට වරක් කියන සටහන් සම්පුර්ණයෙන්ම අසත්‍යක් වන බවයි.

    මේ පිලිබඳ ලොව බොහෝ ප්‍රදේශ වල ද මීට පෙර අසත්‍ය සටහන් පළවූ අතර මේ ගැන අප ඉංග්‍රීසි බසින් සිදුකළ කරුණු විමර්ෂණයක් පහතින්.

    Will the dates be adjusted again this time in February after 823 years?

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත කරුණු අනුව සලකා බලන කල පැහැදිලි වන්නේ මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ විදියට සතියේ දවස් 7 ම දින 4 බැගින් යෙදෙන අවුරුද්දක් අයෙත් එන්නේ අවුරුදු 823 කට වරක් කියන සටහන් සම්පුර්ණයෙන්ම අසත්‍යක් වන බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-02-18

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.