Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: පොසොන් පොහෝ දා රුවන්මහවැලිසෑය පුදබිමේ දී අසූහාර දහසක කිරිපිඬු පූජාවක්?

    2021-06-25
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පොසොන් පොහෝදාට සමගාමීව මෙවර නිවෙස්වල ආගමික වතාවන් සිදු කෙරුණේ රටේ පවතින කෝවිඩ් වසංගත තත්ත්වයන් හේතුකොට ගෙනයි. නමුත් රුවන්මහවැලිසෑය පුදබිමේ ඊයේ දිනයේදී සිදුකෙරුණු බවට කියන රුවන්වැලිසෑ රඳුන් උදෙසා පූජා කළ කිරිපිඬු අසූහාර දහසේ පූජාවක ඡායාරූපයක් සම්බන්ධයෙන් ඇ

    පොසොන් පොහෝදාට සමගාමීව මෙවර නිවෙස්වල ආගමික වතාවන් සිදු කෙරුණේ රටේ පවතින කෝවිඩ් වසංගත තත්ත්වයන් හේතුකොට ගෙනයි. නමුත් රුවන්මහවැලිසෑය පුදබිමේ ඊයේ දිනයේදී සිදුකෙරුණු බවට කියන රුවන්වැලිසෑ රඳුන් උදෙසා පූජා කළ කිරිපිඬු අසූහාර දහසේ පූජාවක ඡායාරූපයක් සම්බන්ධයෙන් ඇතැම් පිරිසක් විවේචන එල්ල කළේ මෙම වසංගත තත්ත්වය හේතුවෙන් ආහාරපාන සපයා ගත නොහැකිව අසරණ වූ ප්‍රදේශවාසීන් සම්බන්ධයෙන් ඊයේ දිනයේදී පුවතක් වාර්තා වීම තුළින්. සැබවින්ම රුවන්වැලිමහ සෑ පුදබිමේ ඊයේ දිනයේදී කිරිපිඬු අසූහාර දහසේ පූජාවක් සිදු කළාද යන්න අප විමර්ශනයක් සිදු කරනු ලැබුවා.

    සමාජ මාධ්‍ය සටහන් :

    නෙදKing නමැති ෆේස්බුක් පිටුවේ එක රටක, එකම දවසේ සිද්ධීන් දෙකක් යනුවෙන් ඡායාරූප සටහන් දෙකක් යොදාගෙන සංසන්දනයක් සිදු කර තිබුණා.

    ඉන් එක් ඡායාරූප සටහනක දක්වා තිබුණේ, කන්න කිසිම දෙයක් නෑ මහත්තයෝ.. තියෙනවනම් අපි මෙහෙම එන්නේ නෑ යනුවෙන් සටහන් කළ සඳහනක් සහිත කාන්තාවක් හඬා වැටෙන ස්වරූපයක් සහිත ඡායාරූපයක්.

    දෙවන ඡායාරූපයේ දැක්වු‍ණේ රුවන්වැලිසෑ රඳුන් උදෙසා පූජා කළ කිරිපිඬු අසූහාර දහසේ පූජාවක ඡායාරූපයක් බවට පළ කළ සටහනක්.

    මෙමගින් හඟවා තිබුණේ ඊයේ (24) දිනට යෙදී තිබුණ පොසොන් පොහෝදා සිදුවීම් දෙකක් බවයි. මේ වන විට පහත සඳහන් සටහන 3000ට අධික ප්‍රමාණයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර තිබෙනවා.

    Facebook | Archived Link

    ඉහත සඳහන් සිදුවීම් දෙක සම්බන්ධකොට පළ වූ තවත් සටහනක් ෆේස්බුක් පිටුවක දක්වා තිබුණේ මෙලෙසින්. එම සටහනද 1000ට අධික පිරිසක් අතර හුවමාරු වී තිබෙනවා.

    Archived Link

    එමෙන්ම ඊයේ දිනයේදී Umanga නම් ෆේස්බුක් පිටුවක පළ කළ මෙම සටහනින් හඟවා තිබුණේ පොසොන් පොහොය නිමිත්තෙන් ලබා දුන් පූජාවක් බවයි.

    Facebook | Archived Link

    සත්‍ය වශයෙන්ම ඊයේ දිනයේදී රුවන්වැලි මහ සෑයේදී කිරිපිඬු අසූහාර දහසේ පූජාවක් සිදු වුනාද යන්න අප විමර්ශනය කරනු ලැබුවා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    කෝවිඩ් වසංගත තත්ත්වය නිසා රටම මුහුණ පෑ ඇති මෙම ව්‍යසනය හේතුවෙන් එදා වේල පිරිමහ ගන්නට හැකියාවක් නොමැති පිරිස් සිටින විටදී මෙවන් පූජාවක් සිදු කිරීම සම්බන්ධයෙන් ජනතාව මෙම ඡායාරූපය විවේචනය කර තිබුණේ මෙලෙසින්.

    අප ප්‍රථමයෙන්ම ඉහත සටහන්වල දක්වා ඇති ලෙස පොසොන් පොහොය දිනයේදී කිරිපිඬු අසූහාර දහසේ පූජාවක් රුවන්වැලිමහ සෑයේදී සිදු කරනු ලැබුවාද යන්න විමසීමට රුවන්වැලිමහ සෑයේ විහාරාධිපති හිමියන්ගෙන් විමසීමක් සිදු කරනු ලැබුවා.

    උන්වහන්සේ සඳහන් කළේ, එවන් පූජාවක් සිදු නොවුනු බවයි. කොවිඩ් වසංගත තත්ත්වය පාලනය වෙමින් පවතින අවස්ථාවේ පිටස්තර පුද්ගලයන් සඳහා කිසිඳු හෝ පූජාවක් කිරීමට අවසර නොලැබුණ අතර දෛනිකව සිදුවන වතාවන් පමණක් රුවන්වැලි පුදබිමේ සිදු කෙරුණු අතර කිරිපිඬු අසූහාර දහසේ පූජාවක් මැතක දී සිදූ නොවූ බව උන්වහන්සේ සනාථ කළා.

    එමෙන්ම ඊයේ දිනයේදී රුවන්වැලිසෑ පුදබිම කේන්ද්‍ර කරගනිමින් දෙරණාභිවන්දනා පොසොන් නමස්කාරය සිදු කරනු ලැබුවේ මෙලෙසින්.

    අප මෙහි දක්වා ඇති රුවන්වැලිසෑයේ සිදු කළ කිරිපිඬු පූජාවේ ඡායාරූපය සම්බන්ධයෙන් Reverse Image සෙවුමකට යොමු කළ එයින් තහවුරු වුණේ මෙම කිරිපිඬු අසූහාර දහසේ පූජාව 2018 වර්ෂයේ ජුලි 24 දින ස්වර්ණමාලි චෛත්‍යරජාණන් වහන්සෙහි වැඩ වසන සම්මා සම්බුදු අමාමැනි වහන්සේගේ ද්‍රෝණයක්  ධාතුන් වහන්සේලා වෙනුවෙන් අසුහරදාහක කිරිපිඩු පූජාවක් හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් සිදු කළ බවයි. සිව් හෙළයන් සම්බුද්ද ධර්මය බේරා දෙන ලෙසට දුටුගැමුණු මහා රජතුමාට පිං ප්‍රර්ථනා කිරීමේ අරමුණින් සිදු කළ බවට සඳහන් වූ වෙබ් වාර්තාවක් මෙතනින් සහ මෙතනින්.

    https://www.facebook.com/300433180318873/posts/662855847409936

    ඒ අනුව මෙම ඡායාරූපය 2018 වර්ෂයේ සිදු කරන ලද පූජාවක් බවට තහවුරු වෙයි. 

    එමෙන්ම අනෙක් ඡායාරූපය සඳහා යොදාගෙන තිබුණේ ඊයේ දිනයේදී නුවර සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශයක ප්‍රදේශවාසීන් ට ආහාර පාන සපයා ගැනීමට නොහැකි බවට දක්වා තිබූ වීඩියෝවකින් ලබා ගත් ඡායාරූපයකි. එම වීඩියෝව මෙතනින්. (එම ඡායාරූපය ලබාගෙන තිබුණේ 1.53 කොටසිනි).

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයට අනුව පැවසිය හැක්කේ ඊයේ පොසොන් පොහොය දිනයේදී කිරිපිඬු අසූහාර දහසේ පූජාවක් රුවන්වැලි මහ සෑ භුමියේ දී සිදු කරනු ලැබූ බවට හඟවමින් පළකර තිබුනේ නොමඟ යවන සුළු සටහන් පෙළක් බවයි. රුවන්වැලි මහසෑ විහාරාධිපති ස්වාමීන්වහන්සේ ද තහවුරු කළේ එම පුදබිමේ ඊයේ දිනයේදී එවන් කිසිඳු හෝ පූජාවක් සිදු නොවූ බවයි. 2018 වර්ෂයේදී සිදුවූ මෙම පූජාවේ ඡායාරූප අවභාවිත කොට මේ වසරේ සිදුවූ බවට හඟවා තිබීම මගින් ජනතාව නොමග ගොස් තිබුණා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-06-25

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.