Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    WhatsApp ගිණුම් හැක් කර සිදු කරන මුදල් වංචාවලින් ප්‍රවේසම් වන්න!

    2025-06-03
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඩිජිටල් යුගයේ දී ද, සමාජ මාධ්‍ය හරහා ද, නොයෙකුත් අන්දමින් වංචාකරුවන් විවිධ උපක්‍රම භාවිත කරමින් මුදල් වංචා සහගතව ලබා ගැනීමට කටයුතු කරනවා. මේ සඳහා වින්දිතයින් මූලිකව ම හසුවන්නේ මෙම වංචාකරු

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ඩිජිටල් යුගයේ දී ද, සමාජ මාධ්‍ය හරහා ද, නොයෙකුත් අන්දමින් වංචාකරුවන් විවිධ උපක්‍රම භාවිත කරමින් මුදල් වංචා සහගතව ලබා ගැනීමට කටයුතු කරනවා. මේ සඳහා වින්දිතයින් මූලිකව ම හසුවන්නේ මෙම වංචාකරුවන් භාවිත කරන උපක්‍රම තමන් හඳුනන පුද්ගලයින් හරහා ඔවුන් ද, නොදැනුවත්ව ම පැමිණීමයි. එවැනි වංචාවක් පිළිබඳ අප කරන දැනුවත් කිරීමයි මේ.

    සමාජ මාධ්‍ය වේදිකාවක් වන WhatsApp ගිණුම්, හැක් කිරීම් සිදු කර ඒවා වංචා කරුවන්ට නතු කර ගෙන ක්‍රියාත්මක වන වංචා රැල්ලක් පසුගිය වකවාණුවේ සිට ශ්‍රී ලංකාවේ ඇතැම් සමාජ මාධ්‍ය පරිශිලිකයින්ද, අත්විඳිමින් සිටිනවා.

    එහිදී සයිබර් අපරාධකරුවන් දේශපාලනඥයින්, මාධ්‍යවේදීන්, කලාකරුවන් සහ වෘත්තිකයන් ඇතුළු සත්‍යාපිත ගිණුම් පාලනය කර ගනිමින් ඔවුන්ගේ සම්බන්ධතා වලින් වංචනික ලෙස මුදල් ඉල්ලමින් මෙම වංචාව සිදු කෙරෙනවා. 

    මෙම සිදුවීමට ආසන්නම සිදුවීම වන්නේ, අද(03) දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ WhatsApp අංකයට එලෙසින් වංචාකරුවන් නතු කර ගනිමින් මන්ත්‍රීවරයා ලෙස පෙනී සිටිමින්, ඔහුගේ බැංකු තොරතුරු සමඟ ගැටළු ඇති බව පවසමින් සහ පසුදා උදෑසන වන විට එය ආපසු ගෙවන බවට පොරොන්දු වෙමින්, රුපියල් 100,000 ක් ඉල්ලා සිටිමින් පණිවිඩයක් ‍ඔහුගේ දුරකතන සම්බන්ධතාවයන්ට පණිවිඩ යවා තිබුණා. 

    මෙම වංචා පසුගිය මාස කිහිපය තුළ, ශ්‍රී ලංකාව පුරාම මෙන් ම ලොව පුරා වේගයෙන් වර්ධනය වෙමින් පවතිනවා.

    වංචාකරුවන් විසින් WhatsApp ගිණුම් හැක් කරන්නේ කෙසේද?

    සත්‍යාපන කේත(Verification Code) සොරකම හරහා වෙනත් කෙනෙකුට අයත් WhatsApp ගිණුමක් නතු කර ගැනීම සඳහා වින්දිතයා රවටා ඔවුන්ගේ ඉලක්කම් 6 ක WhatsApp සත්‍යාපන කේතය තතුබෑම් පණිවිඩ(phishing messages) හරහා ලබා ගනී.

    ඉන්පසු වංචාකරු විසින් වින්දිතයාගේ WhatsApp ගිණුම පාලනය කරනු ලබයි.

    වංචාකරුවන්ගෙන් ලැබෙන පණිවිඩ

    වංචාකරුවන් පසුව ඔවුන් නතු කර ගන්නා WhatsApp ගිණුමේ වින්දිතයාගේ මිතුරු ලැයිස්තුවේ ඇති පුද්ගලයන්ට පණිවිඩ යවනු ලබයි එමෙන් ම තමන්ට හදිසි මුදල් අවශ්‍යතාවයක්, හදිසි වෛද්‍ය අවශ්‍යතාවක් මත හෝ වෙනත් හේතු දක්වමින් හදිසි මුදලක් ඉල්ලනු ඇති අතර එය සුළු මොහොතකින් ලබා දෙන බවට ද, පවසනු ලැබේ.

    මෙම වංචාවන්ට තෙවන පාර්ශවීය කණ්ඩායම් හසු වීමට හේතු වන්නේ, මෙම පණිවිඩය ලැබෙන්නේ, තමන් හඳුනන පුද්ගලයෙකුගේ WhatsApp අංකයකිනි. මෙය තමන් හඳුනන පුද්ගලයා විසින් හදිසි මුදල් අවශ්‍යතාවක් මත මෙලෙසින් මුදල් ඉල්ලා සිටින බවට මෙම වංචාවට හසු වේ.

    ශ්‍රී ලංකාවේ මෙවැනි වංචාවවන් සිදු වූ මෑත කාලීන සිදුවීම්

    පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ WhatsApp අංකය සම්බන්ධ සිදු වීම (2025 ජූනි)

    මාධ්‍ය වෘත්තිකයන් ඉලක්ක කර ගැනීම (2024 අගභාගය – 2025 මුල් භාගය)

    ශ්‍රී ලාංකික මාධ්‍යවේදියෙක් සහ ශාස්ත්‍රාලිකයෙකු වන අමන්ත පෙරේරා වාර්තා කළේ මාධ්‍යවේදීන්ට අයත් අවම වශයෙන් WhatsApp ගිණුම් හයක් මෙලෙසින් හැක් කර ඇති බවයි. ප්‍රහාරකයින් වින්දිතයින්ට ඔවුන්ගේ සත්‍යාපන කේත බෙදා ගැනීමට රැවටීම සඳහා ව්‍යාජ Zoom රැස්වීම් ආරාධනා යැවීම වැනි උපක්‍රම භාවිතා කර ඇති බව යි. 2025 අප්‍රේල් මාධ්‍ය වෘත්තිකයෙකු ඉලක්ක කර ගෙන ඇති අතර ඔහුගේ WhatsAppඅංකය හරහා වංචාකරුවන් විසින් එම ගිණුමේ ඇති WhatsApp අංක වලට පණිවිඩයක් යවා එය වෛද්‍ය හදිසි අවස්ථාවක් බව පවසමින් රු. 50,000 ක් ඉල්ලා තිබේ.

    ශ්‍රී ලංකා CERT|CC දැනුවත් කිරීම් (2024 ඔක්තෝබර්)

    2025 මාර්තු මස දී රජයේ නිලධාරියෙකුගේ අංකය අනිසි ලෙස භාවිතා කිරීමක් වාර්තා වේ. මෙලෙසින් ප්‍රාදේශීය ලේකම්වරයෙකුගේ WhatsApp හැක් කර යටත් කාර්ය මණ්ඩලයෙන් පුද්ගලික ණය ඉල්ලා සිටීමට භාවිතා කර තිබෙන බව ශ්‍රී ලංකා CERT ආයතනයට වාර්තා වී තිබුණා.

    ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර කණ්ඩායම (SLCERT) ගිණුම් පැහැර ගැනීම වැළැක්වීම සඳහා WhatsApp පරිශීලකයින්ට එක් කාලීන මුරපද (OTP) බෙදා ගැනීමට සම්බන්ධව උපදෙස් දෙමින් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර රට තුළ WhatsApp ආශ්‍රිත වංචා වැඩිවීමට ප්‍රතිචාර වශයෙන් මෙම දැනුම් කිරීම් පවත්වා තිබුණා. එවැනි දැනුවත් කිරීම් මෙතනින් සහ මෙතනින්.

    මෙරට පමණක් නොව WhatsApp ගිණුම් හැක් කිරීම සහ වංචා සම්බන්ධ පැමිණිලි වැඩිවීම පිළිබඳව ඉන්දියාව චෙන්නායි පොලිසියේ සයිබර් අපරාධ අංශය සිය කනස්සල්ල පළ කර ඇති බව ට එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා. වංචාකරුවන්ට වෛද්‍ය හෝ පෞද්ගලික හදිසි අවස්ථා මුවාවෙන් WhatsApp ගිණුම් පැහැරගෙන මුදල් ඉල්ලමින් වින්දිතයින්ගෙන් සැලකිය යුතු මුදලක් අහිමි කර ඇති බව ට වාර්තා වේ.

    මෙවැනි වංචා වලින් ඔබ ආරක්ෂා විය යුත්තේ කෙසේද?

    WhatsApp හි දෙපියවර සත්‍යාපනය(Two-Step Verification) සක්‍රීය කරන්න

    • Settings > Account > Two-step verification > Enable

    ඔබගේ ගිණුම ආරක්ෂා කිරීමට ඉලක්කම් 6 ක PIN එකක් එක් කරන්න. 

    කිසි විටෙකත් කිසිදු පාර්ශවයක් සමගින් ඔබේ සත්‍යාපන කේතය බෙදා නොගන්න. කිසිම නීත්‍යානුකූල සංවිධානයක් හෝ පුද්ගලයෙක් කිසි විටෙකත් ඔබේ WhatsApp කේතය ඉල්ලා නොසිටිනු ඇත.

    මෙවැනි හදිසි මුදල් ඉල්ලීම්වලට පෙර සෑම විටම සත්‍යාපනය කරන්න.මුදල් යැවීමට පෙර තහවුරු කර ගැනීම සඳහා සෑම විටම එලෙසින් ඉල්ලීම් කරන පුද්ගලය සමගින් දුරකතන ඇමතුමක් ලබා ගෙන හෝ වීඩියෝ ඇමතුමක් ලබා ගෙන මේ සම්බන්ධයෙන් විමසන්න. 

    වෙනත් කෙනෙකු ඔබේ WhatsApp හැක් කර ඇති බවට ඔබ සැක කරන්නේ නම්, ඔබගේ සියලුම උපාංගවලින් ඉවත් වන්න.

    • Settings > Linked Devices > Log out from unknown devices.

    ඔබේ පවුල සහ කණ්ඩායම දැනුවත් කරන්න. මෙම වංචා පිළිබඳව අඩු තාක්ෂණික දැනුමක් ඇති පුද්ගලයින්,දෙමව්පියන්, ඥාතීන් හෝ කාර්ය මණ්ඩල දැනුවත් කරන්න. ඔවුන් බොහෝ විට වඩාත්ම අවදානමට ලක්විය හැකිය.

    ඔබ වංචාකරුවන්ගේ ගොදුරක් බවට පත් වී ඇත් නම් ?

    ඔබේ සම්බන්ධතා වලට වහාම මේ පිළිබඳ දැනුවත් කරමින් ඔබේ අංකයෙන් ලැබෙන කිසිදු පණිවිඩයක් විශ්වාස නොකරන ලෙස ඔවුන්ට අනතුරු අඟවන්න.

    WhatsApp වෙත වාර්තා කරන්න: [email protected] වෙත විද්‍යුත් ලිපියක් හෝ යෙදුමේ උදව් අංශය භාවිතා කරන්න.

    ශ්‍රී ලංකා CERT|CC වෙත වාර්තා කරන්න:

    ඊමේල්: [email protected]

    අමතන්න: +94 11 2691683

    මුදල් නැති වී ඇත්නම් පොලිසිය වෙත පැමිණිල්ලක් ගොනු කරන්න.

    අන්තර්ජාලය, සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන වංචාවන් මොනවාද සහ ඒ සඳහා ඔබ ආරක්ෂා විය යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ Factcrescendo අප කණ්ඩායම සහ ශ්‍රී ලංකා CERT ආයතනය එක් ව සිදු කළ දැනුවත් කිරීම් පෙළක් පහතින්.

    අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-06-03

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.