Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK : මෙහි පිළිකාවකට ගොදුරු වී පීඩා විඳින කාන්තාව සඳුනි තෙහන්සා නම් ලාංකික යුවතියක් ද?

    2020-10-26
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    විවිධ නිදන්ගත රෝගයන්ගෙන් පෙළෙන රෝගීන් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලයේ කලින් කලට සටහන් ඉදිරිපත්වේ. මෙසේ ඉදිරිපත්වූ සටහන් පිළිබඳව අප සිදු කළ කරුණු විමර්ශනයන්ගෙන්  තහවුරු වී තිබුණේ බොහොමයක් නොමඟ යවන සුළු හෝ සාවද්‍ය සටහන් බවයි පිළිකාවට ගොදුරු වීමට පෙර සහ පසු ඡායාරූ

    විවිධ නිදන්ගත රෝගයන්ගෙන් පෙළෙන රෝගීන් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලයේ කලින් කලට සටහන් ඉදිරිපත්වේ. මෙසේ ඉදිරිපත්වූ සටහන් පිළිබඳව අප සිදු කළ කරුණු විමර්ශනයන්ගෙන්  තහවුරු වී තිබුණේ බොහොමයක් නොමඟ යවන සුළු හෝ සාවද්‍ය සටහන් බවයි

    පිළිකාවට ගොදුරු වීමට පෙර සහ පසු ඡායාරූප සංසන්දනය කරමින්, සඳුනි තෙහන්සා නමැති රූමත් තරුණියක් පිළිකා රොගයෙන් පීඩා විඳින බව පෙන්වීමට යොදාගෙන තිබුනේ නොමඟ යවන සුළු සටහනක් බව අපට අනාවරණය වුනා.

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමරු වන සටහන් :

    රූමත් යුවතියක සහ රෝහලක සිටින ඒ හා සමාන රෝගියෙකුගේ ඡයාරූප සංකලනයක් සහිතව “මේ මගේ කතාවයි සඳුනි තෙහන්සා” යන වදන රෝපනය කර සිත් කම්පාකරන සුළු කථාංගයක් සහිත සටහනක් පිම්ම නැමැති ෆේස්බුක් පිටුවක් ඉදිරිපත් කර තිබුණා. අනුකම්පාව පිරි ප්‍රතිචාරයන් රැසක් හිමිකර ගනිමින්, මෙම සටහන ෆේස්බුක් පරිශීලනය කරන්නන් හත්සියයකට අධික සංඛ්‍යාවක් අතර කෙටි කාලයකදී හුවමාරු වී  තිබුණි. 

    FacebookArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    අප මෙම ඡායාරූප දෙක  වෙන වෙනම google reverse image සෙවීමකට යොමු කළෙමු. රොහලේ ගතව සිටින තරුණිය  සහිත ඡායාරූපය සහිත සටහන් අන්තර්ජාලයේ  ඉතා විශාල ප්‍රමාණයක් වු අතර, මෙම සටහන් 2017 වසරේ සිට අන්තර්ජාලයේ පලවී තිබිණි. පිළිකා රෝගය සම්බන්ධව පලවන බ්ලොග් සටහනක් වන Ambry Genetics  බ්ලොග් සටහනක How I Prepared for Chemotherapy (කීමෝ ප්‍රතිකාරය ලබා ගැනීමට මා සුදානම්වු අයුරු) සිරස්තලයෙන් Nicole Schweppe නම් කාන්තාවක් විසින් 2017 ඔක්තෝබර් මස 18වැනි දින පලවී තිබු බ්ලොග් සටහන නිරීක්ෂණය විය.

    Nicole Schweppe පිළිබඳ වැඩිදුරටත් කරුණු සෙවිමේදි ඇය මීට වසර කිහිපයකට පෙර පියයුරු පිළිකා රෝගයෙන් පෙළුණු, දැන් සම්පුර්ණ සුවය ලබා සිටින දෙදෙරු මවක් බව ඇයගේ Instagram ගිණුමෙන් තහවුරු වුවා. කීමෝ ප්‍රතිකාරය ලබා ගැනීමෙන් පසු 2017 වසරේ දී ඇය ඡායාරූපයක් සහිතව එහි ඉදිරිපත් කර තිබු සටහන පහත දැක්වේ.

    LinkArchived Link

    ඇයගේ Instagram සටහනේ තිබු ඡායාරූපයේ ඇස් අවට සංස්කරණය කිරීමෙන් පිම්ම ෆේස්බුක් පිටුව ඉදිරිපත් කර තිබු සටහනේ වු ඡායාරූපය පළකර තිබු බව ඒවා පහත පරිදි සංසන්දනය කිරීමේදී පැහැදිලි විය

    2018 වසරේ ජීවිතයෙන් සමුගත් සුප්‍රසිද්ධ විලාසිතා බ්ලොගර් කෙනෙකු වූ කිර්සායිඩා රොඩ්රිගස්ගේ (Kyrzayda Rodríguez) අවසන් දිනවල ඡායාරුපයක් ලෙසද Nicole Schweppe ඉහත ඡායාරුපය මීට පෙර දමිළ පාඨකයින් අතර හුවමාරු වූ අතර අප ඒ පිළිබඳව විමර්ෂණයක් සිදුකළේ මෙලෙසින්

    එසේම පිම්ම ෆේස්බුක් පිටුව ඉදිරිපත් කර තිබු සටහනේ සිටින අනෙක් තරූණිය පිළබඳව කළ Yandex image search හරහා තහවුරු වුයේ ඇය ඉන්දියාවේ Nisha Guragain නමැති Tik-Tok ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රසිද්ධියක් ලබාගෙන සිටින තරුණ ගායිකාවක් බවයි. Link 

    View this post on Instagram

    A post shared by NishaGuragain (@iamnishaguragain)

    නිශාගේ Instagram ගිණුම පරික්ෂා කිරීමෙන් ඇය කිසිඳු පිළිකා රෝගී තත්වයකින් පෙළෙන්නේ නැති බවද පැහැදිලිය

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ පිම්ම ෆේස්බුක් පිටුව ඉදිරිපත් කර ඇති සටහනේ සිටින රතු ඇඳුමෙන් සැරසුණු තරුණිය යපහත් සෞඛ්‍ය තත්වයේ පසුවන ඉන්දියාවේ Tik-Tok තරුවක් වන  Nisha Guragain වූ අතර රෝහලක ඇඳක සිටින්නේ, 2017 වසරේ පියයුරු පිළිකාවෙන් පෙළී දැන් පුර්ණ සුවය ලබා සිටින Nicole Schweppe නමැති කාන්තාවක් බවයි.

    එබැවින් පිම්ම ෆේස්බුක් පිටුව ඉදිරිපත් කර ඇති “මේ මගේ කතාවයි සඳුනි තෙහන්සා” නමති සටහන නොමග යවන සුළු සාවද්‍ය සටහනක් බව නිගමනය කරමු.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:මෙහි පිළිකාවකට ගොදුරු වී පීඩා විඳින කාන්තාව සඳුනි තෙහන්සා නම් ලාංකික යුවතියක් ද?

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-10-26

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.