Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    මීගමුව පෙරියමුල්ල හොටලයේ මත්පැන් පානයට අවසර නොදීම හේතුවෙන් ඇතිවූ ආරවුල සිංහල-මුස්ලිම් ආරවුලක් ලෙස පෙන්වීමේ උත්සාහයක්

    2020-03-11
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේදී සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විශාල කතිකාවතක් ඊයේ රාත්‍රියේ සිට දක්නට ලැබුණි. මෙම සිද්ධියට හේතු වී තිබෙන්නේ මීගමුවේ රාත්‍රී හෝටලයක මුස්ලිම් සිංහල දෙපිරිසක් අතර සිදු වූ බහින්බස්වීමක් දුරදිග ගොස් ඇති වූ පු

    මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේදී සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විශාල කතිකාවතක් ඊයේ රාත්‍රියේ සිට දක්නට ලැබුණි. මෙම සිද්ධියට හේතු වී තිබෙන්නේ මීගමුවේ රාත්‍රී හෝටලයක මුස්ලිම් සිංහල දෙපිරිසක් අතර සිදු වූ බහින්බස්වීමක් දුරදිග ගොස් ඇති වූ පුද්ගල ඝාතනයක් බව ඒත්තු ගැන්වීමට කිහිපදෙනෙකුම විසින් උත්සාහ ගන්නා බව මෙනී ගියා. පහත දැක්වෙන්නේ එසේ පළවී තිබූ එක් සටහනකි.

    “දැන් සුලු මොහොතකට කලින් අන්සාර් එකේ ආදරණීය මු#### හිතවතුන් එකතු වෙලා සිංහල මිනිස්සු දෙදෙන්ක්ගේ බෙල්ල කපලා. දෙන්නම මැරිලා කියලයි ආරංචිය..මීගමුව පෙරියමුල්ලේ මාරිස්ටෙලා එකට එහා කලර් ලයිට් එක තියන හන්දිය හරියෙ..කැරලි මර්දන එකෙන් දාලලු.

    (අර නම කියන්න බෑ රිපෝට් වදිනවා උඹල හිතාගනිල්ලා )” යනුවෙන්ද එහි සඳහන් වී තිබෙනු දක්නට ලැබුණි.

    LinkArchived Link

    කෙසේවෙතත් අපට වැඩිපුර දක්නට ලැබුණේ ඉහත පළවී ඇති සටහන් සාවද්‍ය බවත් සිංහල මුස්ලිම් ආරවුලක් ඇති කිරීමට තැත් කරන පිරිස් මගින් මෙවැනි සාවද්‍ය ප්‍රවෘත්ති හුවමාරු කරගන්නා බවත් දන්වමින් ෆේස්බුක් පරිශීලකයන් රැසක් අතර සංසරණය වූ සටහන් පෙළකි.

    “මුස්ලිම් පිරිසක් විසින් සිංහල ජාතිකයෙකු ඝාතනය කර ඇති බවට ඇතැමුන් ව්‍යාප්ත කරන පුවත සම්පුර්ණ අසත්‍ය වන අතර මිය ගිය හෝටල් සේවකයා අසීස් නම් මුස්ලිම් ජාතිකයෙකි.” යනුවෙන් එහි සඳහන් වී තිබුණි. 

    FB LinkArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

    මේ පිළිබඳව නිල තොරතුරු ලබාගැනීම සඳහා මාධ්‍ය වෙත නිකුත් කරන ලද නිල පොලිස් වාර්තා අධ්‍යනය කළෙමු. එහිදී අපට දක්නට ලැබුනේ ඊයේ (09) රාත්‍රියේ මීගමුව පොලිස් වසමේ පෙරියමුල්ල ප්‍රදේශයේදී හෝටලයකට පැමිණි හය දෙනෙකුගෙන් යුත් පිරිසක් විසින් හෝටලයේ මත්පැන් පානය කිරීමට උත්සාහ කිරීමේ දී එයට විරුද්ධවූ හෝටල් හිමිකරු සහ සේවකයන් සමග ආරවුලක් ඇති කරගත් බව සම්බන්ධ සිද්ධියක් වාර්තාවී ඇති බවයි. එහි තවදුරටත් දන්වා තිබුණේ ආරවුලේ දී තියුණු ආයුධයකින් හිමිකරුට සහ සේවකයින්ට පහර දුන් මෙම පිරිස එම ස්ථානයෙන් පළාගොස් ඇති බවත් පහරකෑමට ලක්වූ හෝටලයේ හිමිකරු ඇතුළු සේවකයින් සිව් දෙනකු බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුලත් කිරීමේදී එක් සේවකයකු මියගොස් ඇති බවත් එසේ මියගොස් ඇත්තේ 36 හැවිරිදි කැකිරාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්ය. මෙම අපරාධයට වගකිවයුතු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා මීගමුව පොලීසිය විමර්ශන පවත්වාගෙන යන බවද සඳහන් වේ

    Police Report 10th Morning

    තවදුරටත් මේ පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා අප දුරකථනයෙන් සම්බන්ධ වූයේ මීගමුව පොලිසියේ ස්ථානාධිපති තුමා සමගය. එහිදී එතුමා ද අපට ප්‍රකාශ කර සිටියේ මෙය කිසිදු ජාතිවාදී ප්‍රශ්නයක් නොවන බවත් පුද්ගලයන් පිරිසක් විසින් අදාල හෝටලය තුළ මත්පැන් පානය කිරීමට උත්සාහ කිරීමේදී ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යෑමේ ප්‍රතිඵලයක්ද වශයෙනි. තවද එම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙන්නේ එහි සේවයේ නියුතුව සිටි මුස්ලිම් ජාතිකයෙක් බවද එතුමා තහවුරු කළා.

    Ansar hotel and bake house යන හෝටලයේ සිදුවූ මෙම කුරුරු ප්‍රහාරය ඇතුළත් CCTV දර්ශන රැසක් මේ වනවිටද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතියි. පහත දැක්වෙන්නේ මේ පිලිබඳ සිදුවී තිබු පුවත් වාර්තාවන් දෙකකි.

    Hiru NewsNeth News

    අවසාන නිගමනය

    එය විමර්ශණයෙන් පැහැදිලි වන්නේ මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ අන්සාර් හෝටලයේ දී මත්පැන් පානය කිරීමට අවසර නොදීම සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතු කොටගෙන පිරිසක් විසින් හෝටල් හිමි ඇතුළු සේවකයන් වෙත එල්ල කළ ප්‍රහාරයක ප්‍රතිඵලයක් වශයෙන් මුස්ලිම් ජාතික සේවකයකු ජීවිතක්ෂයට පත්ව ඇත.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-03-11

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.