Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: අසාධ්‍ය තත්ත්වයේ ප්‍රතිකාර ලබන අජිත් රෝහණ මහතාගේ ඡායාරුපයක් නොවේ!

    2021-08-25
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට ද කොවිඩ් ආසාදය වී ඇති බවට ඊයේ (24) දිනයේදී සැල වීමත් සමග අද දිනයේදී ඒ මහතා අසාධ්‍ය තත්ත්වයෙන් පසු වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක් පළ වුණේ ඒ අජිත් රෝහණ මහතා බවට පවසමින්. බොහෝ ජන

    හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට ද කොවිඩ් ආසාදය වී ඇති බවට ඊයේ (24) දිනයේදී සැල වීමත් සමග අද දිනයේදී ඒ මහතා අසාධ්‍ය තත්ත්වයෙන් පසු වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක් පළ වුණේ ඒ අජිත් රෝහණ මහතා බවට පවසමින්. බොහෝ ජනතාවගේ ආදරය දිනා සිටින නියෝජ්‍ය පොලිස්පති තුමාට කිසිදු කරදරයකට මුහුණ පෑමට සිදු නොවේයැයි ප්‍රාර්ථනා කරමින් ඒ පිළිබඳව දැනුවත් කිරීමට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් බහුලව සංසරණය වුණා. මෙහි නිරවද්‍ය තාවය සොයා අප විමසීමක් කරනු ලැබුවා.

    සමාජ මාධ්‍ය සටහන් :

    TRAVEL CEYLON නම් ෆේස්බුක් පිටුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා රෝගාතුරුව අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවට පළ වූ සටහනක් පළ වුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    එමෙන්ම අජිත් රෝහණ මහතාට බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වූ තිබුණේ මෙලෙසින්.

    මෙය වෙනත් පුද්ගලයකුගේ ඡායරුපයකට ලබාදුන් වැරදි අර්ථකතනයක් බව ද මෙම සටහන් හුවමාරු වී කෙටි කාලයක් තුළ බොහෝ දෙනෙක් හඳුනාගෙන ද තිබෙනු දැක ගන්නට ලැබුණා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (24) සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වූ අතර ඒ සම්බන්ධයෙන් Newswire පුවත් වෙබ් අඩවියද වාර්තා කර තිබුණා.  එමෙන්ම අද (25) දින ප්‍රධාන මාධ්‍යද ඒ පිළිබඳව වාර්තා කර තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.

    අද පෙරවරුවේ වාර්තා වූ  එම පුවත් වල ද සඳහන් කර තිබුණේ, ඒ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි. එසේ තිබියදීත් අජිත් රෝහණ මහතාට අසාධ්‍ය බවට පවසමින් එම මහතාගේ හැඩහුරුකමක් ඇති අසාධ්‍ය තත්ත්වයෙන් සිටින පුද්ගලයෙකුගේ ඡායාරූපයක් ඒ අජිත් රෝහණ මහතාගේ වර්තමාන තත්ත්වය බවට ගෙනහැර පාමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබූ බව අපට අනාවරණය වුණා. 

    ඒ සම්බන්ධයෙන් කළ නිරීක්ෂණයේදී තහවුරු වූයේ මෙම ඡායරුපයේ ඇත්ත වශයෙන් ම සිටින්නේ අජිත් රෝහණ මහතා නොවන බවත් එය TikTok සමාජ ජාලයේ tiago.arieiv නම් ගිණුමක ඇති මීට දින දෙකකට ඉහත දී පළකර තිබූ වීඩියෝවකින් ලබාගත් දර්ශනයක් බවයි.

    මෙම වීඩියෝව සම්බන්ධයෙන් පෘතුගීසි භාෂාවෙන් සඳහන් කරමින් අදාළ පුද්ගලයා පවසා තිබුණේ, (Eu venci o covid 19 Deus fez um milagre na minha vida) “මම කොවිඩ් 19 දිනුවා දෙවියන් වහන්සේ මගේ ජීවිතයේ ආශ්චර්‍යයක් කළා” යනුවෙනි.

    @tiago.arieiv

    Eu venci o covid 19 Deus fez um milagre na minha vida

    ♬ som original – Tiago.arieiV

    Archived

    කෙසේනමුත් මෙම පුද්ගලයා ඔහු පිළිබඳ විස්තර ඇතුළත් කර නොතිබුණු බැවින් ඔහු පිළිබඳ විස්තරයක් ලබාගැනීමට අප කටයුතු කළා. කොවිඩ් ආසදිතව ප්‍රතිකාර ලබාගත් අවස්ථාවේ තවත් වීඩියෝ කිහිපයක් ඔහු විසින් සිය ටික්ටෝක් ගිණුමේ පළකර තිබු අතර මේ තවත් එවැනි එක් වීඩියෝවක්.

    D:\AAA -Fact Checking\Completed\AAA-Publish\Sinhala\2021\374 Ajith Rohana\WhatsApp Image 2021-08-25 at 15.57.51.jpeg

    TikTok

    මේ ඔස්සේ මොහු ප්‍රතිකාර ලබමින් සිටියේ ජාත්‍යන්තර Unimed රෝහල් ජාලයේ රෝහලක් බව ද අනාවරණය කර ගත්තා. මෙය බ්‍රසීලයේ බොහෝ ලෙස ජනප්‍රිය රෝහල් ජාලයක්. එම ලාංඡනයම සහිත එවැනි රෝහලක ඇඳක් මත සිටින බ්‍රසීලියානු පුද්ගලයෙකු මෙතනින්. මේ අනුව මෙම පුද්ගලයා බොහෝ දුරට බ්‍රසීලයේ වැසියෙකු බව අනුමාන කිරීමට පුළුවන්.

    කෙසේවෙතත් මෙහි දැක්වෙන ඡායරුපයේ පෙන්වන්නේ අජිත් රෝහණ මහතා දැනට ලංකාවේ දී ප්‍රතිකාර ලබාගන්නා ලංකා රෝහල ද (Lanka Hospitals) නොවන බව තහවුරු වනවා. ලංකා රෝහලෙන් අප ඔහුගේ තත්ත්වය පිලිබඳ ව විමසීමක් කළ ද රෝගීන් පිළිබඳ තොරතුරු ලබා දීමට නොහැකි බව පවසමින් ඔවුන් ඒ පිළිබඳ විස්තරයක් ලබා නොදුන් අතර එම රෝහලේ අජිත් රෝහණ මහතා ප්‍රතිකාර ගන්නා බව පමණක් තහවුරු කළා.

    අජිත් රෝහණ මහතා සහ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායරුපයේ සිටි පුද්ගලයාගේ ඡායාරූප සංසන්දනයක් පහතින්.

    D:\AAA -Fact Checking\Completed\AAA-Publish\Sinhala\2021\374 Ajith Rohana\WhatsApp Image 2021-08-25 at 15.45.19.jpeg

    කෙසේවෙතත්, අප අජිත් රෝහණ මහතා සම්බන්ධයෙන් නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වන ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතාගෙන් ද විමසීමක් කළ අතර ඒ මහතා සඳහන් කළේ අජිත් රෝහණ මහතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවට පැවසූ සමාජ මාධ්‍ය ජාලා සටහන්ද අසත්‍ය බවත් අජිත් රෝහණ මහතා මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක කොවිඩ් සඳහා ප්‍රතිකාර ගන්නා බවත් අසාධ්‍ය තත්ත්වයෙන් පසු නොවන බවයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්

    Media-on-2021.08.25-at-1830

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    ඒ අනුව අපගේ කරුණු පරීක්ෂාවෙන් පෙන්වා දිය හැක්කේ හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කොරෝනා ආසාදනය වීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවට පෙන්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය ලබාගෙන තිබෙන්නේ විදෙස් රටක දී කොවිඩ් ආසදිතව ප්‍රතිකාර ලබාගනිමින් සිටි පුද්ගලයෙකු ඔහුගේ  TikTok ගිණුම වෙත මීට දින දෙකකට පෙර පළ කරන ලද වීඩියෝවකි. 

    අජිත් රෝහණ මහතා මේ වන විටත් (අගෝස්තු 25) කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගන්නා බවත් ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් පසු නොවන බවත් නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාද සඳහන් කරනු ලැබුවා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2021-08-25

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.