Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    නිදහස් දින උත්සවයේ දී අනපේක්ෂිත ගොඩබෑමකට ලක්වූ උගන්ඩානු පැරෂුට් භටයන් ? (VIDEO)

    2022-10-22
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. උගන්ඩාව , යනු අප්‍රිකා මහාද්වීපයේ පිහිටා ඇති සංවර්ධනය වෙමින් පවතින රටක්. උගන්ඩාව සහ ශ්‍රී ලංකාව අතර ඉතිහාසගත සම්බන්ධතා එතරම් නැතත් පසුගිය කාල වකවානුව පුරාම ඇතැම් දේශපාලන නායකයින් සම්බන්ධ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න.

    උගන්ඩාව , යනු අප්‍රිකා මහාද්වීපයේ පිහිටා ඇති සංවර්ධනය වෙමින් පවතින රටක්. උගන්ඩාව සහ ශ්‍රී ලංකාව අතර ඉතිහාසගත සම්බන්ධතා එතරම් නැතත් පසුගිය කාල වකවානුව පුරාම ඇතැම් දේශපාලන නායකයින් සම්බන්ධ කරමින් උගන්ඩාව පිලිබදව ශ්‍රී ලාංකික ජනතාව අතර විශාල වශයෙන් කතාබහට ලක්වුණා. 

    මේ අතර පසුගිය දා ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝ දර්ශන පෙළකින් දැක්වුණේ උගන්ඩාවේ නිදහස් දින උළෙලේදී ,එයට සම්බන්ධවූ පැරිශුට් සෙබළුන්ට අනපේක්ෂිත ගොඩබැසීම්වලට ලක්වීමට සිදුවූ බවක් .මේ, ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක්.

    සමාජ ජාලා සටහන්

    උගන්ඩානු පැරෂුට් භටයන්ට, එරට නිදහස් දින උත්සවයේදී අනපේක්ෂිත ගොඩබැසීම්වලට ලක්වීමට සිදුවූ බවට හගවමින් වීඩියෝවක් සමාජ ජාලාවල සංසරණය වන්නේ මේ ආකාරයෙන්.

    Facebook | Facebook

    ඒ සම්බන්ධයෙන් දක්වා තිබූ අදහස් කිහිපයක් පහතින්.

    මෙම වීඩියෝව TikTok ඔස්සේ ද හුවමාරු වූ අවස්ථාවක් මෙතනින් | Archived

    Fact Check

    Invid- We Verify තාක්ෂණය ඔස්සේ අප මෙම වීඩියෝවේ කොටස් කුඩා රාමුවලට වෙන්කර මෙහි විස්තර පිලිබදව අන්තර්ජාලය ඔස්සේ සොයා බැලුවා. එහිදී අපට දක්නට ලැබුණේ මෙහි දක්නට ඇති ක්‍රීඩාංගනය , අප්‍රිකානු රටක් වන උගන්ඩාවේ පිහිටා ඇති එකක් නොව මධ්‍යම ඇමෙරිකානු රාජ්‍යයක් වන හොන්ඩුරාස් රාජ්‍යයේ පිහිටා තිබෙන වන බවයි. ඒ අවස්ථාව දැක්වෙන වීඩියෝවක් මෙතනින්. ස්පාඤ්ඤ CNN පුවත් සේවය එම පුවත වාර්තා කර තිබුනේ මෙලෙසින්. Google Map හරහා මෙම සිදුවීමට සම්බන්ධ ක්‍රීඩාංගණයේ සේයාරුවක් මෙතනින්. Archived

    හොන්ඩුරාස් නිදහස් දිනයේ සිදුවීමක්!

    මේ සම්බන්ධව බ්‍රිතාන්‍ය Daily Mail පුවත්පතේ පළව තිබු දීර්ඝ විස්තරයක් අපට දැකගන්නට ලැබුණා. මේ වසරේ  සැප්තැම්බර් මස 15 වන දින පැවති හොන්ඩුරාස් නිදහස් දින උළෙලේදී අඩි 6500 පමණ උසක සිට බිමට පනින ලද හොන්ඩුරාස් සෙබල පිරිසකට මෙම අකරතැබ්බයට මුහුණදීමට සිදුවී තිබෙනවා. ගුවනේ පැවති අධික සුළං සහිත තත්ත්වයක් මෙම සිදුවීමට හේතු වී තිබු බවත් එහි සඳහන්. කෙසේ වෙතත් මෙහිදී සෙබළුන් කිහිප දෙනෙකුට පමණක් මේ ආකාරයට අනපේක්ෂිතව ක්‍රීඩාගාරය තුළට , ගොඩ බෑමට සිදුවූ අතර අනෙත් සෙබළුන් නියමිත පරිදි ක්‍රීඩාංගනය ට ගොඩබැසීමට හැකිව තිබුණා. හොන්ඩුරාස් රාජ්‍යය මේ සැමරුවේ ඔවුන්ගේ 201 වන නිදහස් දිනයයි. ඔවුන් ස්පාඤ්ඤ අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් වී තිබුණේ 1821 වසරේදීයි. ඒ සම්බන්ධ විස්තරයක් සහිත Daily Mail වාර්තාව කියවිය හැකියි මෙතනින්. Archived.

    උගන්ඩාවේ සෙබළ පිරිසකටත් මෙවැනි අකරතැබ්බියකට මුහුණ දීමට සිදුවුණා ද?

    උගන්ඩා ආරක්ෂක අංශ මගින් තම සෙබල පිරිසකට නිදහස් උළෙලේදී මෙම කරදරයට මුහුණදීමට සිදුවූ බවට පැවසෙමින් සමාජ ජාලා හරහා පැතිරෙන මෙම පුවත ප්‍රතික්ෂේප කරනවා. උගන්ඩානු ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශකයා Twitter පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ තම රට අදාල වීඩියෝවට සම්බන්ධ කර ගනිමින් පැතිරෙන පුවත් සම්පුර්ණ අසත්‍ය බවයි.

    Archived 

    උගන්ඩාව  සිය නිදහස් දිනය මෙම වසරේ ඔක්තෝබර මස 9 වනදා පැවැත්වූ අතර ඒ ඔවුන්ගේ 60 වන නිදහස් දින සැමරුමයි. කෙසේ නමුත් උගන්ඩාවේ නිදහස් දිනයට හොන්ඩුරාස් නිදහස් දින සැමරුමට මෙන් දහස් ගණනක පිරිසක් නොපැමිණි අතර එයට පැමිණි පිරිස 800 කට සිමා කර තිබුණා. ඒ කොවිඩ්19 වසංගතය හේතුවෙන් .ඒ සම්බන්ධ වාර්තාවක් කියවිය හැකියි මෙතනින්. Archived 

    එසේම උගන්ඩා නිදහස් දින සජීවී වීඩියෝ පරික්ෂා කිරීමේ දී පැරෂුට් මඟින් ගොඩබසින සෙබළුන් දැකගන්නට ලැබෙන අතර ඔවුන් එම පිටිය මත ගොඩබසින අයුරුත් දැක ගන්නට පුළුවන්.

    මෙම වීඩියෝව සම්බන්ධයෙන් AFP සහ රොයිටර්ස් ආයතන විසින් ඉංග්‍රීසි බසින් සිදු කරන ලද කරුණු විමසා බැලීම් මෙතනින් සහ මෙතනින්.

    Also Read: යුක්‍රේනයේ කාර්කිව් ප්‍රදේශයට රුසියන් හමුදාව පැරෂුට් මගින් ගොඩබසින වීඩියෝ දර්ශන පෙළක්?

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion ( අවසාන නිගමනය )

    සිය නිදහස් දින උළෙලේදී උගන්ඩානු පැරිෂුට් භටයන් පිරිසකට අනපේක්ෂිත ගොඩබැසීම්වලට ලක්වීමට සිදුවූ බවට හැගවෙනසේ සමාජ ජාලාවල පැතිරයන වීඩියෝව නොමගයවන සුළුයි. සැබැවින්ම මෙම වීඩියෝවේ සදහන් සිදුවීම මධ්‍යම ඇමෙරිකානු රාජ්‍යයක් වන හොන්ඩුරාස් රාජ්‍යයේ නිදහස් දින උළෙලේදී සිදුවූවක් වන අතර ගන්ඩාවේ නිදහස් දින සැමරුමේ දී මෙවැනි සිදුවීමක් වාර්තා වී තිබුනේ නැත.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-10-22

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.