Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    Galleface Green ඉදිරිපිට ලංකාවේ විශාලතම මුස්ලිම් පල්ලි ඉදිකිරීමට මුල්ගල තිබ්බාද?

    2022-01-29
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජනතාව නොමග යැවීමේ අරමුණින් සහ ඇතැම් අවස්ථා වලදී ජාතිවාදය ඇවිස්සීම වැනි කරුණු ද මුල් කරගනිමින් අසත්‍ය සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා අපට දැක ගන්නට පුළුවන්. එවන් අසත්‍ය සටහනක් පිළිබඳ අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ගෝල්ෆේස් පිටියට ම

    ජනතාව නොමග යැවීමේ අරමුණින් සහ ඇතැම් අවස්ථා වලදී ජාතිවාදය ඇවිස්සීම වැනි කරුණු ද මුල් කරගනිමින් අසත්‍ය සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා අපට දැක ගන්නට පුළුවන්. එවන් අසත්‍ය සටහනක් පිළිබඳ අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “ගෝල්ෆේස් පිටියට මුහුනලා වෑකන්ද අක්කරයක භූමි භාගයක ,ලංකාවේ ඉදිවන විශාලතම මුස්ලිම් පල්ලියට මුල්ගල තැබේ.”

    “අගනුවර ඉදිවන යෝජිත ලංකාවේ විශාලතම මුස්ලිම් පල්ලිය. එකවර පනස් දහසකට වන්දනා කළ හැකි යෝජිත නව මුස්ලිම් පල්ලියට මුලගල තැබේ. ”

    Facebook | Archived Link

    රාජපක්ෂලා බලයේ ඉන්න ඕන ඒකයි යනුවෙන් සඳහන් කරමින් එම ඡායාරූපය රැගත් තවත් සටහනක් ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණා.

    Facebook | Archived Link

    කෙසේවෙතත් ගෝල්ෆේස් පිටියට මුහුණ ලා මෙවැනි මුස්ලිමේ දේවස්ථානයක් සෑදීමට මුල් ගල තබා ඇත්දැයි අප විමර්ශනයක් සිදු කිරීමට තීරණයේ කළේ මේ ඔස්සේ බොහෝ පිරිස් මෙය සත්‍යයක් බවට විශ්වාස කර ඇති බැවින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප ප්‍රථමයෙන්ම ගෝල්ෆේස් පිටිය වර්තමානය වන විට Galleface Green ලෙස හඳුන්වන එම ස්ථානයට මුහුණලා එකවර පනස් දහසකට වන්දනා කළ හැකි මුස්ලිම් දේවස්ථානයක් සෑදීමට අනුමැතිය ලබා දී ඇත්දැයි විමසීමට අප නාගරික සංවර්ධන අධිකාරියෙන් විමසීමක් කරනු ලැබුවා.

    එම අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මහින්ද විතානආරච්චි මහතා පවසා සිටියේ, ගෝල්ෆේස් පිටියට මුහුණලා  මුස්ලිම් පල්ලියක් ඉදිකිරීමට යෝජනා වී නොමැති බවයි. එමෙන්ම එම ස්ථානයකට මුල් ගල තැබීම ද සිදු වී නොමැති බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

    එමෙන්ම එවන් ඉදිකිරීමක් සඳහා මුල්ගල තැබූ බවට කිසිදු මාධ්‍ය වාර්තාවක් පළ වී නොමැති අතර ගෝල්ෆේස් ග්‍රීන් ඉදිරිපිට හෝටල් සංකීර්ණ සහ මේ වන විටත් ගොඩනැගිලි ඉදිවෙමින් පවතින අතර ඒ ඉදිරිපිට මේ ආකාරයේ පල්ලියක් ඉදිවෙමින් පවතින අවකාශයක් ද දක්නට නොලැබිණි.

    එසේම සමාජ මාධ්‍ය සටහන් සඳ යොදාගෙන ඇති ඡායරුපයේ විස්තර ලබාගැනීමට අප එම ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

    එහිදී අපට දැක ගන්නට ලැබුණේ, එය දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ, කැලිකට්හි, ඉදිකිරීමට නියමිත ඉන්දියාවේ විශාලතම මුස්ලිම් පල්ලිය වන Sha’re Mubarak Masjid ( Blessed Hair Grand Mosque ) මුස්ලිම් දේවස්ථානයේ අනුරුවක් බවයි.  

    මුහම්මද් තුමාගේ හිසකෙස් යැයි මුස්ලිම්වරුන් විශ්වාස කරන ධාතුවක් තැන්පත් කරමින් මෙම දේවස්ථානය ඉදිකිරීමට නියමිත අතර ඒ සඳහා ඇස්තමේන්තු ගත වියදම ඉන්දියානු රුපියල් කොටි 40ක් පමණ වනවා. මෙම දේවස්ථානය වර්ග අඩි 250,000 ක භූමි ප්‍රදේශයකින් සමන්විත වන අතර වන්දනාකරුවන් 25,000 – 30,000 කට පමණ මෙහි නවාතැන් ගත හැකි වනු ඇති බවද වාර්තා වෙනවා.

    Mathrubhumi| Archived Link

    මේ බවට පළ වූ තවත් වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    Fact Crescendo අප මලයාලම් කණ්ඩායම විසින් කන්තපුරම් මුසලියාර්ගේ කාර්යාලයෙන් තහවුරු කරන ලද්දේ මෙම ඉදිකිරීම් පළමු අදියරේ සිදු කෙරෙන බවයි. 

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, ගෝල්ෆේස් ග්‍රීන් ඉදිරිපිට ලංකාවේ විශාලතම මුස්ලිම් දේවාස්ථානය ඉදි කිරීමට මුල් ගල තැබූ බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් අසත්‍ය බවයි. එම ඡායරුපයේ දැක්වෙන මුස්ලිම් දේවස්ථානය ඉන්දියාවේ කේරළයේ ඉදිවීමට නියමිත විශාලතම මුස්ලිම් දේවස්ථානයේ අනුරුවක ඡායාරූපයකි. නාගරික සංවර්ධන අධිකාරිය පැවසුවේ ද, එලෙස මුස්ලිම් දේවස්ථානයක් සෑදීමට අවසර ලබා දී නොමැති බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-01-29

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.