Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    2017 ලංකාවේ පැවති ඉන්ධන හිඟය පිළිබඳ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

    2022-02-28
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මේ දිනවල මෙරටේ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල් ඉන්ධන නොමැතිව වසා තිබූ අතර විවෘතව තිබූ ඉන්ධන පිරිවුම්හල් අසල ද ඉන්ධන ලබා ගැනීමට දිගු පෝලිම් සුලබව දක්නට ලැබෙනවා. මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ 2017 වසරේ ඇතිවූ ඉන්ධන හිඟය බවට හැඟවීමට නොමග යවන සුළු

    මේ දිනවල මෙරටේ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල් ඉන්ධන නොමැතිව වසා තිබූ අතර විවෘතව තිබූ ඉන්ධන පිරිවුම්හල් අසල ද ඉන්ධන ලබා ගැනීමට දිගු පෝලිම් සුලබව දක්නට ලැබෙනවා. මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ 2017 වසරේ ඇතිවූ ඉන්ධන හිඟය බවට හැඟවීමට නොමග යවන සුළු ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය වෙත එක්කර තිබුණා. එවැනි ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන්:

    “අද කියලද හිතුවේ? නෑ. නෑ. මේ 2017 නොවැම්බර් 4…. ඒ කාලේ කොරොනත් නෑ. වෙන ප්‍රශ්න තිබූනෙත් නෑ. ඒත් පෙට්‍රල් පෝලිම නම් තිබූනා..”  යන විස්තරයත් සමඟ පළවූ ඡායාරුප සටහනක පෙන්වා තිබූනේ ඉන්ධන පිරවුම් හලක මෝටර් බයික් රථ රැසක්, ඉන්ධන පුරවා ගැනීම සඳහා පෝලිමේ සිටින ආකරයක්.

    Facebook | Archived

    මේ ආකාරයේ සටහන් කිහිපයක්ම හුවමාරු වී තිබූ තවත් අවස්ථා කිහිපයක් පහතින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    අප මුලින්ම ඉහත සමාජ මාධ්‍ය සටහන් සඳහා යොදාගෙන තිබූ ඡායරුපයේ මුල් ඡායාරුපය Reverse Image සෙවුමක් හරහා පරීක්ෂා කර බැලුවා. එහිදී මෙය 2021 වසරේ ඉන්දීයාවේ ලබාගෙන තිබූ ඉන්ධන පෝලිමක ඡායාරුපයක් බව පහත පරිදි තහවුරු වුණා.

    Reuters | Alamy 

    2012 මැයි 23 වැනිදා බටහිර ඉන්දියාවේ අහමදාබාද් නගරයේ යතුරුපැදිකරුවන් ඉන්ධන පිරවුම්හලකට රොක් වී තිබූ අවස්ථාවක් මෙමඟින් පිළිඹිපු වෙනවා.  ඊට පසු දින සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල ඉහළ දැමීම මීට හේතු වූ අතර රාජ්‍ය තෙල් සමාගම් මාස හයකට වැඩි කාලයකට පසු මෙසේ තීරණය කර තිබූනේ මූල්‍ය විනය ප්‍රකාශ කිරීමක් ලෙස බව වාර්තා වී තිබූණා. කෙසේනමුත් එවකට අර්බුදයට ලක් ව තිබූ ඉන්දීය රුපියල, එම තීරණය මගින් සැලකිය යුතු ලෙස වර්ධනය වීමක් බලාපොරොත්තු විය නොහැකි බව ද එම තීරණය සම්බන්ධයෙන් ආර්ථික විශේෂඥයෝ පවසා තිබුණි. එසේම මෙම ඉන්ධන මිල ඉහළ දැමීම පිළිබඳ ඉන්දියාව පුරා එකල උද්ඝෝෂණ පවත්වා ද තිබුණා.

    එසේම ලංකාවේ 2017 වසරේ නොවැම්බර් මස 04 වන දා පුවතක් ලෙස පළකර තිබූ සමාජ මාධ්‍ය ඡායාරූප සටහන සඳහා මුල් වී තිබූ පුවතක් කෙරෙහි ද අප අවධානය යොමු කළා. එම තොරතුරු පළකර තිබූ හිරු පුවත් වෙබ් අඩවියේ වාර්තාව පහතින්.

    Hirunews | Archived

    එහි සඳහන් කර තිබුණේ දිවයින පුරා ඉන්ධන පෝලිම් දිගටම දැක ගන්නට ලැබුණු බවත් ඇතැම් ඉන්ධන පිරවුම් හල් වස දමා තිබූ බවයි. IOC විසින් ආනයනය කරන ලද ඉන්ධන තොගයක් තත්ත්වයෙන් බාල බව හේතුවෙන් භාවිතයට ගැනීමට නොහැකි වීම ද මෙයට හේතු වූ බව පවසමින් එකවට අමාත්‍ය අර්ජුන රණතුංග පැවසූවේ අරපිරිමැස්මෙන් පෙට්‍රල් භාවිතා කරන ලෙසයි. එමෙන්ම එම ඡායාරූපය ඉන්ධන පෝලිම නියෝජනය කිරීම සඳහා ඉහත ඡායාරූපය භාවිතා කර තිබුණා

    2017 පෙට්‍රල් හිඟය සඳහා මුල් වූ හේතු පිළිබඳ වාර්තා වූ වීඩියෝවක් පහතින්.

    2017 නොවැම්බර් මස මුල් දින කිහිපයක් පුරා පැවති තෙල් හිඟය ගැන පළවූ තවත් වාර්තාවක දක්වා තිබුණේ ද ඉහත පරිදි ඉන්ධන නැවක් නියමිත ප්‍රමිතියකින් තොර හෙයින් ප්‍රතික්ෂේප කිරීම, ඉන්ධන හිඟයක් ඇති වෙතැයි පළ වූ සැකයත් සමග බොහෝ වාහන හිමියෝ අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා යමින් පෙට්‍රල් මිල දී ගනිමින් ගබඩා කර ගැනීම, ඉදිරියේ දී අයවැය හේතුවෙන් ඉන්ධන මිලෙහි වෙනස්වීම් සිදුවිය හැකියැයි කරන ලද අනුමාන ඇතුළු කරුණු කිහිපයක්ම මෙම තත්ත්වයට ඇති වීමට දායක වී තිබූ බවයි. එසේම ඩීසල් හෝ භූමිතෙල් හිඟයක් නොතිබුණු බවත් වාර්තා වී තිබුණා. BBC Sinhala | Archived

    එසේම ඉන්ධන හිඟය පිළිබඳ දිගින් දිගටම 2017 නොවැම්බර් මාසයේ පළවෙමින් තිබූ ප්‍රචාර සම්බන්ධයෙන් ඛනිජ තෙල් අමාත්‍යාංශය පවසා සිටියේ ඒ වනවිට (නොවැම්බර් 21) ඉන්ධන හිඟයක් නොමැති බවත් අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසයි. ඒ පිළිබඳ පුවත් වාර්තාවක් පහතින්.

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ 2017 වසරේදී ලංකාවේ පැවති ඉන්ධන හිඟය බවට හැඟවීමට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප වල දැක්වෙන්නේ 2012 මැයි 23 වැනිදා බටහිර ඉන්දියාවේ අහමදාබාද් නගරයේ යතුරුපැදිකරුවන් ඉන්ධන පිරවුම්හලකට රොක් වී තිබූ අවස්ථාවක ඡායාරූපයක් බවයි

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-02-28

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.