Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK : හුස්ම රඳවා සිටීමේ කාලය මත කොරෝනා රෝගයට ඇති අවධානම තීරණය කල හැකි බවට පළවූ නොමඟ යවන සුළු වීඩියෝවක්!

    2020-10-13
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ලංකාවේ නැවත වරක් කොරෝනා රෝගයේ අවදානම තීව්‍ර වීමත් සමඟම නිසි සෞඛ්‍යාරක්ෂණ ක්‍රම අනුගමනය කරමින් සමාජ දුරස්ත භාවය පවත්වා ගැනීමට කටයුතු කිරීමේ වැදගත්කම ගැන නිරන්තරයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් මාධ්‍ය හරහා දැනුම් දෙනු දැකගනන්ට ලැබේ. ශරීරයේ ප්‍රතිශක්තීකරනය

    ලංකාවේ නැවත වරක් කොරෝනා රෝගයේ අවදානම තීව්‍ර වීමත් සමඟම නිසි සෞඛ්‍යාරක්ෂණ ක්‍රම අනුගමනය කරමින් සමාජ දුරස්ත භාවය පවත්වා ගැනීමට කටයුතු කිරීමේ වැදගත්කම ගැන නිරන්තරයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් මාධ්‍ය හරහා දැනුම් දෙනු දැකගනන්ට ලැබේ.

    ශරීරයේ ප්‍රතිශක්තීකරනය ඉහල අයෙකුට මෙම රෝගය ඉක්මනින් සුවවීමේ ප්‍රවනතාවයක්ද දකින්නට තිබෙන බව පැවසෙනවා. එසේම පෙනහලු ඇතුළු ශ්වසන පද්ධතියට මෙම රෝගී තත්වය යටතේ වැඩි බලපෑමක් ඇතිවන බව වාර්තාවෙන පසුබිමක කොරෝනා රෝගය වැලඳීමට අඩු අවදානමක් ඔබට පවතීද යන්න පරීක්ෂා කර බැලීම සඳහා අපූරු ක්‍රමයක් මේ දිනවල ෆේස්බුක් හරහා හුවමාරු වන වීඩියෝ පටයකින්  දැක්වෙනවා. අප මේ පිළිබඳ සිදුකළ මීට මාස ගණනාවකට පෙර ඉංග්‍රීසි බසින්ද විමර්ෂණයක් මෙසේ සිදුකල අතර මේ දක්වා ද එය වලංගු බව අපගේ පහත අනාවරණයෙන් ද පැහැදිලි වේ.

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන්

    යකා නම් ෆේස්බුක් පිටුවක ඇතුළු සමාජ මාධ්‍ය ජාල සටහන් රැසක හුවමාරු වී තිබු එම වීඩියෝ සටහනේ දක්වා තිබුනේ යම් කිසි කාල ප්‍රාන්තරයක් තුල හුස්ම රඳවා තබා ගත හැකි නම් ඔබට කොරෝනා වෛරසයේ ඇති අවදානම් මට්ටම අඩු බවයි. “ඔබේ පෙනහලු පරීක්ෂා කරන්න” යන තේමාව යටතේ හුවමාරු වන එම වීඩියෝවේ රූප සටහනේ දක්වා ඇති පැරිදි “A සිට B තෙක් හුස්ම රඳවා ගත හැකි නම් ඔබ කොරෝනා වෛරසයේ අඩු අවදානමක”  යනුවෙන්ද එහි සඳහන් වී තිබුනේ පහත පරිදිය.

    FacebookArchive Link
    FacebookArchive Link

    ඉහත වීඩියෝ පටය බොහෝ පිටිස් හුවමාරු කරගෙන තිබු අතර මෙය මුලින්ම හිරු FM හරහා පළවූ වීඩියෝවක් බවද බොහෝ ය පෙන්වා දී තිබුනා. වීඩියෝ පටයේ දැක්වෙන පරිදි බොහෝ දෙනෙක් මෙම ක්‍රමය උත්සාහ කරන බවක්ද එවැනි සටහන් වලට ලැබී තිබු ප්‍රතිචාර වලින් දැකගනන්ට ලැබුණු අතර ඇත්තටම මෙම ක්‍රමය සාර්ථකද යන්න අප සොයා බැලුවා. 

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    අප පලමුවෙන්ම ගාල්ල කරාපිටිය රෝහලේ වෛද්‍ය නිලධාරියෙකුගෙන් මේ පිලිබඳව විමසීමක් කලා.එහිදී ඔහු සඳහන් කලේ අධික උණ ගතිය අඛණ්ඩ කැස්ස ගතිය වැනි පූර්ව රෝගී ලක්ශන කොරෝනා වෛරසය ආසාදිත රෝගී තත්වයක මූලික ලක්ෂණ ලෙස බොහෝදුරට දැකගනන්ට ලැබෙන බවයි. එසේම මෙම රෝගී තත්වය වැළඳුණු ඇතැම් පුද්ගලයන්ගේ හුස්ම ගැනීම අපහසුතාවයක් පෙන්නුම් කළද නමුත් නිශ්චිත කාල ප්‍රාන්තරයක් හුස්ම අල්ලාගෙන සිටීමෙන් කොරෝනා රෝගය වැළඳීමේ අවදානමක් නැති බව කිසිවිටෙකත් ප්‍රකාශ කල නොහැකි බවයි.

    COVID19 Symptoms – CDC | WHO

    කොවිඩ්19 රෝගය වැලඳුනු බොහෝ තරුණ අයට මෙසේ යම් කිසි කාලයක් හුස්ම තද කරගෙන සිටිය හැකි අතර කොරෝනා අසාදිත වී නැති ඇතැම් නිරෝගී වයස්ගත පුද්ගලයින්ටද මෙසේ යම් කිසි කාලයක් හුස්ම රඳවා ගෙන සිටිය හැකි බව ඔහු පවසා සිටියා. එබැවින් හුස්ම අල්ලාගෙන මද වේලාවක් සිටීම මත කොරෝනා රෝගය වැලඳීමට ඇති හැකියාව තීරනය කිරීම සාධනීය නොවන බවයි කරාපිටිය රෝහලේ වෛද්‍ය නිලධාරියා ප්‍රකාශ කලේ.

    ඉහත වීඩියෝව ඇති කරුණු වැරදි බවට ලොව ප්‍රකට වෙබ් අඩවි ගණනාවක්ද කරුණු දක්වා තිබෙනවා.මේ එවන් සටහන් කිහිපයක්.

    IndiaToday
    UsaToday

    පසුගිය මාර්තු මාසයේ මුලින්ම මෙම ව්‍යාජ සටහන් හුවමාරු වූ අතර ඒ සඳහා වෛද්‍යවරු දැක්වූ අදහස් කිහිපයක් පහතින්

    Tweet

    Thip.media

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ Myth-Busters කොටසේ ද මෙය කොරෝනා ආසාදනය පිලිබඳ තීරණය කිරීම සඳහා යොදාගත හැකි ක්‍රමයක් නොවන බවත් ඇතැම් අවස්තාවලදී අනතුරුදායක විය හැකි බවද වාර්තා කර තිබුනේ මෙලෙසින්

    අප වැඩි දුරටත් සොයා බැලූ විට පෙනහලු ආශ්‍රිත රෝගී තත්වයන් ඇතිවීම හේතුවෙන් පුද්ගලයන්ට මෙසේ දිගු වේලාවක් හුස්ම අල්ලා සිටීමේ අපහසුතාවන් පවතින බව පෙනී ගියා. දුහුවිලි වලට කාලයක් නිරාවරන වී සිටීම, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දුර්වලතා වැනි කරුනු ගණනාවක් මේ සඳහා මුල්විය හැකි බවද දැකගනන්ට පුළුවන්. Link

    Update : “කොරෝනා හැදිලද ගෙදරදිම බලා ගන්න . හුස්ම ගැනිම පරික්ෂා කර ගන්න” යන තේමාවෙන් ⁣විශේෂඥ ශල්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මෑතකදී අදහස් දැක්වීමදී පවසා සිටියේද හුස්ම රඳවා ගෙන සිටීමේ කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බවත් යම්කිසි අයෙකුට හුස්ම රඳවා ගෙන ශබ්ද නඟා ගණන් කළ හැකි වාර ගණන සාමාන්‍යයෙන් 40-50 වැනි වාර ගණනක් විය හැකි බවයි. මෙම වාර ගණන පසුව වාර 10ක් වැනි අඩු අගයකට අඩුවේ නම් එය කොවිඩ් පිලිබඳ වැදගත් ලක්ෂණයක් විය හැකි බවයි. එසේම එසේ වාර 40-50ක් පමණ ගණන් කර මඳක් ඇවිද එමෙන් පසුව නැවත වරක් එසේ ගණන් කිරීමට අපහසු නම් එය ද අවදානම් තත්වයක් බවයි. එම වීඩියෝව මෙතනින් (මෙම කොටස පසුව යාවත්කාලීන කරන ලදී)

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත කරුනු අනුව සලකා බලන කල ෆේබුක් හි හුවමාරු වන පරිදි පෙනහලු පරීක්ෂා කිරීම සඳහා නිශ්චිත කාලයක් හුස්ම අල්ල සිටීම මඟින් පමණක් කොරෝනා රෝගයට ගොදුරු වීමට ඇති අවදානම් තත්වය නිශ්චිතවම සොයා ගැනීමට ක්‍රමවේදයක් නොමැති බව පෙනී යනවා.

    කෙසේවෙතත් නිරෝගී නව කොවිඩ් ප්‍රභේද හමුවේ තරුණ පිරිස් ද කොවිඩ් රෝගය සඳහා ගොදුරු වීමේ අවදානමක් පවතින බැවින් කලින් වැඩි වාර ගණනක් හුස්ම් ගැනීමට හැකිව තිබු අයෙකුට දැන් එසේ කිරීමට නොහැකිව ගණන් කල හැක්කේ වාර 10 ක් පමණ කාලයක් නම් එය කොවිඩ් පිලිබඳ වැදගත් රෝග ලක්ෂණයක් විය හැකි බව විශේෂඥ ශල්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසා සිටිනවා.

    කෙසේනමුත් වයස්ගත සහ ඇතැම් රෝගී තත්වයන්ගෙන් පෙළෙන අයට තත්පර 10ක් හුස්ම රඳවා ගත නොහැකි අවස්ථා කොවිඩ් රෝගය වැළඳීමකින් තොරව ද තිබිය හැක.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:හුස්ම රඳවා සිටීමේ කාලය මත කොරෝනා රෝගයට ඇති අවධානම තීරණය කල හැකි බවට පළවූ අසත්‍ය වීඩියෝවක්!

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-10-13

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.