Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    අම්බානි පුතුගේ සුපිරි පූර්ව විවාහ උත්සවයේ දක්නට ලැබුණු දැවැන්ත කේක් ආකෘතියක් ද ?

    2024-03-07
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානි මහතාගේ බාල පුත් ආනන්ත් අම්බානිගේ පුර්ව විවාහ මංගල උත්සවය පසුගිය දා අතිඋත්කර්ෂවත් අයුරින් ගුජරාටි ප්‍රාන්තයේදී පැවැත්වුණා. මෙම සැමරුම් සඳහා

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානි මහතාගේ බාල පුත් ආනන්ත් අම්බානිගේ පුර්ව විවාහ මංගල උත්සවය පසුගිය දා අතිඋත්කර්ෂවත් අයුරින් ගුජරාටි ප්‍රාන්තයේදී පැවැත්වුණා. මෙම සැමරුම් සඳහා ලොවපුරා බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූ අතර එම උත්සව අවස්ථාවේ වීඩියෝ, ඡායාරූප ද, සමාජ මාධ්‍ය මෙන් ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ද, වාර්තා වුණා. 

    මෙම විවාහ උත්සවයේ අංගයක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ දැවැන්ත කේක් ආකෘතියක වීඩියෝවක නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්.  

    සමාජ මාධ්‍ය සටහන් :

    ‘අම්බානිගෙ ගෙදර වෙඩිමේ කේක් එක’ යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වුණේ මෙලෙසින්.

    Facebook

    මෙම වීඩියෝවේ සත්‍යතාවය පිළිබඳ විමසා බැලීමට අප කටයුතු කළේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ආසියාවේ ධනවත් ම පුද්ගලයා රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් සමාගමේ සභාපති මුකේෂ් අම්බානි විසින් අති උත්සවශ්‍රීයෙන් සැමරූ  සිය පුත්‍රයාගේ  තුන්දින පූර්ව විවාහ උත්සවයේ වැඩකටයුතු ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ජම්නගර් හි දී පසුගිය මාර්තු 3 වන දා අවසන් විය. එම උත්වස මාලාවට ලොව සුපිරි ධනවතුන්, ව්‍යාපාරිකයින්, නළු නිලියන් ඇතුළු ප්‍රභූ පිරිස් රැසක් සහභාගී වී තිබුණි.

    28 හැවිරිදි අනන්ත් අම්බානි, ජූලි මාසයේදී රාධිකා මර්චන්ට් සමග විවාහ වීමට සැලසුම් කර ඇති අතර මොවුන් දෙපළගේ තුන්දින පූර්ව විවාහ උත්සවයේ නොයෙකුත් අවස්ථා සමාජ මාධ්‍ය ඔස්සේ මෙන් ම ප්‍රධාන මාධ්‍ය ධාරා මගින් ද, විවිධ ඡායාරූප සහ වීඩියෝ මඟින් වාර්තා කර තිබුණා. 

    කෙසේ වෙතත් ඉහත වීඩියෝවේ දැක්වෙන අවස්ථාව මොවුන් දෙපළගේ පූර්ව විවාහයේ අවස්ථාවක් බවට දැක ගන්නට නොලැබීම හේතුවෙන් අප ඉහත වීඩියෝවේ රූප රාමු Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

    ඒ අනුව මෙම වීඩියෝව 2023 ඔක්තෝබර් මස 30 වන දා Instagram හි පළ කර ඇති වීඩියෝවක් බවට දැක ගන්නට ලැබුණා. මෙය බ්‍රිතාන්‍ය අන්තර්ජාල මාධ්‍ය සමාගමක් වන UNILAD හි නිල Instagram ගිණුමක් වන අතර ඔවුන් මෙම අති විශාල ඉතාමත් අලංකාර කේක් එකක් සහිත එම වීඩියෝවේ දැක්වෙන්නේ ‘හොග්වාර්ට්ස් වල කේක් එකක් වගේ’ පෙනුමක් ඇති බව ට දක්වා තිබුණා. (Hogwarts – Harry Potter කතා මාලාවේ සඳහන් මායා පාසල)

    View this post on Instagram

    A post shared by UNILAD (@unilad)

    මෙම අවස්ථාව ආවරණය කරන ලද මාධ්‍ය වාර්තාවක් වෙත ද, අපගේ අවධානය යොමු වූ අතර News18 ට අනුව, මෙම කේක් එකේ ආකෘතිය JK Rowling ගේ Harry Potter කතා මාලාවේ ඇති සුවිශේෂී මාලිගාව අනුකරණය කරමින් බවට වාර්තා කර තිබුණේ මෙලෙසින්. Archived Link

    තව ද, මෙම වීඩියෝව TikTok සමාජ මාධ්‍ය ජාලාවේ ද, 2023 වසරේ ඔක්තෝම්බර් 22 වන දා පළ වී තිබෙනු දැක ගන්නට ලැබුණා.

    @fill220812

    Красота 😍

    ♬ оригинальный звук – Fill

    2023 ජූනි 4 වන දින Reddit වෙත උඩුගත කරන ලද මෙම කේක් ආකෘතියේ වෙනත් කෝණයෙන් ලබා ගත් බවට පැවසිය හැකි තව ත් වීඩියෝවක් ද, දැක ගන්නට ලැබුණේ මේ අයුරින්.

    බොහෝ පිරිසක් මෙම විවාහ මංගල්‍යය උස්බෙකිස්තානයේ (Uzbekistan) විවාහ මංගල්‍යයක අවස්ථාවක් බවට ද, පෙන්වා දී තිබුණි. තවත් පිරිසක් මෙය ටර්ක්මෙනිස්තානයේ (Turkmenistan) විවාහ මංග්‍යයක අවස්ථාවක් බවට සඳහන් කර තිබුණා. 

    කෙසේ වෙතත් මෙම වීඩියෝවේ අවස්ථාව කුමන රටක ද, යන්න නිශ්චිත ව පැවසීම ට නොහැකි වුවත්, මෙය අම්බානිගේ පූර්ව විවාහ මංග්‍ය අවස්ථාවට පෙර, එනම් පසුගිය 2023 වසරේ සිටම සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී ඇති වීඩියෝවක් බවට පෙන්වා දිය හැක. 

    එමෙන් ම ඉහත වීඩියෝවේ දැක්වෙන උත්සව අවස්ථාව බටහිර ආරයේ උත්සවයන් බවට දැක ගන්නට ලැබෙන අතර අම්බානිගේ පූර්ව විවාහයේ අවස්ථා බොහෝ දුරට ඉන්දීය සංස්කෘතිය අනුගමනය කරමින් කර තිබූ බව ට ද, දැක ගන්නට ලැබේ. 

    එමෙන් ම India Today හි ජනප්‍රිය තරු සම්බන්ධයෙන් පුවත් වාර්තා කරන මාධ්‍යවේදියෙකු වන තුෂාර් ජෝෂි විසින් තහවුරු කර ඇත්තේ, අනන්ත් අම්බානි සහ රාධිකා මර්චන්ට්ගේ පූර්ව විවාහ උත්සවයේදී මෙවැනි විශාල කේක් එකක් දැක ගන්නට නොතිබුණු බව යි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, අනන්ත් අම්බානි සහ රාධිකා මර්චන්ට්ගේ පූර්ව විවාහ උත්සව අවස්ථාවේදී කැපූ අති විශාල කේක් එකක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝව එම උත්සව අවස්ථාවේ වීඩියෝවක් නොවන බවයි. එම වීඩියෝව පසුගිය වසරේ, එනම් 2023 වසරේ ජූනි මාසයේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවකි. තව ද, India Today හි ජනප්‍රිය තරු සම්බන්ධයෙන් පුවත් වාර්තා කරන මාධ්‍යවේදියෙකු වන තුෂාර් ජෝෂි තහවුරු කළේ, අනන්ත් අම්බානි සහ රාධිකා මර්චන්ට්ගේ පූර්ව විවාහ උත්සවයේදී මෙවැනි විශාල කේක් එකක් දැක ගන්නට නොතිබුණු බව යි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-03-07

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.