
ස්වභාව ධර්මයේ අපූරු නිර්මාණ ගැන කතා කිරීමේදී සත්ත්ව ලෝකය සඳහා හිමි වන්නේ වැඩි ඉඩකි. සතුන් පිළිබඳ අප නිගමන වලට බොහෝ අවස්ථාවලදී පැමිණෙන්නේ ඔවුන්ට සිතීමේ ශක්තිය නොමැති බවට උපකල්පනය කරමින්. නමුත් ශරීරයෙන් කුඩා Honey Badger සත්ත්වයන් නුවණක්කාර කමින් සහ නිර්භීතකමින් පොහොසත් බවට සිතීමට පවා නොහැකි සටහනක් ඔස්සේ අප විමර්ශනයක් සිදු කළා.
සමාජ මාධ්ය සටහන් :
දකුණු අප්රිකාවේ සත්වෝද්යානයක සිටි Honey Badger සත්ත්වයා තම කූඩුවෙන් දෙවරක්ම පැනගොස් සිංහයෙකු සමග සටනට ගොස් ඇති බවත් කූඩුවේ තිබූ ගල් එක මත තබා ඒ මතට ලී දණ්ඩක් දමා එමගින් කූඩුවේ බැම්ම මතට නැග සිංහයාගේ කූඩුව වෙතට ගොස් ඇති බවත් එහි දක්වා තිබුණා.
Honey Badgerගේ කලහකාරී බව අඩු කිරීමට සහකාරියක් ලබා දී ඇති අතර සහකාරියගේ කර මතට නැග කූඩුවේ අගුල පන්නා නැවත සිංහ කූඩුව වෙතට ගොස් ඇති බවත්, නමුත් සිංහ කූඩුවට යෑමට පෙර මෙම සත්ත්වයාව අල්ලා ගැනීමට සත්වෝද්යාන බලධාරීන් සමත් වූ බවත් එහි දක්වා තිබුණේ මෙලෙසින්.

මෙවැනි සිදුවීමක් සත්ය වශයෙන් සිදු වී ඇති බවට හෝ මෙම සත්ත්වයා සම්බන්ධයෙන් මෙහි දක්වා ඇති අනෙක් කරුණු සත්යයද යන්න පිළිබඳ අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්.
අප මේ පිළිබඳ තොරතුරු විමර්ශනය කිරීමේදී දැක ගන්නට ලැබුණේ Twitter පණිවිඩ ඔස්සේද මෙම සිදුවීම සම්බන්ධයෙන් සටහන් පළ වී ඇති බවයි.
A Honey Badger in a South African wildlife center escaped his courtyard twice to fight the lions in the exhibit beside its enclosure.
— Africa Facts Zone (@AfricaFactsZone) July 8, 2021
At first, he built towers out of rocks and sticks to climb over its wall, then he stood on its partner's head to unlock the gate & get out again. pic.twitter.com/1b6YPAQV1Z
Archived Link Tweet | Archived Link
මෙහි දක්වා තිබුණේ ද ඉහත සටහනේ දක්වා තිබූ තොරතුරුයි.
මෙම සිදු වීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී අපට තොරතුරු අනාවරණය වූයේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් පාදක වී ඇත්තේ Maholoholo දකුණු අප්රිකානු වනජීවී මධ්යස්ථානයේ වෙසෙන Stoeffel නමැති Honey Badger සත්ත්වයෙක් බවයි.
Stoeffel පිළිබඳ BBC මගින් වාර්තාමය වැඩ සටහනක්ද කර ඇති අතර එම වීඩියෝව මගින් Stoeffel කෙතරම් නුවණ ඇති සත්ත්වයෙක් බවත්, කුමන බාධක තැබූවත් කූඩුවෙන් පැන යාමට විවිධ මෙවලම් භාවිතා කිරීම සහ සිංහයන් සමග සටනට යෑම නිසාම Stoeffelට Hammy නමැති සහකාරිය හඳුන්වා දුන්නත් ඔවුන් රඳවා ඇති ස්ථානයේ දොර විවෘත කිරීම සඳහා ඔහුගේ සහකාරිය සමඟ සහයෝගිව වැඩ කර පළා යාම වැනි කටයුතු මගින් පිළිඹිබු වන්නේ Honey Badger සත්ත්ව විශේෂයේ ලක්ෂණයක් වන බිය නොමැති කම සහ නුවණක්කාර බවයි.
සත්ත්වයෙකුට කළ හැකිද යන්න උපකල්පනය කළ නොහැකි තරම්ම Stoeffel ගේ ක්රියාකාරකම් පුදුමය දනවන කරුණකි.
එම වීඩියෝව පහතින්.
කුඩා අවදියේදී කුඩා ගමක ගොවියෙකු විසින් Stoeffel හදා වඩා ඇති අතර මිනිස් ඇසුරේ හැදී වැඩුණු Stoeffel හැසිරවීමට නොහැකි වීම හේතුකොටගෙන Maholoholo සත්ත්ව අභයභූමියට ලබා දී තිබෙනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් Maholoholo සත්ත්ව අභයභූමියේ කළමණාකරු වන Brian Jones මෙම සත්ත්වයා සිර කර තැබීම සම්බන්ධයෙන් මිනිසුන් ප්රශ්න කරන සිටින බැවින් ඊට හේතුව වශයෙන් සඳහන් කර තිබුණේ, Stoeffel පුනරුත්ථාපන මධ්යස්ථානය තුළ විනාශයක් ඇති කළ බවත් කුඩා මීයන්, හාවුන් සහ රාජාලියෙකු පවා මරා දැමූ බවයි.
ඉන් නොනැවතී Maholoholo සේවක පිරිසගේ නවාතැනට පැන මුළුතැන්ගෙට රින්ගා එහි සියල්ල කනපිට පෙරලනු ලබයි. එවන් අවස්ථාවක් සම්බන්ධයෙන් Moholoholo Wildlife Rehabilitation Centre ෆේස්බුක් පිටුවේ පළ කළ සටහනක් මෙතනින්.
මේ හේතුවෙන් ස්වභාවික ගස් සහ තණකොළ සහිත හෙක්ටයාර හතරක කඳවුරක තැබූවත්, Stoeffel සිංහයන් සමඟ සටන් කිරීමට කඳවුරෙන් පිටතට පැමිණ මාස දෙකක් රෝහල් සායනයෙහි නතර වීමට වූ බවත් පසුව ඔහුව ඔහුගේ කඳවුරට නැවත දමා ඇති අතර එහිදී ඔහු සිංහයන් වෙත ආපසු යාමට උත්සාහ කළ බවත් ඔහු සඳහන් කරනවා. එ් පිළිබඳ වාර්තාව මෙතනින්. Archived Link
විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ ගිනස් වාර්තා වලට අනුව ලොව නිර්භීත සත්ත්වයන් ලෙස හැඳින්වෙන Honey Badger සත්ත්වයන්ගේ නිජබිම් වන්නේ අප්රිකාව, නිරිතදිග ආසියාව සහ ඉන්දියානු උපමහාද්වීපය බවයි. මොවුන් සම්බන්ධයෙන් පළ වූ වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
Honey Badger සත්ත්වයන්ගේ නිර්භීතකම සැකෙවින් දක්වන වීඩියෝවක් සමාජ මාධ්ය ඔස්සේ සංසරය වී තිබුණේ මෙලෙසින්.
පුවත් වාර්තාවක්
මේ සම්බන්ධයෙන් වෙනත් කරුණු විමර්ශන කණ්ඩායමක් සිදු කළ වාර්තාව මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු පරීක්ෂාව මගින් පෙන්වා දිය හැක්කේ සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වූ සිංහයෙකු සමග සටන් කිරීම සඳහා සිය කූඩුවෙන් නොයෙකුත් අවස්ථාවන් වලදී පැන ගිය දකුණු අප්රිකාවේ සත්ත්ව අභයභූමියට සිටි ශරීරයෙන් කුඩා Stoeffel නමැති Honey Badger සත්ත්වයා සම්බන්ධ සටහන් සත්ය බවයි. ලොව නිර්භීත සත්ත්වයන් ලෙස හැඳින්වෙන එම සත්ත්ව වර්ගය නොයෙකුත් සත්ත්වයන් ගොදුර කර ගන්නේ කිසිදු බියකින් තොරවයි.



