Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ගලබොඩ අත්තේ ඥාණසාර හිමි ජපානයේ ගිහියකු ලෙස සිටින ඡායාරූපයක් ද?

    2021-10-11
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    සමාජ මාධ්‍ය ඔස්සේ ද, ප්‍රධාන මාධ්‍ය ඔස්සේ විටින් විට ආන්දෝලනාත්මක ප්‍රකාශ ද නිකුත් කරමින් සමාජයේ කතිකාවත් ඇති කිරීම සඳහාම පසුගිය කාලයේ ද මුල්වූ කැපී පෙනෙන චරිතයක් වන ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් සම්බන්ධයෙන් කලින් කලට අසත්‍ය සහ නොමඟ යන සුළු සටහන් පළවෙනු දැකගන

    සමාජ මාධ්‍ය ඔස්සේ ද, ප්‍රධාන මාධ්‍ය ඔස්සේ විටින් විට ආන්දෝලනාත්මක ප්‍රකාශ ද නිකුත් කරමින් සමාජයේ කතිකාවත් ඇති කිරීම සඳහාම පසුගිය කාලයේ ද මුල්වූ කැපී පෙනෙන චරිතයක් වන ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් සම්බන්ධයෙන් කලින් කලට අසත්‍ය සහ නොමඟ යන සුළු සටහන් පළවෙනු දැකගනන්ට පුළුවන්. වසර ගණනාවක සිට මෙසේ හුවමාරු වන ඡායාරුප සටහනක පෙන්වා දෙන්නේ ඥාණසාර හිමියන් ගිහියෙකු ලෙස හැඳ පැළඳ සිටින ආකාරයක්. එහි සත්‍යතාව සොයා අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    “ ලංකාවේ ඉඳන් ගිරිය කඩන් මහින්දට කඩේ යනවා. සිවුරු ගලවලා ජපානෙ ගිහින් ආතල් ගන්නවා. මේවා හොඳ නෑ නානසාර හිමියනේ..!! ” යනුවෙන් පළ වූ සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙරට නොවන ස්ථානයක ගිහියෙකු ලෙස හැඳ පැළඳ සිටින ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන් බවට පවසමින් ඡායාරූපයක් ද එක් කරමිනි.

    Facebook | Archived Link

    මෙම සටහන 2016 වර්ෂයේ සිට වරින් වර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා. මේ වන විට එම සටහන් 4500 ට අධික ෆේස්බුක් පරිශීලකයින් අතර සංසරණය වී ඇති අතර නැවත මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්. Archived Link

    ගලබොඩ අත්තේ ඥාණසාර හිමි බවට බොහෝ දෙනෙකු පවසා තිබූ මෙම ඡායාරූපයේ සිටින්නේ සත්‍ය වශයෙන්ම එම හිමිනම ද යන්න බොහෝ දෙනා විමසා සිටි අතර බොහෝ පිරිසක් මෙම ඡායාරූපයේ සිටින්නේ ඥාණසාර හිමි බවට උපකල්පනය කර තිබුණේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් ලෙස හඳුන්වමින් සංසරණය වූ ඡායාරූපයේ සිටින පුද්ගලයා සම්බන්ධයෙන් අප කළ නිරීක්ෂණයේදී දැක ගන්නට ලැබුණේ, එම ඡායාරූපයේ සිටින පුද්ගලයා බවට පැවසිය හැකි ගිහි පුද්ගලයෙකු ඥාණසාර හිමි සමගින් ලබා ගත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වී ඇති බවයි. එම ඡායාරූපයත් සමඟ ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ ව්‍යාජ සටහනක් යනුවෙන් එක් ෆේස්බුක් පරිශීලකයෙක් එකතු කර තිබු සටහනක් පහතින්. 

    Facebook | Archived Link

    සුනිල් ගොඩහේන මහතාගේ ඡායාරුපයක්

    ඒ ඔස්සේ අප කළ විමර්ශනයේදී අපට දැකගනන්ට ලැබුනේ සුනිල් ගොඩහේන නමැති එම පුද්ගලයා, ඥාණසාර හිමිට බොහෝ සේ සමාන හැඩහුරුකමක් දක්වන බවයි. එය ඔහුගේ ෆේස්බුක් ගිණුම හරහා එහි ඇති ඡායාරූප නිරීක්ෂණයේදී ද, දැකගන්නට ලැබුනේ මෙලෙසින්. Archived Link ඔහුගේ නමින් ඇති ඉන්ස්ටග්‍රෑම් ගිණුමක ද තවත් ඡායාරූප මෙසේ පළකර තිබුණා.

    සුනිල් ගොඩහේන මහතාගේ හැඩහුරුව ඥාණසාර හිමිගේ හැඩ හුරුවට බොහෝ සමාන හෙයින් ඒ මහතා සහ ඥාණසාර හිමි සිටිනා ඡායාරූපයක් සඳහා ප්‍රතිචාර වල දැක්වුණේද, මොවුන් දෙදෙනා සොහොයුරන් මෙන් එක හා සමාන බවටයි.

    Facebook | Archived Link

    එසේම ඥාණසාර හිමි බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපය හා සුනිල් ගොඩහේන මහතාගේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ලබාගත් වෙනත් ඡායාරූප අතර රූප සංසන්දනයක් පහතින්.

    අප මේ පිළිබඳ වැඩිදුර කරුණු තහවුරු කර ගැනීමට සුනිල් ගොඩහේන මහතා සම්බන්ධ කර ගැනීමට උත්සහ කළද මේ වන තෙක් එයට හැකියාවක් ලැබුණේ නැහැ. සුනිල් ගොඩහේන මහතාගේ දියණිය වන සචිනි විසින් මෙම ඡායාරූපයේ සිටින පුද්ගලයා සිය පියා බව AFP වෙත පවසා තිබු අතර ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සුනිල් ගොඩහෙන මහතාගේ ඡායාරුප ද අපට දැක ගන්නට ලැබුණා. එවැනි එක් ඡායාරුපයක් මෙතනින්.

    බොදු බල සේනා මාධ්‍ය අංශය

    අප මේ සම්බන්ධයෙන් බොදු බල සේනා මාධ්‍ය අංශයෙන්ද විමසා සිටි අතර, එහි මාධ්‍ය ලේකම්වරයා පවසා සිටියේ, ඥාණසාර හිමි ජපානයට ගිය අවස්ථාවකදී මෙම පුද්ගලයා ඥාණසාර හිමියන් හමුවූ අවස්ථාවක  ඥාණසාර හිමියන් සමගින් ඡායාරූපයක් ලබා ගත් අතර ඔහු හා සම්බන්ධ වෙනත් හැඳුනුම්කමක් ඥාණසාර හිමියන්ට නොමැති බවයි. ඉන්පසුව මොහුගේ ඡායාරූප යොදා ගෙන ඒ ඥාණසාර හිමි බවට ප්‍රකාශ කරමින් බොහෝ අසත්‍ය ප්‍රචාරය කර බවත් මෙම සිදුවීමෙන් පසු තමා ද ඒ මහතා සම්බන්ධ කර ගැනීමට ජපානයේ පිහිටි පන්සලකට දැන්වූ බවත් මෙම පුද්ගලයා සම්බන්ධ කර ගැනීමට මෙතෙක් නොහැකි වී තිබූ බවද සඳහන් කළා. කෙසේ වෙතත් එම ඡායාරූපයේ සිටින්නේ ඥාණසාර හිමියන් නොවන බවයි මාධ්‍ය ලේකම්වරයා තහවුරු කර සිටියේ.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය):

    ගලබොඩඅත්තේ ඥාණසාර හිමි ගිහියෙකු ලෙස ජපානයේ දී හැඳ පැළඳ සිටි අවස්ථාවක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ ඡායාරූපයේ දැක්වෙන්නේ ඥාණසාර හිමිගේ ස්වරූපයට බොහෝ සමානකමක් ඇති, ඥාණසාර හිමි ජපානයේ සංචාරය කල අවස්ථාවක, හමුවී ඡායාරුපයක් ද ලබාගත්, එකල ජපානයේ විසූ සුනිල් ගොඩහේන නම් ශ්‍රී ලාංකිකයෙකුගේ වෙනත් ඡායාරූපයකි

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2021-10-11

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.