Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    Facial එකකට යොමු වුණ හාමුදුරු නමකගේ ඡායාරූපයක් ද ?

    2022-03-24
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප, වීඩියෝ හේතුවෙන් බොහෝ අවස්ථාවන් වලදී ජනතාව නොමග යන ආකාරයක් අපට දක්නට ලැබෙනවා. ඒ එම ඡායාරූප වලින් දැක්වෙන සත්‍ය වුවද, අසත්‍ය කරුණු ලෙස ජනගත කිරීමෙන් හෝ සංස්කරණයට භාජනය කළ වෙනත් අර්ථකතනයෙන් සමාජ මාධ්‍ය තුළ හුවමාරු කිරීම හ

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප, වීඩියෝ හේතුවෙන් බොහෝ අවස්ථාවන් වලදී ජනතාව නොමග යන ආකාරයක් අපට දක්නට ලැබෙනවා. ඒ එම ඡායාරූප වලින් දැක්වෙන සත්‍ය වුවද, අසත්‍ය කරුණු ලෙස ජනගත කිරීමෙන් හෝ සංස්කරණයට භාජනය කළ වෙනත් අර්ථකතනයෙන් සමාජ මාධ්‍ය තුළ හුවමාරු කිරීම හේතුවෙන්. එලෙස නොමග ගිය අවස්ථාවක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    “සම්මා ෆේෂල්” යනුවෙන් සඳහන් කරමින් බෞද්ධ ස්වාමීන්වහන්සේ නමක් මුහුණට පිරිසිඳු කිරීමේ ප්‍රතිකාරයක් (Facial) කරන අයුරු බවට හඟවමින් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මේ අයුරින්.

    Facebook | Archived Link

    එම තේමාවෙන් පළ වූ ෆේස්බුක් ඡායාරූප සටහන් ෆේස්බුක් පරිශිලකයින් විසින් හුවමාරු කර ගෙන තිබුණේ මෙලෙසින්.

    මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ සැබවින්ම හාමුදුරු නමක් බවට එම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් දැක්වුණා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී අපට දක්නට ලැබුණේ, ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන පුද්ගලයා ස්වාමීන් වහන්සේ නමක් නොවන බවටත් ඔහු Gishan Liyana Arachchi නමැත්තෙකු බවටත් ඉහත සමාජ මාධ්‍ය සටහන් වල පළ වී ඇති ප්‍රතිචාර දක්වා ඇති බවයි.

    මෙම ඡායාරූපයේ සිටින්නේ ගිෂාන් ලියනාරච්චි බවට දක්වා තිබූ ෆේස්බුක් සටහනක් පහතින්.

    ​

    Facebook | Archived Link

    එවැනි සටහන් කිහිපයක් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    ගිෂාන් ලියනආරච්චි නමින් තිබූ ෆේස්බුක් ගිණුම මේ වන විට අක්‍රීය කර තිබීම හේතුවෙන් අප මෙම ඉහත සටහන සඳහන් කර ඇති පුද්ගලයා හරහා ගිෂාන් ලියනආරච්චි මහතාව සම්බන්ධ කර ගනු ලැබුවා. 

    පෞද්ගලික හේතුවක් මත තමන්ගේ ෆේස්බුක් ගිණුම අක්‍රිය කර ඇති බවත් තමන් වෙනත් ෆේස්බුක් ගිණුමක් භාවිත කරන බවත්, එම ඡායාරූපයේ සිටින්නේ තමන් බවත්, සිය නිවසේදී මුහුණට ලබා ගත් ප්‍රතිකාර (ෆෙෂල් කිරීමක්) අවස්ථාවේ ඡායාරූපයක්, මේ වන විට අක්‍රිය කර ඇති ගිෂාන් ලියනආරච්චි ෆේස්බුක් ගිණුමේ Story සඳහා යොමු කළ බවත්, එම ඡායාරූපයේ තමන්ගේ බිරිඳගේ සැලොන් ලෙස සඳහන් කළත්(Wife’s Saloon),  සම්පූර්ණ ඡායාරූපය වෙනුවට එම ඡායාරූපයේ කොටසක් පමණක්, සමාජ මාධ්‍ය හරහා හාමුදුරු නමක් මුහුණු ප්‍රතිකාර වල යෙදෙන අයුරු බවට දක්වමින් පළ කර ඇති බවත් ඔහු සඳහන් කළා.

    ගිෂාන් ලියනආරච්චි සිය ෆේස්බුක් Story සඳහා ඔහු යොමු කළ තිබූ සම්පූර්ණ ඡායාරූපය පහතින්.

    තමන් එම අවස්ථාවේ පැළඳ සිටි තම කමිසය ගලවා පපුව හරහා දමා තිබුණු ආකාරය හාමුදුරු නමක් සිවුර පැළඳ සිටින ආකාරයට හැඟවෙන පරිදි කොටසක් ඉවත් කිරීමෙන් (Crop) හා එම කමිසයේ වර්ණය හේතුවෙන් තමන් හාමුදුරු නමත් ලෙස බොහෝ දෙනා උපකල්පනය කිරීම මෙලෙස නොමග යාමට හේතු වූවත්, තම ෆේස්බුක් ගිණුම හා සම්බන්ධව සිටින යම්කිසි පුද්ගලයෙකු හරහා එම ඡායාරූපය මුල් වරට මෙලෙස අවභාවිත කර ඇති බවයි ගිෂාන් ලියනආරච්චි වැඩිදුරටත් සඳහන් කළේ. 

    ගිෂාන් ලියනආරච්චිගේ වෙනත් ඡායාරූපයක් පහතින්.

    Facebook | Archived Link

    ඒ අනුව මෙම ඡායාරූපයේ සිටින්නේ ස්වාමින් වහන්සේ නමක් නොවන බවට පැහැදිලි වේ.

    ඉහත ඡායාරුප සංසන්දනයක් පහතින්

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයට අනුව පෙන්වා දිය හැක්කේ ස්වාමීන් වහන්සේ නමක් මුහුණ පිරිසිදු කිරීමේ ප්‍රතිකාරයක් (Facial – ෆේෂල්) කරන අවස්ථාවක් බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයේ දැක්වෙන්නේ,  ගිෂාන් ලියනආරච්චි නමැති පුද්ගලයෙකු සිය බිරිඳගෙන් ෆේෂල් සත්කාරයක් ලබා ගත් අවස්ථාවක් බවට දක්වමින් ෆේස්බුක් ඔස්සේ පළ කළ ඡායාරූපයක්, අවභාවිත කළ අවස්ථාවක් බවයි. 

    ඔහු ෆේස්බුක් වෙත යොමු කළ සම්පූර්ණ ඡායාරූපය වෙනුවට එහි කොටසක් Crop කරමින් ඉතිරි කොටස ඉවත් කිරීම හේතුවෙන් සමාජ මාධ්‍ය සටහන් වල ස්වාමින් වහන්සේ නමක් ෆේෂල් කිරීමේ අවස්ථාවක් ලෙස සටහන් හුවමාරු වී තිබුණි. එම අවස්ථාවේ ගිෂාන් ලියනආරච්චි ඇඳ සිටි කමිසයේ වර්ණය හේතුවෙන්ද ජනතාව මෙම පුද්ගලයා ස්වාමින් වහන්සේ නමක් බවට නොමග ගොස් තිබුණා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-03-24

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.