Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    මාතර වෙහෙරහේන පාරේ සේයාරුවක්  ද ?(PHOTO)

    2022-08-13
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    නිතර සංචාරයේ යෙදීමට ප්‍රියකරන පිරිස් මෙන්ම පරිසරයට ප්‍රිය කරන බොහෝ දෙනා අතර රමණීය තුරුලතා ආදියෙන් පිරි මාර්ග පිලිබඳ තොරතුරු දැන ගැනීමට දක්වන්නේ මහත් කුතුහලයක්. මේ නිසාම පාඨකයින් ආකර්ෂණය කරගැනීමට අලංකාර දර්ශන සහිත මාර්ග පිලිබඳ තොරතුරු දැක්වෙන ව්‍යාජ සටහන්

    නිතර සංචාරයේ යෙදීමට ප්‍රියකරන පිරිස් මෙන්ම පරිසරයට ප්‍රිය කරන බොහෝ දෙනා අතර රමණීය තුරුලතා ආදියෙන් පිරි මාර්ග පිලිබඳ තොරතුරු දැන ගැනීමට දක්වන්නේ මහත් කුතුහලයක්. මේ නිසාම පාඨකයින් ආකර්ෂණය කරගැනීමට අලංකාර දර්ශන සහිත මාර්ග පිලිබඳ තොරතුරු දැක්වෙන ව්‍යාජ සටහන් සමාජ ජාලා ඔස්සේ පළවෙන අතර වැඩි සොයා බැලීමකින් තොරව බොහෝ දෙනා මෙම සටහන් හුවමාරු කර ගැනීමටත් පෙළඹෙනවා.

    මේ ඒ ආකාරයට මාතර, වෙහෙරහේන ප්‍රදේශයේ මාර්ගයක් ලෙස හුවමාරු වූ ඡායාරුප සටහනක් පිලිබඳ කෙටි කරුණු දැක්වීමක්.

    සමාජ ජාලා සටහන් 

    මාතර – වෙහෙරහේන මාර්ගයේ සේයාරුවක් ලෙස සදහන් කරමින් පහත පෝස්ටුව , ෆේස්බුක් වෙත එක්කර තිබුණා.

    Facebook | Archived 

    එම සටහන් ෆෙස්බුක් පරිශීලකයින් අතර පැතිර තිබුණේ මේ ආකාරයෙන්.

    Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)

    අප මුලින්ම මෙම සේයාරුව Google Reverse Image Search සෙවුමකට යොමුකළා. එහිදී අපට දැකගන්නට ලැබුණේ මෙය මාතර-වෙහෙරහේන මාර්ගයේ සේයාරුවක් නොව ඔස්ට්‍ර්ලියාවේ , ඇඩිලේඩ් හි කැන්ගරු දිවයිනේ මාර්ගයක් නිරුපණය කරන සේයාරුවක් බවයි.

    මෙම මාර්ගය නිරුපණය කරන සේයාරු අපට පහත වෙබ් අඩවි ඔස්සේ හමුවුනා.එම සේයාරු වලට පිවිසීම මෙතනින් සහ මෙතනින්. Archived ,Archived

    Alamy සේයාරු එකතුවේද මෙම ඡයාරුපය දක්නට හැකියි.එය 2013 වසරේදී ලබාගත් සේයාරුවක්.

    Alamy | Archived

    ඉන් අනතුරුව අප තවත් මේ සම්බන්ධයෙන් වන මාධ්‍ය වාර්තා පරිශීලනය කරා. බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් පුවත්පත මේ පිලිබදව 2020 වසරේදී වාර්තාවක් පළ කරමින් සදහන් කරන්නේ ලැව් ගිනි දරුණු ආකාරයෙන් හටගැනීම නිසා මෙම මාර්ගය පෙර පැවති සුන්දරත්වයෙන් යුතුව දක්නට නොලැබෙන බවයි. ඒ සම්බන්ධයෙන් වන ඩේලි මේල් වාර්තාවක් කියවිය හැකියි මෙතනින් | Archived.

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායරුපයේ දැක්වෙන තරම් වන ගහනයක් දක්නට නොලැබෙන මාතර-වෙහෙරහේන මාර්ගය සහ ඒ අවට පරිසරය, Google Street View ඔස්සේ, මෙලෙසින් දැක ගන්නට පුළුවන්.

    මේ ඡායරුපයම 2020 වසරේ දී අනුරාධපුර – පුත්තලම් මාර්ගය ලෙස ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ අතර එම අවධියේ දී ඒ පිලිබඳ අප ඉංග්‍රීසි බසින් සිදුකළ කරුණු අනාවරණය මෙතනින්

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News |TikTok

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද කරුණු විමසුමේදී තහවුරු වුයේ මාතර – වෙහෙරහේන මාර්ගයේ ඡායාරුපයක් ලෙස සමාජ ජාලා ඔස්සේ හුවමාරු වන සේයාරුව මගින් සැබෑ ලෙසම නිරුපණය වන්නේ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හි කැන්ගරු දුපතේ ඇති මාර්ගයක සේයාරුවක් බවයි.

    Read also : FACT CHECK : අනුරාධපුර – පුත්තලම මාර්ගය ලෙස දක්වමින් හුවමාරු වූ ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ මහ මාර්ගයක්!

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-08-13

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.