Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ලංකාවේ අර්බුදකාරී තත්වය අතරතුර ඉන්දියන් හමුදාවත් ලංකාවට ?

    2022-04-06
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ලංකාවේ පවතින අර්බුදකාරී තත්ත්වයන් හමුවේ ඉන්දීය හමුදා භටයන් ලංකාවට පැමිණි බවට සමාජ ජාලා සටහන් පැතිර ගියා.මේ ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  මේ පසුගිය දින කිහිපයකට පෙර වට්ස් ඇප් හරහා හුවමාරුවූ සටහනක් . “ශ්‍රී ලංකාවේ ඊය

    ලංකාවේ පවතින අර්බුදකාරී තත්ත්වයන් හමුවේ ඉන්දීය හමුදා භටයන් ලංකාවට පැමිණි බවට සමාජ ජාලා සටහන් පැතිර ගියා.මේ ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් .

    සමාජ ජාලා සටහන් 

    මේ පසුගිය දින කිහිපයකට පෙර වට්ස් ඇප් හරහා හුවමාරුවූ සටහනක් .

    “ශ්‍රී ලංකාවේ ඊයේ රාත්‍රියේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සඳහා ඉන්දීය සෙබළුන් සමඟ ගුවන් යානා තුනක් කොළඹට පැමිණ තිබේ.

    මේ අතර, ඉන්දීය සෙබළුන් 180 දෙනෙකු රැගත් ගුවන් යානයක් දිල්ලියේ ඉන්දීය ගුවන් හමුදා කඳවුරෙන්, පන්ජාබ් රෙජිමේන්තුවේ සෙබළුන් 215 දෙනෙකු සහ තමිල්නාඩු සහ තම්බරම් ඉන්දීය හමුදා කඳවුරුවලින් මදුරාසි රෙජිමේන්තුවේ සෙබළුන් 200 දෙනෙකු රැගත් ගුවන් යානයක් කොළඹ කටුනායක ගුවන් තොටුපළට ගොඩබස්වා තිබෙනවා. පළමු අදියර.

    දිල්ලි නුවරින් ලැබෙන වාර්තාවලට අනුව අද රාත්‍රියේ යළිත් ප්‍රචණ්ඩත්වය උත්සන්න වනු ඇතැයි අපේක්ෂා කරන බැවින් ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි මෙම හදිසි ආධාර ලබා දී ඇත.

    එසේම අද සවස ඉන්දීය යුද නෞකාවක් වන “වික්‍රමදිත්‍ය” භට පිරිස් 4500ක් රැගෙන කොළඹ වරාය දෙසට ගමන් කරමින් සිටි බව ඉන්දීය තානාපති කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.

    එක් දිනක් තුළ ඉන්දීය හමුදා භටයන් 6000ක් මෙරටට පැමිණීම දැඩි ලෙස හෙළා දකින මල්වතු සහ අස්ගිරි ආණ්‌ඩුකාරවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට වහාම ඉල්ලා අස්‌වන ලෙස ඉල්ලා සිටියහ.”

    බොහෝ ලෙස දමිළ ෆේස්බුක් පාඨකයින් අතරේ හුවමාරු වී තිබු මෙම සටහන් පිලිබඳ විමසමින් සිංහල බසින් ද කරුණු විමසමින් පළවූ සටහනක් මෙලෙසින්

    සැබැවින්ම ඉන්දීය හමුදාව ලංකාවට පැමිණියාද ? මේ ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක්. 

    Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම )

    අප  විසින් මුලින්ම සිදුකළේ මේ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ  මෙවැනි හදිසි ඉන්දීය හමුදාවක් මෙරටට පැමිණීමක් සම්බන්ධයෙන් කරුණු සදහන්ව පවතිනවාද යන කාරණය පිළිබදවයි.කෙසේ වෙතත් එවැනි යමක්සොයා ගැනීමට අපට හැකිවුණේ නැහැ .

    ඉන් අනතුරුව අප මේ සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්‍යාලයේ මතයද විමසා බැලුවා. ඔවුන් පැවසුවේ මෙම සටහන් සම්පූර්ණයෙන්ම සාවද්‍ය සහ පදනම් විරහිත වන බවයි. මේ සම්බන්ධයෙන් කොළඹ පිහිටි ඉන්දියාවේ මහ කොමසාරිස් කාරියාලය සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් ම සටහනක් ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුවේ ද පළකර තිබුනේ මෙලෙසින්.

    එමෙන්ම ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ද සදහන් කළේ එවැනි සිදුවීමක් සිදු නොවූ බවයි.

    ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නද පවසා තිබුණේ ඉන්දීය හමුදාව ලංකාවට පැමිණි පුවත සත්‍ය නොවන බවයි. විශේෂයෙන්ම දමිළ සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර හුවමාරු වී තිබු මෙම පුවත ඒ සම්බන්ධ ආරක්ෂක අමාත්‍යංශයේ නිල නිවේදනය පහතින්.

    Defence.lk 

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමේදී තහවුරු වූවේ ඉන්දීය හමුදා භටයන් මේ අර්බුදකාරී අවස්ථාවේදී ලංකාවට පැමිණ ඇති බවට පළවන සමාජ ජාලා සටහන් අසත්‍ය බවයි.ඒ බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාරියාලය මෙන්ම ශ්‍රී ලංකා ආරක්ෂක අංශ ද තහවුරු කළා.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-04-06

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.