Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK : IDH රෝහලෙන් හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් කොරෝනා වෛරසයේ pH අගය ගැන නිවේදනයක් නිකුත් කලේ නැත!

    2020-10-27
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කොරෝනා රෝගය මෙරට තුල පැතීරීමේ වර්ධනයත් සමග රෝගය ආසාදනය වීමෙන් වැළකී සිටීම සඳහා පිළිපැදිය යුතු සෞඛ්‍ය පිලිවෙත් යන තේමාවන්ගෙන් විවිධාකාරයේ තොරතුරු  ඇතුළත් සටහන් හුවමාරු වන බවක් අපට පෙනී යනවා. විශේෂයෙන්ම දේශීය බෙහෙත් වට්ටෝරුව මේ අතර බොහෝ වශයෙන් හුවමාරු වුවද

    කොරෝනා රෝගය මෙරට තුල පැතීරීමේ වර්ධනයත් සමග රෝගය ආසාදනය වීමෙන් වැළකී සිටීම සඳහා පිළිපැදිය යුතු සෞඛ්‍ය පිලිවෙත් යන තේමාවන්ගෙන් විවිධාකාරයේ තොරතුරු  ඇතුළත් සටහන් හුවමාරු වන බවක් අපට පෙනී යනවා. විශේෂයෙන්ම දේශීය බෙහෙත් වට්ටෝරුව මේ අතර බොහෝ වශයෙන් හුවමාරු වුවද කොවිඩ්19 ආසාදනය සඳහා මේ වන තෙක් කිසිඳු ඖෂධයක් සොයාගෙන නැති අතර ලෝක සෞඛ්‍ය සංවිධානයන නිර්දේශ කරන්නේ එන්නත්කරණ වැඩපිළිවෙලයි.

    මේ අතර මීට මාස කිහිපයකට පෙර ද හුවමාරු වූ IDH රෝහලෙන් උපදෙස් බවට පවසමින් හුවමාරු වූ පත්‍රිකා ව එම රෝහල මඟින් නිකුත් කරන ලද්දක් නොවූ අතර එහි කරුණු ද පදනම් විරහිත බව අපගේ අනාවරනයෙදී පෙනී ගියා. මෙම අසත්‍ය කරුණම කරුණම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලංකාවේ ශාඛාව විසින් නිකුත් කරන ලද පත්‍රිකාවක් ලෙස ද හුවමාරු වී තිබු බව අපට පෙනී ගියා.

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන්: 

    එහි දක්වා තිබුනේ  කොරෝනා වෛරසය සඳහා pH අගය 5.5 සිට 8.5 දක්වා වෙනස් වන බවත් එය පරාජය කිරීමට නම් අප pH මට්ටම වැඩි ක්ශාරීය ආහාර පරිභෝජනය කළ යුතු බවයි. IDH රෝහලෙන් මේ සඳහා දෙන උපදෙස් ලෙස සඳහන් කරමින් විටමින් C පෙත්තක් ගැනීම ,විටමින් E පෙත්තක් ගැනීම උදෑසන 10-11 අතර විනාඩි 15-20ක් හිරු එලියට නිරාවරනය වීම,බිත්තර ආහාරයට ගැනීම වැනි කරුනුද එහි දක්වා තිබුනා.එමෙන්ම මෙම සටහනේ වයිරසයේ pH අගයට වැඩි ආහාර ලෙස ලෙමන්, දෙහි, අලිගැටපේර වැනි දෑ ආහාරයට ගැනීම සුදුසු බවත් මෙම පෝස්ට් එකෙන් දක්වා තිබුනා.

    FacebookArchived Post

    පහතින් දැක්වෙන්නේ එසේ හුවමාරු වූ තවත් සටහන් පෙළක්.

    FacebookArchived Link
    FacebookArchived Link
    FacebookArchived Link

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලංකාවේ ශාඛාව මඟින් මී ආකාරයේ ම නිවේදනයක් නිකුත් කල බවට ද පහත පරිදි සටහන් රැසක් අපට දැක ගන්නට ලැබුණා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මීට මාස කිහිපයකට පෙර මුලින්ම මෙවැනි සටහන් ලොව පුරා හුවමාරු වූ අතර එම අවධියේ අප ඉන්දියානු විමර්ෂණ කණ්ඩායම විසින් මේ හා සම්බන්ධ ප්‍රවීණයෙකු වන Bhabha Atomic Research Center  හි දොස්තර ශරඩ් කේල් ගෙන් විමසීමක් සිදුකළා. ඔහු මේ සම්බන්ධ කරුනු වැරදි ඒවා බවත් තහවුරු නොකල ඒවා බවත් දක්වා සිටියා.එමෙන්ම කොරෝනා වයිරසයට pH අගයක් නොමැති බවත් ඒ නිසා ක්ශාරීය ආහාර ආහාරයට ගැනීම කොරෝනා ආසාදනයෙන් බේරී සිටීමට සුදුසු බවත් පදනම් විරහිත බව ඔහු තවදුරටත් පවසා සිටියා. 

    මේ පිළිබඳව ඉංග්‍රීසි බසින් අප විසින් සිදුකල කරුණු විමර්ෂණයක් පහතින්

    No, Coronavirus Does Not Have pH Value. The Viral Message is Fake

    සෞඛ්‍ය සම්පන්න සහ සමබර ආහාර වේලක් ගැනීම ප්‍රතිශක්තියට සහාය වන අතර ආසාදන වලින් මිදීමට උපකාරී වේ. කෙසේ වෙතත්, pH අගය සහ කොරෝනා වෛරසය අතර සම්බන්ධතාවක් නොමැති බව කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ බෝවන රෝග සහ එන්නත පිළිබඳ මහාචාර්යවරයකු ද පවසා තිබුනේ මෙලෙසිනි

    ඔබ පරිභෝජනය කරන ආහාර වලට ඔබේ රුධිරයේ pH අගය වෙනස් කළ හැකි ක්‍රමයක් ඇත්තේ ද නැත. ශරීරය විසින්ම pH අගය නියාමනය කරනු ලැබේ. ඔබේ ආහාර වේල වෙනස් කළහොත් ඔබේ ලවණ හෝ මුත්‍රා වල pH අගයෙහි වෙනසක් ඔබට පෙනෙනු ඇත, මන්ද මේවා අපද්‍රව්‍ය වන බවන්. නමුත් ක්ෂාරීය ආහාර අනුභව කිරීමට මඟින් රුධිරයේ ක්ෂාරීයභාවය වෙනස් කිරීමේ හැකියාවක් නොමැති බව ජ්‍යෙෂ්ඨ සායනික පෝෂණවේදියෙකු පවසා තිබුනේ මෙලෙසිනි ක්ෂාරීය ආහාර වේලක් ගැනීම පිලිබඳ සිදුකරන ලද අධ්‍යයනක වාර්තාවක් මෙසේය

    pH අගය යනු කුමක්ද ?

    මෙය ජලීය හෝ වෙනත් ද්‍රවමය ද්‍රාවණවල ආම්ලිකතාවය හෝ ක්ෂාරීයතාව පිළිබඳ ප්‍රමාණාත්මක මිනුමකි. මෙහි අගයන් බින්දුවේ සිට 14 දක්වා පරාසක් ගන්නා අතර, 7 ට අඩු pH අගය සහිත ද්‍රාවණ ආම්ලික ලෙස සැලකෙන අතර pH අගය 7ට වඩා වැඩි ද්‍රාවණයක් මූලික හෝ ක්ෂාරීය ලෙස සැලකේ. හරියටම 7 ක pH අගය උදාසීන තත්වයේ ලෙස සැලකේ. 

    එසේම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහනේ ඇති ඇතැම් pH අගයන් වැරදි ඒවා බවත් පෙනී යනවා. උදාහරණයක් ලෙස අලිගැටපේර  සඳහා මෙම pH අගය මෙම ෆේස්බුක් සටහනට අනුව 15.6 ක් වුවද ඇත්ත වශයෙන්ම කිසිඳු විටෙක එම අගය 14 ඉක්මවා නොයා යුතුය.

    IDH රෝහලේ අධක්ෂකවරයාගෙන් මේ පිළිබඳව අප මීට මාස කිහිපයකට ද පෙර විමසා සිටි අතර මෙසේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන පරිදි කිසිඳු උපදෙස් පත්‍රිකාවක් රෝහල විසින් ප්‍රකාශයට පත් කර නොමැති බවද තහවුරු කලා.

    එමෙන්ම එකසත් ජාතීන්ගේ සංගමයේ ලංකාවේ කාර්යාලයේ මහජන තොරතුරු නිලධාරී මහතාගෙන් ද අප මේ පිළිබඳව විමසීමක් සිදුකළා. එහිදී එතුමා ද අපට තහවුරු කර සිටියේ මෙබඳු කිසිඳු නිවේදනයක් එක්සත් ජාතීන්ගේ සංගමෙය් ලංකාවේ කාර්යාලය විසින් නිකුත් කර තිබුනේ නැති බවයි.

    විද්‍යාත්මක පසුබිමක් නොමැතිව ප්‍රචාරය වන මෙවැනි තොරතුරු විශ්වාස නොකරන ලෙසත් කොරෝනා වසංගත කාලය පුරාවට විශ්වාසවන්ත තොරතුරු ලබාදෙන ආයතන මගින් නිකුත් කරන තොරතුරු වලට පමණක් යොමු වන ලෙසත් පසුගිය (2020) ජුලි මාසයේද මෙම අසත්‍ය පුවත හුවමාරු වූ අවධියේදී සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මඟින් නිවේදනයක් නිකුත් කර තිබුනේ මෙලෙසිනි

    https://www.facebook.com/hpbsrilanka/posts/1205428366476071?__cft__[0]=AZWv12xbuenbGECpArDKXSbAkDlhP6GriUcJa4OIlt0toFF1lVCzb14dHePmuJag5pdiIftpNkyqtgSelxdJp5z4Jp8wASWmxF6QFoe1MMLfyXiasMI2tcVDj0GKbmsEwgERjbzuTAiXGhDO1H_b1uK97EqUMNBlq8ykM5w66pDJBo9uSnJ5fPdAcJJWhMHjUKw&__tn__=%2CO%2CP-R

    ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලිවම දක්වා ඇත්තේ කොරෝනා වෛරසය වැළැක්වීමට හෝ ප්‍රතිකාර කිරීමට නිශ්චිත ප්‍රතිකාරයක් මේ වන තෙක් නිර්දේශ කර නොමැති බවයි. Myth busters

    FACT CHECK: උණු වතුර සමඟ ලුණු හෝ විනාකිරි එකතු කර උගුර සේදීම මඟින් කොරෝනා ආසදනයනේ මිදිය නොහැක!

    Fact Check : Hot Weather, Garlic And Hot Water Are Not Remedies Against COVID19

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත කරුනු අනුව සලකා බැලීමේදී IDH රෝහලෙන් බවට සඳහන් කරමින් කොරෝනා වයිරසයේ pH අගයට වඩා වැඩි ක්ශාරීය ආහාර වර්ග අහාරයට ගන්නා ලෙස සඳහන් කරමින් හුවමාරු වන සටහන පදනම් විරහිත සම්පුර්ණයෙන්ම අසත්‍ය සටහනක් බව පැහැදිලිය

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-10-27

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.