Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    තෙල් නෑ කියා පාර වැසූ පිරිසක් යට කරමින්, 8 දෙනෙකු ජීවිතක්ෂයට පත් කොට පළා ගිය මෝටර් රථයක්?

    2022-05-27
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ලංකාවේ ඇතිවී තිබෙන ඉන්ධන, ගෑස් අර්බුදය හේතුවෙන් දැඩි අපහසුතාවකට පත්ව ඇති ජනතාව, ඇතැම් ප්‍රදේශවල දී මාර්ග හරස් කරමින්, ඉන්ධන ඉල්ලා මහ මාර්ග ඔස්සේ විවිධාකරයේ විරෝධතාවල නියැලීම, පසුගිය දින කිහිපයේ දී දැක ගන්නට ලැබුණා. මෙසේ මාර්ග අවහිර කිරීම හේතුවෙන් තවත් ජන

    ලංකාවේ ඇතිවී තිබෙන ඉන්ධන, ගෑස් අර්බුදය හේතුවෙන් දැඩි අපහසුතාවකට පත්ව ඇති ජනතාව, ඇතැම් ප්‍රදේශවල දී මාර්ග හරස් කරමින්, ඉන්ධන ඉල්ලා මහ මාර්ග ඔස්සේ විවිධාකරයේ විරෝධතාවල නියැලීම, පසුගිය දින කිහිපයේ දී දැක ගන්නට ලැබුණා. මෙසේ මාර්ග අවහිර කිරීම හේතුවෙන් තවත් ජන කොටස් පීඩාවට පත් ව තිබු අතර මේ දිනවල මේ ඔස්සේ විභාග සඳහා මුහුණදෙන දරුවන් ට ද බාධා වී ඇති බවටත් චෝදනා නැගුණා.

    මෙවන් පසුබිමක, මෙලෙස මාර්ග අවහිර කරමින් සිදුකළ විරෝධතාවක නිරත වූ 8 දෙනෙකු යට කරමින් මෝටර් රථයක් පළා ගිය බවට ඡායාරූප සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්. 

    සමාජ මාධ්‍ය සටහන් :

    “තෙල් නෑ කියා පාර වැසූ පිරිසක් යට කරගෙන කාර් රථයක් පලා යයි. 8 දෙනෙකු ජීවිතක්ෂයට” යනුවෙන් දක්වමින් ඡායාරුප එකතුවක් ද සමඟින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වී තිබුණා.

    Facebook | Archived

    එසේම මෙම ඡායාරුප පෙළම යොදාගනිමින් මෙවැනි පුවතක් ඉදිරියේ දී දැක ගන්නට ලැබෙන්නට ද පුළුවන් බව දක්වමින් සටහන් පෙළක් ද මෙසේ හුවමාරු වී තිබුණා.

    Facebook | Archived Link

    මෙම සටහන ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්. Archived Link|Archived Link

    සත්‍ය වශයෙන්ම මෙලෙසින් රිය අනතුරකින් 8 දෙනෙකු ජීවිතක්ෂට පත් වූවාද? මෙය සත්‍ය සිදුවීමක් ද, නැතහොත් මෙය මෙරට වූ අනතුරක්ද යන්න පිළිබඳ නිශ්චිත තොරතුරක් එම සටහන් වල සඳහන් නොවීම හේතුවෙන් බොහෝ දෙනා නොමග ගොස් ඇති බවට එම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් පෙනී ගියේ මෙලෙසින්.

    මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    මෙරට මෙවැනි අනතුරක් සම්බන්ධයෙන් කිසිදු පුවතක් ප්‍රධාන මාධ්‍ය හෝ පොලිස් මාධ්‍ය නිවේදනයක හෝ සඳහන් වී නොතිබුණු බැවින් අප මෙම ඡායාරූප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

    ඒ අනුව මෙම සිදුවීම මෙරට සිදුවීමක් නොවන බවත් මෙය ඉන්දියාවේ අහමදාබාද්හි 2016 වසරේ සිදුවූ අනතුරක් බවත් තහවුරු වුණා.

    ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මිනිසුන් පාර වසා සිටි බවට මෙහිදී කිසිදු සඳහනක් නොමැති අතර මේ පිළිබඳව එම අනතුරේ CCTV දර්ශන නැරඹීමේදී පෙනී යන්නේ, වේගයෙන් පැමිණි මෝටර් රථයක් ස්කූටි යතුරු පැදියක වැදී මෙම අනතුර සිදු වන බවයි.

    යතුරු පැදියෙන් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු එම මෝටර් රථයේ වැදී විසි වී නැවත මාර්ගයට වැටෙන අතර එම අනතුර සිදු කළ මෝටර් රථ රියදුරා මෝටර් රථය නොනවත්වා ධාවනය කරන ආකාරයක් දැක ගන්නට ලැබේ.

    එමෙන්ම යතුරුපැදිය ධාවන කළ පුද්ගලයා සුළු මොහොතකින් මාර්ගයෙන් නැගිටින ආකාරය CCTV දර්ශන වල දැක ගන්නට ලැබෙනවා. ඒ සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තාවක් මෙතනින්. Archived Link

    එම අනතුරේ CCTV දර්ශන පහතින්.

    Archived Link

    මෙම අනතුර සම්බන්ධයෙන් ඉන්දීය පුවත් විකාශයක පළ කර තිබූ අතර මෙලෙස අනතුරට පත් වී තිබුණේ තරුණියන් දෙදෙනෙකු බවත් යතුරු පැදිය ධාවනය කරමින් පැමිණි තරුණියට සුළු තුවාල පමණක් සිදුවී ඇති බවත් අනෙක් තරුණිය අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ බවත් ඇය අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණා.

    මෙහිදී ඇය විසින් හින්දි බසින් පවසන්නේ, තමා සිය යෙහෙළියව නිවසට ඇරලවීම සඳහා ධාවනය කිරීමේදී මෙම අනතුරට මුහුණ පෑ බවත්, ඒ මොහොතේ සිදු වූයේ කුමක්ද යන්න තමන්ට සිතා ගැනීමට නොහැකි වූ බවත්, තමන්ගේ මෙන්ම යෙහෙළියගේත් ජීවිතය බේරුණේ හාස්කමකින් බව අනතුරේ වීඩියෝව නැරඹීමේදී ඇයට සිතුණු බවයි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, මෙරට සිදුවීමක් බව හඟවමින්, ඉන්ධන නොමැති හෙයින් පාරවල් වසා විරෝධතාවක නියැලුනු පිරිසක් යට කරමින් මෝටර් රථයක් ධාවනය කර ඇති බවත් එම අනතුරින් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවටත් සඳහන් කරමින් සංසරණය වූ සටහන් නොමග යවන සුළු බවයි. මෙම අනතුරේ ඡායාරූප වල දැක්වෙන්නේ ඉන්දියාවේ 2016 වසරේ සිදුවූ අනතුරක් වන අතර තරුණියන් දෙදෙනෙකු නිවස බලා ගමන් කරමින් සිටියදී අධික වේගයෙන් ධාවනය කළ මෝටර් රථයක වැදී මෙම අනතුර සිදු වී ඇති තිබු අතර, අනතුරින් කිසිවෙකු ජීවිතක්ෂට පත් වී නොමැති බවත්ය. ලංකාවේ මේ ආකාරයේ සිද්ධියක් මෙතෙක් වාර්තා වී නොතිබුණි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-05-27

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.