Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK : කොළඹ ගාලු මුවදොර ලෙස හුවමාරූ වන්නේ කොතැනක ඡායාරුපයක් ද?

    2021-09-03
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පසුගිය වසර කිහිපයේ කොළඹ නගරයේ මෙන්ම ගාලු මුවදොර ප්‍රදේශයේ ද අලුතින් ගොඩනැගීම් ඉදිවෙමින් නගර අලංකරන කටයුතුද සිදුවූ ආකාරය අපට දැකගන්නට ලැබුනි. මෙවන් පසුබිමක ගාලු මුවදොර (Galle Face) පිටියේ රාත්‍රී කාලයේ දී ලබාගන්නා ලද බව හැඟවෙන ආකාරයට හුවමාරු වී තිබූ ඡායාරූ

    පසුගිය වසර කිහිපයේ කොළඹ නගරයේ මෙන්ම ගාලු මුවදොර ප්‍රදේශයේ ද අලුතින් ගොඩනැගීම් ඉදිවෙමින් නගර අලංකරන කටයුතුද සිදුවූ ආකාරය අපට දැකගන්නට ලැබුනි. මෙවන් පසුබිමක ගාලු මුවදොර (Galle Face) පිටියේ රාත්‍රී කාලයේ දී ලබාගන්නා ලද බව හැඟවෙන ආකාරයට හුවමාරු වී තිබූ ඡායාරූපයක් පිළිබඳ අප සිදුකළ විමර්ශනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන්:

    “අපිත් කොළඹය හරිය – Apith Colombo Hariya” නම් ෆේස්බුක් පි‍ටුවක් විසින් “ගාලු මුවදොර පිටිය Galleface”  යන තේමාවෙන් හුවමාරු වී තිබූ අලංකාර ඡායාරුපයක් පහතින්.

    Facebook | Archived  FB

    සියයකට ආසන්න පිරිසක් මෙම ඡායාරූපය හුවමාරු කරගෙන තිබුණු අතර බැලු බැල්මටම මෙය ගාලු මුවදොර පිටිය නොවන බවට මෙම ඡායාරුපය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබූ බොහෝ දෙනෙක් පවසා තිබුණි. කෙසේවෙතත් මෙහි ඇත්ත වශයෙන් ම දැක්වෙන්නේ කිනම් ස්ථානයක් ද යන්න පිළිබඳව අප විමසා බැලීමට තීරණය කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    අප මෙම ඡායාරූපය ගූගල් ඉමේජ් සෙවුමක් වෙත යොමු කරමින් සිදුකළ පරීක්ෂාවේ දී දැකගන්නට ලැබුණේ මෙය මොරොක්කෝවේ ස්ථානයක් බවයි.

    This is Morocco නම් ෆේස්බුක් පි‍ටුවක් විසින් ඉහත ඡායාරුපය පළ කර තිබුණා. එහි ඡායාරුපය පිළිබඳ විස්තරයේ ද ඉංග්‍රීසි පරිවර්තනය වුණේ Corniche Tanger  නම් ස්ථානයක් ලෙසයි.

    Facebook | Archived

    මේ පිළිබඳව අප තවදුරටත් සිදුකළ විමර්ෂණයේ දී booking.com වෙබ් අඩවියේ ඇති appartement confortable නම් මොරොක්කෝවේ පිහිටි මහල් නිවාසයක ඡායරූප අතරේ මෙම ඡායාරුපය ද ලැයිස්තු ගත කර තිබෙනු අපට දැක ගන්නට ලැබුණා.

    මෙම වෙබ් අඩවියේ ම තවත් මහල් නිවාසයක සිට ලබාගත් ඡායාරුපයක ද මෙම ස්ථානයම වෙනස් කෝණයකින් මෙසේ දැක ගන්නට පුළුවන්. මොරොක්කෝවේ Tangier ප්‍රදේශයේ පිහිටි Bennis Towers නම් ගොඩනැගිල්ලක ෆේස්බුක් පිටුවේ ද මෙම ස්ථානයේ ම වෙනත් කෝණයක ඡායාරුපයක් දක්වා තිබූ අයුරු පහතින්.

    FB | Archived

    එසේම එම ස්ථානයේ දහවල් කාලයේ ඡායාරූපයක් පහතින්.

    මුහුදු තීරයක් සහිතව පිහිටි සංචාරකය ආකර්ෂණයක් තිබෙන මෙම Corniche Tangier ප්‍රදේශයට දෙස් විදෙස් සංචාරයකයන් බෝහෝ දෙනෙක් ප්‍රිය කරන බව ද වාර්තා වෙනවා. එසේම ගාලු මුවදොර පිටිය සහ අවට වීඩියෝවක් මෙතනින්.

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත කරුණු වලට අනුව පෙනී යන්නේ ගාලු මුවදොර පිටිය ලෙස නම් කරමින් හුවමාරු වී තිබූ ඡායාරූපය ලංකාවේ ස්ථානයක් නොවන බවයි. එම ඡායාරූපය මොරොක්කෝවේ Corniche Tangier නම් ප්‍රදේශයක ඡායාරූපයක් බව අපට තහවුරු කළ හැකියි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-09-03

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.