Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: දකුණු අප්‍රිකාවේ ඉපදුණු ලෝකයේ කළුම දරුවාගේ ඡායාරුපයක් ද?

    2021-06-18
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    අප්‍රිකානු මහද්වීපයේ වැඩි ජනගහනයක් කලු ජාතිකයන්ගෙන් සමන්විත වනවා. ඒ අතුරින් දකුණු අප්‍රිකාවේ ද කලු ජාතිකයන් බහුතරයක් වෙසෙන අතර සුළුතර සුදු ජාතිකයින් මෙන්ම ඉන්දියන් සහ මිශ්‍ර අප්‍රිකානු සම්භවයෙන් යුත් පිරිසක් ද ජීවත් වනවා. දකුණු අප්‍රිකාවේ ඉපදුණු ලෝකයේ කළු

    අප්‍රිකානු මහද්වීපයේ වැඩි ජනගහනයක් කලු ජාතිකයන්ගෙන් සමන්විත වනවා. ඒ අතුරින් දකුණු අප්‍රිකාවේ ද කලු ජාතිකයන් බහුතරයක් වෙසෙන අතර සුළුතර සුදු ජාතිකයින් මෙන්ම ඉන්දියන් සහ මිශ්‍ර අප්‍රිකානු සම්භවයෙන් යුත් පිරිසක් ද ජීවත් වනවා.

    දකුණු අප්‍රිකාවේ ඉපදුණු ලෝකයේ කළුම දරුවා පිලිබඳව ඡායාරුපයක් සහිත  සටහන් බොහොමයක් අපට සමාජ ජලා තුළ පසුගිය දින කිහිපයේ හුවමාරු වී තිබුණා. ඒ පිලිබඳ අපගේ විමර්ෂණය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන්:

    දුලා නම් ෆේස්බුක් පි‍ටුවක් මෙම පුවත පල කර තිබුනේ 

    “කළු කියන්නේ ලස්සනම පාටක් … ලෝකයේ කළුම දරුවා දකුණු අප්‍රිකාවේ “

    ලෙස සඳහන් කරමින්.

    Facebook | Archived   Facebook | Archived

    මේ ආකාරයට Instagram හි හෑයියා  නම් ගිණුමක් විසින්ද මෙම ඡායාරූපය හුවමාරු කරගෙන තිබුනේ පහත ආකාරයෙන්.

    Instagram | Archived

    මේ ආකාරයට බොහෝ දෙනෙකු මෙම ඡායාරූප සටහන හුවමාරු කරගෙන තිබු බව අපට දකින්නට ලැබුනා. සැබැවටම ලෝකයේ කලුම දරුවා මෙසේ ඉපදී ඇතිද යන්න පිලිබඳව වැඩි දුරටත් කරුණු සොයා බැලීමට අප තීරණය කලා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    අප මෙම ඡායාරූප පිලිබඳව කරුණු සොයා බැලීමට මෙම දරුවාගේ රූපය ගූගල් රිවර්ස් ඉමේජ් සෙවුමක් වෙත යොමු කරන ලදී. එහිදී අපට මෙහි මුල් ඡායාරූප සොයා ගත හැකිවුණු අතර මේ සැබෑවටම කුඩා දරුවෙකු නොව බෝනික්කෙක් ලෙස නිර්මාණය කරන ලද දරුවෙකු බවට තහවුරු වුණා.

    මෙම නිර්මාණය Lilah Pearsons නම් කාන්තාවක් විසින් සිදු කරන ලද මැටි ආශ්‍රිත නිර්මාණයක් බව අපට තහවුරු කර ගැනීමට හැකි වුණා. ඇයගේ Pinterest ගිනුමේ මේ ආකාරයේ මැටියෙන් කල නිර්මාන බොහොමයක් දැකගන්නට හැකියි.

    මෙම නිර්මාන අතර කුඩා දරුවෙකු ගේ යයි හැඳින්වුන එම ඡායාරූපයේ සිටින දරුවෙකුගේ ස්වරූපයට පොලිමර් ක්ලේ වලින් සිදු කරන ලද නිර්මාණයක් ද අපට දැකගන්නට ලැබුනා.

    Pinterest  | Archived

    Lilah Pearson නම් කාන්තාව මෙම නිර්මාණ eBay වෙබ් අඩවියටද එකතු කර සිදු කර ඇති බවක් දැකගන්නට ලැබුණා. මේ දිනවල ඊබේ වෙබ් අඩවියේ Breath of Heaven Doll Boutique නම් ගිණුමේ ඇයගේ නිපැයුම් වෙලඳාම් කෙරෙන බවක් දක්නට ලැබෙන්නේ නැති නමුත් තවමත් ඇයගේ ඊබේ  ප්‍රොෆයිලයේ  නිර්මානයක් දක්නට ලැබෙනවා.

    ebay

    මෙම බෝනික්කන් නිශ්පාදනය කරන කාන්තාව ඇයගේ නිර්මාන පිලිබඳව තොරතුරු ලබාදීම සඳහා http://www.breathofheavenooakdolls.com/ නමින් වෙබ් අඩවියක්ද නිර්මාණය කර තිබී ඇති අතර එය මේ වන විට ක්‍රියාත්මක තත්ත්වයේ පසුවන්නේ නෑ.

    මෙම ඡායාරුපය මුලින්ම 2015 වසරේ දී මේ අයුරින් වැරදි අර්ථකතනයක් සහිතව හුවමාරු වී තිබු අතර ඒ පිළිබඳව එම අවධියේ දී Snopes කරුණු විමර්ෂණය කණ්ඩායම ඉංගීසි බසින් සිදුකළ අනාවරණයක් මෙතනින්.

    Also Read:

    Fact Check: ලොව වැඩියෙන්ම අඳුරු වර්ණ සම පිලිබඳ පිලිබඳ ගිනස් වාර්තාවක් නැත!

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත කරුණු අනුව සලකා බැලීමේදී ලෝකයේ කළුම දරුවා දකුණු අප්‍රිකාවේ උපත ලබා ඇතැයි පවසමින් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රම් තුළ හුවමාරු වන්නේ සැබෑ දරුවෙකුගේ ඡායාරුපයක් නොවෙයි. එම ඡායාරූපය Lilah Pearson නම් කාන්තාවක් විසින් පොලිමර් ක්ලේ වලින් නිර්මාණය කරන ලද බෝනික්කෙකු ගේ ඡායාරුප එකතුවක් බවට අපට තහවුරු කල හැකියි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-06-18

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.