Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: මූසල දෙවසර නමින් මෑතකදී ආණ්ඩු පක්ෂයේ උද්ඝෝෂණයක්?

    2021-11-17
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය විසින් ඊයේ (16) දින සංවිධානය කරනු ලැබූ විරෝධතා රැලියට සමගාමීව තවත් උද්ඝෝෂණයක් ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයෙන් සංසරණය වූ ඡායාරූප සටහනක් සම්බන්ධ

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය විසින් ඊයේ (16) දින සංවිධානය කරනු ලැබූ විරෝධතා රැලියට සමගාමීව තවත් උද්ඝෝෂණයක් ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයෙන් සංසරණය වූ ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    “අපි දන්නෙත් නෑ තවත් උද්ඝෝෂණයක් තිබිලා” යන තේමාවෙන් පළ වූ “මූසල දෙවසර නමින් ” සටන් පාඨ රැගත් උද්ඝෝෂණයක ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    මෑතකදී පැවැත්වූ උද්ඝෝෂණයක් බවට හඟවමින් මෙම  තේමාවෙන් පළ වූ තවත් සටහන් මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link

    සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ඡායාරූප සටහන සංසරණය වී තිබු වෙනත් අවස්ථා කිහිපයක් මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ‘සාපලත් ආණ්ඩුවට එරෙහි ජනතා බලය’ නමින් ගෑස්, කිරිපිටි, සහල් හා එලවළු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් ඉහළ යාමත්,පොහොර නොමැතිවීම ඇතුළු ජනතාව මුහුණ පා ඇති දුෂ්කරතාත්, ආණ්ඩුවේ මර්දනයට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ විසින් සංවිධානය කරනු ලැබූ විරෝධතා රැලිය ඊයේ (16) දින විපක්ෂ නායක කාර්යාලය අසලින් ආරම්භ වී කොල්ලුපිටිය මංසන්ධියට පා ගමනින් පැමිණි විරෝධතාකරුවෝ පසුව ගාලුමුවදොර වටරවුමට රැස්වී තිබුණා. ඒ බවට පළ වූ පුවත් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    Also Read:

    FACT CHECK: LPL ගහන්නේ ආණ්ඩුවේ සල්ලි වලින් බවට විපක්ෂනායක වරයාගේ ප්‍රකාශයක්? (නොවැම්බර් 16 රැළිය විරෝධතා රැළිය අතරතුර දී)

    මීට සමගාමීව තවත් උද්ඝෝෂණයක් පැවති බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් සම්බන්ධයෙන් අප අවධානය යොමු කළ අතර එම ඡායාරූපයේ දැක්වුණේ වත්මන් ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරුන් දෙදෙනෙක් වන රෝහිත අබේගුණවර්ධන සහ අමාත්‍ය විමල් වීරවංශ ප්‍රමුඛ කණ්ඩායමක් උද්ඝෝෂණයක නිරත වන අයුරුයි.

    ඒ අනුව කළ විමර්ශනයේදී හෙළි වූයේ මෙම උද්ඝෝෂණය 2017 වසරේ අගෝස්තු 18 වන දා ලිප්ටන් වටරවුමේදී එවකට පැවති යහපාලන ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණවීම හේතුවෙන්  “මූසල දෙවසර” යනුවෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ විරෝධතාවකදී ලබා ගත් ඡායාරූපයක් බවයි. ඒ බවට Hiru News ෆේස්බුක් පිටුවේ පළ වී තිබුණේ මෙලෙසිනි.

    https://www.facebook.com/hirunews/videos/1410106392420782

    එමෙන්ම එම උද්ඝෝෂණ අවස්ථාවේ ඡායරූප ඇතුළත් සමාජ මාධ්‍ය සටහනක් පළ කර තිබූ අයුරු පහතින්.

    Facebook | Archived Link

    මෙම විරෝධතාව සම්බන්ධයෙන් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ 2017 අගෝස්තු මස පළවී තිබුණේ මෙලෙසින්. අමාත්‍ය විමල් වීරවංශ ෆේස්බුක් ගිණුමක ද දක්වා තිබුණේ මෙලෙසින්.

    එසේම රෝහිත අබේගුණවර්ධන මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ පසුගිය දා සමඟි ජන බලවේගය විසින් පැවැත්වූ විරෝධතා රැළිය විවේචනය කරමින් ද සටහන් කිහිපයක් ම පළවී තිබුණි. 

    ඒ අනුව පෙනී යන්නේ පසුගිය යහපාලන ආණ්ඩු සමයේදී (2017 අගෝස්තු මස) එම යහපාලන ආණ්ඩුවට වසර දෙකක් ගතවූ අවස්ථාවේ, එවකට විපක්ෂයේ සිටි, වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් ප්‍රමුඛ සාමාජිකයින් විසින් පැවැත්වූ ආණ්ඩුව විරෝධි උද්ඝෝෂණයක් අතරතුර දී ලබා ගත් ඡායාරූපයක් මෙලෙස උපහාසාත්මක කෝණයෙන් පළ කර ඇති බවයි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    මෙම විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ඊයේ(නොවැම්බර් 16) දින සමගි ජන බල වේගය විසින් පවත්වන ලද ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයට සමගාමීව “මූසල දෙවසර” නමින් වත්මන් ආණ්ඩුවේම අමාත්‍යවරුන් විසින් තවත් උද්ඝෝෂණයක් පැවැත්වූ බවට උපහාසාත්මක කෝණයෙන් පළ වන ඡායාරූප සටහන් සඳහා 2017 වර්ෂයේදී එකළ පැවති යහපාලන ආණ්ඩුවට එරෙහිව පැවැත්වූ උද්ඝෝෂණයක දී ලබාගත් ඡායාරූප පෙළක් යොදාගෙන තිබු බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2021-11-17

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.