Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    තංගල්ල ගෝඨයිම්බරගම ප්‍රදේශයේ තියෙන අරුම පුදුම “නයිගල” ? (PHOTOS)

    2022-09-29
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. ආගමික සහ ස්වාභාවික සෞන්දර්යයෙන් යුතු ස්ථාන වෙතට පිවිසීම සදහා දෙස් විදෙස් සංචාරකයන් දක්වන්නේ ඉමහත් උනන්දුවක්. ලෝකයේ ඇතම් ස්ථානවල ස්වාභාවික සෞන්දර්ය මෙන්ම ආගමික වැදගත්කම් යන දෙකම දක්නට ලැබ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න.

    ආගමික සහ ස්වාභාවික සෞන්දර්යයෙන් යුතු ස්ථාන වෙතට පිවිසීම සදහා දෙස් විදෙස් සංචාරකයන් දක්වන්නේ ඉමහත් උනන්දුවක්. ලෝකයේ ඇතම් ස්ථානවල ස්වාභාවික සෞන්දර්ය මෙන්ම ආගමික වැදගත්කම් යන දෙකම දක්නට ලැබෙනවා. එවන් ස්ථාන පිළිබඳව සමාජ ජාලා තුළ ද නිතර කතාබහට ලක්වෙනවා.

    අපගේ මේ අවධානය යොමු කරන්නේ දකුණු පළාතේ පිහිටා ඇති “නයිගල” රජමහා විහාරයේ නම අවභාවිතා කරමින් පලවූ නොමගයවන සුලු සේයාරූ පෙළක් පිලිබදවයි

    සමාජ ජාලා සටහන් 

    “තංගල්ල ගෝඨයිම්බරගම පිහිටා ඇති නයිගල ,” යන සටහන සහිතව සේයාරූ හුවමාරුව තිබෙන ආකාරයක් දක්නට ලැබුණා.

    “තංගල්ල ගෝඨයිම්බරගම ප්‍රදේශයේ තියෙන අරුම පුදුම තැනක් “නයිගල” ගොඩක්ම ප්‍රසිද්ධ නැති උනත් ඉතාමත් දුර්ලභ ස්වාභාවික පිහිටීමක්…

    ජනප්‍රවාද මෙන්ම ගම්වාසීම් පවසන්නෙ “මීට වසර 3500කට වගේ ඉහතදි දේව සාපයට ලක් උන භයානක දැවැන්ත නාගයෙක්” කියලා තමයි..”

    Facebook | Archived   Facebook | Archived

    Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම)

    අප මුලින්ම විමසා බැලුවේ දකුණු පළාතේ ‘නයිගල’ නම් ස්ථානයක් පිහිටා ඇතිද යන කාරණයයි. එහිදී අපට නයිගල නම් ආගමික වැදගත්කමකින් යුත් ස්ථානයක් (රජමහා විහාරයක්) පිහිටා ඇති බවයි. නමුත් සමාජ ජාලා සටහනේ දක්වා ඇති ආකාරයේ හෝ ඊට සමාන ඡයාරූප එම ස්ථානයේ නිරීක්ෂණය කිරීමට නොලැබෙන අතර නයිගල පිහිටා ඇත්තේ හම්බන්තොට වීරකැටිය ආසන්නයෙන් වීමයි.

    නයිගල රජමහා විහාරය හා ඒ අවට පරිසරය සම්බන්ධ වීඩියෝවක් මෙතනින්.

    ඉන් අනතුරුව අප සමාජ ජාලා සටහනේ ඇති සේයාරූ Reverse Image සෙවුමකට ලක්කළ අතර එහිදී දැකගන්නට ලැබුණේ එම ඡයාරූප මගින් නිරුපණය වන්නේ තායිලන්තයේ දක්නට ලැබෙන ස්ථානයක් බවයි.

    තායිලන්තයේ Naka Cave

    එය තායිලන්තයේ Bueng Khong Long නම් දිස්ත්‍රික්කයේ Phu Langka උද්‍යානයේ  පිහිටා ඇති “Naka Cave” නොහොත් නාකා ගුහාව (නාග ගුහාව) නමින් හැදින්වෙන ගුහා සංකීර්ණයක් වන අතර එහි සර්පයෙකුගේ සිරුරට සමාන ආකාරයෙන් සැකසී ඇති ගල් පර්වතයක් දැක ගන්නට ලැබෙනවා. 

    තායිලන්ත ජන ප්‍රවාදවල සදහන් වන්නේ සාපයක ප්‍රතිපලයක් ලෙස බිහිවූ විශාල නාගයෙක් මිය යාමෙන් පසු පාෂාණීභූත වීම නිසා මෙම ගල් පර්වත ,ගුහා සැකසී ඇති බවයි. ඒ පිලිබදව වැඩිදුර විස්තර කියවිය හැකියි මෙතනින්. Archived

    මෙම ස්ථානය හා සම්බන්ධ වීඩියෝවක් පහතින්.

    මෙම ස්ථානයට ළඟා විය හැකි ආකාරය, මතවාද සහ ඒවා පිලිබඳ පැහැදිලි කිරීම් අඩංගු වාර්තාවක් මෙතනින් Archived

    එසේම මෙය විශාල නාගයෙකුගේ හැඩ ගන්නා බැවින් පාෂාණීභූත නාගයෙකු බව ජනප්‍රාවාදයේ පැවතියත් භූවිද්යාඥයන් පවසන්නේ මෙම යෝධ නාග හැඩති පාෂාණය සෑදී ඇත්තේ හිරු කිරණින් ඉරිතලා ගිය පාෂාණ, උෂ්ණත්වය වෙනස් වීම සහ ජල ඛාදනය හේතුවෙන් බවයි. එසේම එම ආහාරයේ පාෂාණ සහිත ප්‍රදේශ කිහිපයක් ම තායිලන්තයේ ඇති බවත් සඳහන්

    Archived

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion( අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද කරුණු විමසුමේදී තහවුරු වූ කාරණය වන්නේ සමාජ ජාලා සටහනේ ඇති සේයාරූ ලංකාවේ දකුණු පළාතේ පිහිටා ඇති නයිගල විහාරයට සමබන්ධ නොමැති බව සහ එය තායිලන්තයේ Buen Kong Long නම් දිස්ත්‍රික්කයේ  පිහිටා ඇති Naga Cave නම් කදුකර  ගුහා සංකීර්ණයකට සම්බන්ධව පිහිටා ඇති ගල් පර්වත කිහිපයක ඡයාරූප පෙළක් බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-09-29

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.