දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරත වෙමින් සිටිනවා. ඒ පිලිබදව බහුලව සමාජ ජාලා සටහන් හුවමාරු වන අතර මේ අතර හුවමාරු වන සමහර සමාජ ජාලා සටහන් සාවද්ය තොරතුරු සහිතයි. මෙවන් සමහර සමාජ ජාලා සටහන් පිලිබදව අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක් මේ .
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
සමාජ ජාලා සටහන්වල දැක්වෙන්නේ ඉන්දීය විදේශ අමාත්ය ජායි ශංකර් සමග හමුවේදී ලංකාවේ ජනාධිපති අනුර දිසානායකට යම් අගෞරවයක් සිදුවූ බවක්. එයට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ ශංකර් සහ ලංකාවේ ජනාධිපතිවරයා එකම මට්ටමේ ආසනවල අසුන්ගෙන සාකච්ඡා කල බවත් සහ එමගින් රාජ්ය නායකයෙක් වන ලංකාවේ ජනාධිපතිවරයාට අපහාසයක් සිදුවූ බවක්.
එම සමාජ ජාලා සටහන්වල වැඩිදුරටත් සදහන් වන්නේ රටවල් දෙකේ කොඩි ප්රදර්ශනය වීම සාමාන්යයෙන් සිදු කරන්නේ රාජ්ය නායකයෙක් තවත් රාජ්ය නායකයෙක්ව හමුවූ අවස්ථාවක වන අතර ලංකාවේ ජනාධිපතිවරයා විසින් ඉන්දීය විදේශ අමාත්යවරයා හමුවූ අවස්ථාවේදී කොඩි ප්රදර්ශනය කිරීම ලංකාවේ ජනාධිපතිවරයාට සිදු කරන ලද අවමානයක් බවයි.
මේ තේමාවෙන් සටහන් රැසක් හුවමාරු වී තිබුනේ මෙලෙසින්.
මේ පිළිබඳව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.
Fact Check (සත්ය තොරතුරු විමර්ශනය කිරීම)
මෙම කරුණු විමසා බැලීම සදහා අප අනුර කුමාරගේ ඉන්දීය සංචාරය හා සම්බන්ධ සේයාරූ සහ වීඩියෝ පිලිබදව අවධානය යොමු කළා. ඊට අමතරව ජාත්යන්තර රාජ්යතාන්ත්රික සබදතා පිළිබද ප්රවීනයන්ගේද අදහස් ලබාගත්තා.
පසුබිම
ශ්රී ලංකාවේ රාජ්ය නායකයා වන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායකයි. ඉන්දියාවේ රාජ්ය නායිකාව ජනාධිපතිනි Droupadi Murmu යි. ඉන්දියාවේ සංචාරය අතරතුරදී ඉන්දීය රාජ්ය නායිකාව විසින් රාස්ට්රපති භවන් මැදුරේදී ලංකාවේ රාජ්ය නායකයාව ගෞරවයෙන් පිළිගෙන තිබුණා. එම වස්ථාවට ඉන්දියා අගමැති නරේන්ද්ර මෝඩි ද සම්බන්ධ වුණා.
ඉන්දියාවේ ජනාධිපති මුර්මු සහ අගමැති මෝඩි සමග ලංකාවේ ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවල රූප රාමු පහතින්.
President Droupadi Murmu received President Anura Kumara Disanayaka of Sri Lanka at Rashtrapati Bhavan and hosted a banquet in his honour. The President said that as a close and trusted partner, India would continue to support the Sri Lankan Government's efforts for the… pic.twitter.com/0BGQsbJkWW
— President of India (@rashtrapatibhvn) December 16, 2024
මෙම සංචරය තුල ඉන්දියාවේ විදේශ අමාත්යවරයා ද ඇතුළුව ඉන්දියාවේ වෙනත් අමාත්යවරුන් කිහිප දෙනක් ද අනුර කුමාර ජනපති හමුව තිබෙනවා.
විදේශ ඇමතිවරයාගේ හමුවීම අවස්ථාවේ ගන්නා ලද සේයාරුවල රටවල් දෙකේ කොඩි ප්රදර්ශනය විම සමාජ ජාලාවල කතාබහට ලක්ව තිබෙනවා.
රාජ්යතාන්ත්රික සම්ප්රදායන්
ලංකාවේ රාජ්ය නායකයා ,ඉන්දීය විදේශ අමාත්යවරයා හමුවූ අවස්ථාවේදී දෙදෙනාම එක මට්ටමක ආසන දෙකක අසුන්ගෙන සිටින අයුරු සහ අසුන් දෙක ආසන්නයේ ලංකාවේ සහ ඉන්දියාවේ ධජ ප්රදර්ශනය කර ඇති අයුරු එම අවස්ථාවේ ගන්නා ලද සේයාරුවල නිරුපණය වෙනවා.
මේ පිලිබදව අදහස් ලබාගැනීම සදහා අප කොළඹ විශ්ව විද්යාලයේ ජාත්යාන්තර සබදතා අංශයේ ආචාර්ය ජෝර්ජ් කුක් සමග සම්බන්ධ වුණා.
ඔහු පැවසුවේ යම් රටකට නිල සංචාරයක් සදහා විදෙස් රාජ්ය නායකයෙක් පැමිණි විට එම රටේ විදේශ ඇමතිවරයා හමුවනවිට රටවල් දෙකේම ධජ ප්රදර්ශනය කිරීම ලෝකයේ බොහෝ රටවල සාමාන්යයෙන් සිදුවන ක්රියාවලිය බවයි.
මෙය රටෙන් රටට සිදුවන ආකාරය වෙනස් අතර මෙමගින් කිසිදු ආකාරයක අගෞරවයක් නිරුපනයක් නොකෙරෙන බවත් ඔහු සදහන් කළා.
මෙම අවස්ථාවේදී කොඩි ප්රදර්ශනය කිරීම මගින් ඉන්දියාවේ රාජ්යතාන්ත්රික ක්රියාවලිය දැක්වෙන බවත් මිට පෙරත් මෙවැනි අවස්ථා ඕනෑතරම් ඉන්දියවේ දැකගත හැකි බවත් ඔහු පැවසුවා.
ඉන්දියාවේ මෙන්ම ජාත්යන්තර උදාහරණ
ඉන්දීය විදේශ ඇමති ජයිෂන්කර් විසින් මෑතදී එරටට පැමිණි මාලදිවයින් ජනාධිපතිවරයා සමගද සාකච්චා පවත්වා තිබුනේද මේ අයුරින්මයි. එම රූප රාමු පහතින්.
Pleased to call on President @MMuizzu today at the start of his State Visit to India.
— Dr. S. Jaishankar (@DrSJaishankar) October 6, 2024
Appreciate his commitment to enhance 🇮🇳 🇲🇻 relationship. Confident that his talks with PM @narendramodi tomorrow will give a new impetus to our friendly ties. pic.twitter.com/UwDjnCZ0t6
මීට අමතරව විවිධ ජාත්යන්තර උදාහරණ පිරික්සූ අපට දැකගන්නට ලැබුණේ ඇමරිකා එක්සත් ජනපදය , ඉන්දියාව ආදී විවිධ රටවල රාජ්ය නායකයන් සහ විදේශ ඇමතිවරු අතර සාකච්චා වලදී ඇතැම් අවස්ථාවල දී මේ ආකාරයට ජාතික කොඩි තබා අසුන්ගෙන ඇති බවයි.
ඇමරිකානු රාජ්ය ලේකම්වරයා සහ බ්රිතාන්ය අගමැතිවරයා අතර පසුගිය සැප්තම්බර මාසයේදී ලන්ඩන් නුවර පැවති සාකච්චා .වැඩි විස්තර මෙතනින්
මෝඩි සහ එක්සත් ජනපද රාජ්ය ලේකම්වරයා අතර 2021 වසරේ දිල්හි පැවති සාකච්චාව විස්තර මෙතනින්
රුසියානු විදේශ ඇමති සහ මෝඩි අතර 2022 දී පැවති සාකච්ඡා හා ඒ පිළිබද විස්තර මෙතනින්
ලංකාවේ ජනපති සහ ඉන්දීය විදේශ අමාත්යවරයා මේ ආකාරයට දෙරට කොඩි ද පසෙකින් දිස්වන ආකාරයට අසුන්ගෙනසකච්ඡා කිරීම පිළිබඳව අප ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයෙන් විමසු විට ඔවුන් පැවසුවේ ද මෙය සාමාන්ය ක්රියාවලියක් බව ත්, එමගින් ලංකාවේ ජනාධිපතිවරයාට කිසිඳු හෝ ආකාරයක අවමානයක් සිදුව නොමැති බවයි.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරු වන්නේ ලංකාවේ ජනාධිපතිවරයාට අපහාසයක් වන ආකාරයට හෝ ඔහුව අවතක්සේරුවට ලක්වන ආකාරයට ඉන්දීය විදෙස් ඇමතිවරයා සමග පැවති සාකච්ඡාවේදී සිදු නොවූ බව සහ ඒ ආකාරයට විදෙස් රාජ්ය නායකයන් මුණ ගැසීම ඔහුගේ සාමාන්ය සම්ප්රදාය බවයි.



