Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: සුනිල් හඳුන්නෙත්ති සිය පුතුණුවන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ඇතුළත් කිරීමට ගිය අවස්ථාවක්?

    2021-07-20
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජනතා විමුක්ති පෙරමුණ අළල නිර්මාණය කෙරෙන බොහෝ ව්‍යාජ සටහන් රටේ පවතින කාලීන මාතෘකා අළල පළ වන අයුරු අපට සුලබව දක්නට ලැබෙන කරුණක්. ඇතැම් අවස්ථාවන්හිදී ජනතාව නොමග යැවීම සඳහා සත්‍ය සටහන්, ඡායාරූප, සිදුවීම අළලා වෙනත් අර්ථකතනයක් ලබා දී ජනතාව නොමග යැවීමට උත්සහ කරන

    ජනතා විමුක්ති පෙරමුණ අළල නිර්මාණය කෙරෙන බොහෝ ව්‍යාජ සටහන් රටේ පවතින කාලීන මාතෘකා අළල පළ වන අයුරු අපට සුලබව දක්නට ලැබෙන කරුණක්. ඇතැම් අවස්ථාවන්හිදී ජනතාව නොමග යැවීම සඳහා සත්‍ය සටහන්, ඡායාරූප, සිදුවීම අළලා වෙනත් අර්ථකතනයක් ලබා දී ජනතාව නොමග යැවීමට උත්සහ කරන අයුරු මෙන්ම නමට කැළලක් ඇති කරවීම මෙම අසත්‍ය තොරතුරු වල අරමුණයි. එවන් වෙනත් අර්ථකතනයක් ලබා දුන් ඡායාරූපයක් සම්බන්ධයෙන් අප කළ කරුණු විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    පුංචි අම්මා නම් ෆේස්බුක් පිටුවක දක්වා තිබුණේ, පුතා කොතලාවල වි. විද්‍යාලයට දාන්න ගියපු හදුන්නෙත්ති මාට්ටු යනුවෙනි. එම සටහන සඳහා දක්වා තිබූ ඡායාරූපයේ දැක්වුණේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා හා ඔහුගේ පුතා බවට පැවසිය හැකි සිසුවෙකු ආපන ශාලාවක් අසලින් ගමන් කරන අයුරුයි.

    එම ඡායාරූප සටහනේද දක්වා තිබුණේ, KDU එකට පුතා ඇතුළත් කරන්න ඇප්ලිකේෂන් එක භාරදෙන්න ගියේ පුතාත් එක්ක. ඒකත් ගියේ හොරාට. කවුරුහරි ඒක ෆොටෝ ගහලා සමාජ මාධ්‍යයට දාලා යනුවෙනි.

    Facebook | Archived Link

    එම සටහන මේ වන විට ෆේස්බුක් පරිශීලකයින් 878 දෙනෙකු අතර සංසරණය වී තිබුණා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප මෙම ඡායාරූපය සම්බන්ධයෙන් කළ නිරීක්ෂණයේදී තහවුරු වූයේ මෙම ස්ථානය බොරලැස්ගමුව, වේරහැර කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ ඇති ආපන ශාලාව අසලදී ලබා ගත් ඡායාරූපයක් බවයි.

    පසුගිය වර්ෂයේදී(2020) එහි ආපන ශාලාව විවෘත කිරීමේ ඡායාරූප හා සැසඳීමේදී එම ස්ථානය හා ඉහත ඡායාරූපයේ දැක්වෙන ස්ථානය බවට තහවුරු වුණේ මෙලෙසින්.

    Archived Link

    මෙම ඡායාරූපයට අනුව බොරලැස්ගමුව, වේරහැර ප්‍රදේශයේ පිහිටා ඇති KDU රෝහලේ දී ඡායාරූප කළ අවස්ථාවක් බවට තහවුරු වෙයි.

    කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පිහිටා ඇත්තේ කොළඹ රත්මලාන ප්‍ර‍දේශයදීය.

    මේ සම්බන්ධයෙන් සුනිල් හඳුන්නෙත්ති මහතා සිය ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුණේ මෙලෙසින්.

    මාගේ දරුවා තවම ඉගෙනගන්නේ 10 ශ්‍රේණියේ වන අතර ඔහුගේ අවශ්‍යතාවයක් සදහා මා විශේෂඥ වෛද්‍ය චන්දන ආර් කරුණාතිලක මහතා හමුවීමට ගිය අවස්ථාවේ ලබාගත් ඡායාරූපයක් යොදාගෙන මෙම ගෙන යන පුවත අසත්‍යයක් වන අතර ජවිපෙට මඩ හා අවලාද නැගීම පුරුද්දක්කරගත් පිරිසක් විසින් මෙය සිදුකරයි. 

    නිදහස් අධයාපනයට බරපතල තර්ජනයක් වන කොතලාවල පනතට එරෙහිව ජවිපෙ සහ මෙරට ප්‍රගතිශීලී බලවේග ගෙනයන අරගලය මෙවැනි මඩ හා අවලාද හරහා ආපසු හැරවිය නොහැකි බවද අපි ඔවුන්ට දැනුම් දෙන්නෙමු.

    Facebook | Archived Link

    අප මේ සම්බන්ධයෙන් විමසීම සඳහා හඳුන්නෙත්ති මහතා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත් අතර මෙම ඡායාරූපය සම්බන්ධයෙන් විමසීමේදී ඒ මහතා පවසා සිටියේ තම වැඩිමහල් පුතුණුවන් සමග කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට ගිය අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයක් මෙලෙස කොතලාවල විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීමට ගිය අවස්ථාවක් බවට දක්වමින් සටහන් හුවමාරු වන බවයි.

    තමන්ගේ පුතුණුවන්ට ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ලබා පරීක්ෂණ වාර්තාවක් පෙන්වීම සඳහා අදාළ වෛද්‍යවරයා ඇමතූ විට විශේෂඥ වෛද්‍ය චන්දන ආර්. කරුණාතිලක මහතා ඒ මොහොතේ සිටින්නේ කොතලාවල ආරක්ෂණ රෝහලේ යයි පැවසූ හෙයින් එම වාර්තා පෙන්වීම සඳහා රෝහලට ගිය අවස්ථාවේ කවුරුන් හෝ විසින් ලබා ගත් ඡායාරූපයක් බවද, ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළා.

    අප එම වෛද්‍යවරයා සම්බන්ධ කරගත්තත් තමන් පරීක්ෂා කරන රෝගීන් සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට වෛද්‍යවරයා ප්‍රතික්ෂේප කර සිටියා.

    කෙසේ වෙතත් වෛද්‍ය චන්දන ආර්. කරුණාතිලක මහතා කොතලාවල රෝහලේ වෛද්‍ය සේවය ලබා දෙනවාද යන්න අප වෛද්‍යවරුන්ගේ සේවය ලබා ගැනීම සඳහා අන්තර්ජාලය හරහා දිනයක් වෙන් කිරීමේ සේවාව ලබා දෙන doc.lk වෙබ් අඩවිය නිරීක්ෂණය කරනු ලැබුවා. ඒ අනුව එම වෛද්‍යවරයා කොතලාවල ආරක්ෂක රෝහලේ වෛද්‍යවරයෙකු බවට තහවුරු වුණා.

    Archived Link

    අප මේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ළමුන් බඳවා ගැනීමේ අංශයෙන්ද සුනිල් හඳුන්නෙත්ති මහතාගේ පුතණුවන් අධ්‍යාපනය ලබා ගන්නවාද යන්න විමසීමක් කළ අතර අදාළ දරුවාගේ විස්තර හැඳුනුම්පත් අංකය මගින් සෙවිය හැකි වුවත්, නමින් සෙවීම අසීරු කාර්යයක් බවත් දැනුම් දුන්නා. 

    කෙසේ වෙතත් හඳුන්නෙත්ති මහතාගෙන් අප කළ විමසීමේදී ඒ මහතා පැවසුවේද, දරුවා 10 වන ශ්‍රේණිය ඉගෙන ගන්නා බැවින් එම දරුවාට හැඳුනුම්පතක් ද මේ වන විට තිබිය නොහැකි සේම කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය යනු උසස් අධ්‍යාපනය සඳහා පමණක් වෙන් කළ ස්ථානයක් බැවින් පාසල් සිසුවෙකුට කොතලාවල විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබීමට අවසර හිමි වන්නේද නැති බවට ඔවුන් තහවුරු කළා.

    පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 2021 අංක දරණ ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ දක්වන විරෝධතාවය හේතුවෙන් මෙම ඡායාරූපය අවභාවිතා කොට මෙලෙස ව්‍යාජ අර්ථකතනයක් ලබා දීමට උත්සහ කර ඇති බව පෙනේ.

    මේ පිළිබඳව ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල ෆේස්බුක් පිටුවේ ද ඔවුන් සටහනක් පළකර තිබුනේ මෙලෙසින්

    https://www.facebook.com/KotelawalaDefenceUniversity/posts/1611985328996822

    Archived

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනය අනුව සඳහන් කළ හැක්කේ, ජනතා විමුක්ති පෙරමුණේ සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා තම පුතුණුවන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ඇතුළත් කිරීමට යන අවස්ථාවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ලබා ගත් ඡායාරූපයක්. කොතලාවල ආරක්ෂ රෝහල බොරලැස්ගමුව, වේරහැර ප්‍රදේශයේ පිහිටා ඇති අතර කොතලාවල විශ්ව විද්‍යාලය පිහිටා ඇත්තේ රත්මලාන ප්‍රදේශයේය. දැනටමත් පාසල් අධ්‍යාපනය හදාරන සිසුවෙකුට විශ්ව විද්‍යාල වරම් හිමි නොවන බවද කොතලාවල විශ්වවිද්‍යාලයේ ළමුන් බඳවා ගැනීමේ අංශයද තහවුරු කරනු ලැබුවා.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-07-20

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.