Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    කැනේඩියානු පොප් ගායක ජස්ටින් බීබර් වාහන අනතුරකින් ජීවිතක්ෂයට ?

    2024-09-11
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

        Claim :   ජස්ටින් බීබර් වාහන අනතුරකින් ජීවිතක්ෂයට Fact :  බීබර් ජීවිතක්ෂයට පත් වී නොමැත. එම වාහන අනතුර 2022 වසරේ පෝලන්තයේ සිදුවූ වාහන අනතුරක ඡායාරූපයකි. Rating :  False  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කලාකරුවන් ජීව

    Claim :   ජස්ටින් බීබර් වාහන අනතුරකින් ජීවිතක්ෂයට

    Fact :  බීබර් ජීවිතක්ෂයට පත් වී නොමැත. එම වාහන අනතුර 2022 වසරේ පෝලන්තයේ සිදුවූ වාහන අනතුරක ඡායාරූපයකි.

    Rating :  False 

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    කලාකරුවන් ජීවිතක්ෂයට පත් වූ බවට අසත්‍ය තොරතුරු මෙරට සමාජ මාධ්‍ය පරිශීලකයින් ද, සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ, වරින් වර හුවමාරු කර ගන්නා අයුරු අපට සුලබව දැක ගන්නට ලැබෙනවා.

    ඒ අයුරින් විදේශිකයින් විසින් ද, ජාත්‍යන්තර කලාකරුවන් සම්බන්ධ ව්‍යාජ තොරතුරු සමාජ මාධ්‍ය වේදිකාව තුළ හුවමාරු කර ගන්නා අතර එලෙසින් සංසරණය වූ සමාජ මාධ්‍ය සටහනක සිංහල පරිවර්තනය ඇතුළත් කරමින් ජස්ටින් බීබර් මරණයට පත් වූ බවට සඳහන් පුවතක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු පරික්ෂාවක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    ජස්ටින් බිබර් හදිසි අනතුරකින් මෙලොවින් සමුගෙන් ඇති බවට සඳහන් කරමින් ඡායාරූප සහිතව සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

    Facebook | Archived Link

    කෙසේ වෙතත් මෙම සටහන් සඳහා දක්වා ඇති ප්‍රතිචාර වලින් පෙනී ගියේ බොහෝ දෙනෙකු මෙය අසත්‍ය පුවතක් බවට හඳුනාගෙන ඇති බවයි.

    කෙසේ වෙතත් මෙහි නිරවද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂණයක් සිදු කිරීමට පියවර ගත්තේ මේ අයුරින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    කිසිදු ජාත්‍යන්තර ප්‍රධාන මාධ්‍ය ධාරාවක් විසින් ජනප්‍රිය කැනේඩියානු පොප් ගායකයෙක් වන ජස්ටින් ඩ්‍රිව් බීබර් ජීවිතක්ෂයට පත් වූ බවට පුවතක් වාර්තා කර නොතිබුණි.

    නමුත් මේ වන විට තිස් හැවිරිදි(30) වියේ පසුවන බීබර්ට වයස අවුරුදු 19 සිට වාහන අනතුරකින් ඔහු මිය ගිය බවට කටකතා සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර සංසරණය වී තිබුණා. ඒ සම්බන්ධ වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    ජස්ටින් බීබර් සහ බිරිඳ හේලි බීබර් පසුගිය සති අන්තයේ රසිකයින් ට සුබ ආරංචියක් දන්වමින් එම දෙපළගේ කුළුදුල් දරුවාගේ පැමිණීම නිවේදනය කළ අතර ඉන්ස්ටග්‍රෑම් සටහනකින් “වෙල්කම් හෝම් ජැක් බ්ලූස් බීබර්” යනුවෙන් සඳහන් කර තිබුණේ මෙලෙසින්.

    එමෙන් ම මෙම දෙපළ මේ දිනවල සිය දරුවා සමගින් සතුටින් සිටින අයුරු දැක්වෙන ඡායාරූඵ ඇමරිකානු රැප් ගායිකාවක්, නිරූපිකාවක් සහ රංගන ශිල්පිනියක් වන කාර්ලි රෙඩ් විසින් සිය නිල ෆේස්බුක් පිටුවට එක් කර තිබුණේ මේ අයුරින්.

    https://web.facebook.com/OfficialKarlieRedd/posts/1064828025001058

    Archived Link

    එමෙන් ම බීබර්ගේ අනතුර ලෙසට පෙන්වීමට උත්සහ දරා තිබූ වාහන අනතුරේ ඡායාරූපය පෝලන්තයේ Vyzhisk නගරය ආසන්නයේ S10 අධිවේගී මාර්ගයේ 2022 වසරේ සිදු වූ අනතුරක ඡායාරූපයක්.

    ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා වලට අනුව, Ferrari 488 වර්ගයේ එම රථය රියදුරුට පාලනය නැති වූ අවස්ථාවක සිදු වූ අනතුරක් වන අතර ඉන් කිසිදු අනතුරක් ඇයට(රියැදුරු) සිදු වී නොමැති බව ද සඳහන් වේ. මේ සම්බන්ධයෙන් පළ වී තිබූ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා මෙතනින් සහ මෙතනින්. Archived Link | Archived Link

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, කැනේඩියානු පොප් ගායක ජස්ටින් බීබර් වාහන අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් අසත්‍ය වේ. එම වාහන අනතුර 2022 වසරේ පෝලන්තයේ සිදුවූ වාහන අනතුරක ඡායාරූපයකි.

    ජස්ටින් බීබර්වාහන අනතුරJustin Biebercar accident

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-09-11

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.