Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ප්‍රවීන ගායන ශිල්පි සනත් නන්දසිරි මෑතදී ජීවිතක්ෂයට පත් වූ බවට පළ වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍යයි!

    2024-10-03
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    Claim :   ප්‍රවීණ ගායන ශිල්පී මහචාර්ය සනත් නන්දසිරි මහතා මෑතකදී ජීවිතක්ෂයට Fact :  ඒ මහතා මිය යනු ලැබුවේ, පසුගිය 2023 වසරේ මාර්තු මස 28 වන දායි. Rating :  Misleading දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. බොහෝ අවස්ථාවන් වලදී ෆ

    Claim :   ප්‍රවීණ ගායන ශිල්පී මහචාර්ය සනත් නන්දසිරි මහතා මෑතකදී ජීවිතක්ෂයට

    Fact :  ඒ මහතා මිය යනු ලැබුවේ, පසුගිය 2023 වසරේ මාර්තු මස 28 වන දායි.

    Rating :  Misleading

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    බොහෝ අවස්ථාවන් වලදී ෆේස්බුක් පිටු මගින් තම පිටු හරහා පළ වන සටහන් වලට වැඩි ජනප්‍රියත්වයක් ලබා ගැනීමේ අරමුණින්, මිනිසුන් සංවේදී වන කාරණා ඔස්සේ සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය කරනු ලබනවා. එලෙසින් මීට කලකට පෙර අභාව ප්‍රාප්ත වී ඇති ජනප්‍රිය පුද්ගලයන් මෑතකදී ජීවිතක්ෂයට පත් වූ බවට පළ කරන සමාජ මාධ්‍ය සටහන් වල ප්‍රවණතාවක් දකින්නට ලැබෙන අතර එවැනි තොරතුරු හරහා බොහෝ පිරිසක් නොමග යනු ලබනවා. එලෙසින් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    ප්‍රවීණ ගායන ශිල්පී මහචාර්ය සනත් නන්දසිරි මහතා මෑතකදී අභාවප්‍රාප්ත වූ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළ වී තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    මෙම සටහන් සඳහා දක්වා ඇති ප්‍රතිචාර පහතින්

    මෙහි නිරවද්‍යතාව සොයා අප කරුණු පරික්ෂාවක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    ශ්‍රී ලංකේය සංගීත කලාවේ නොමැකෙ පා සටහන් තිබූ ප්‍රවීන ගායන ශිල්පී, සංගීතඥ, සංගීත් නිපුන්, මහාචාර්ය සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබුණේ, 2023 වසරේ මාර්තු 28 වන දායි. එනම්, පසුගිය වසරේදිය.

    සනත් නන්දසිරි මහතා මිය යන විට 81 වැනි වියේ පසුවිය.

    රෝගාතුරුව ප්‍රතිකාර ලබමින් පසුවූ ඒ මහතා සිය නිවසේ දී එලෙසින් අභාවප්‍රාප්ත වී තිබුණා. ඒ සම්බන්ධයෙන් පළ වූ ප්‍රධාන මාධ්‍ය සටහන් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    Facebook | Archived Link

    1942 වසරේ පෙබරවාරි මස 15 වැනිදා ගොතටුවේදී උපත ලැබූ සනත් නන්දසිරි මහතා 1955 දී එනම් ඔහුට වයස අවුරුදු 13 දී ජාතික ගුවන්විදුලියට සම්බන්ධ විය.අනතුරුව ඔහු වයස අවුරුදු 17 දී ඩී. ආර්. පීරිස් මහතා යටතේ තබ්ලා වාදනය වැඩිදුර හැදෑරීය.

    ඉන්දියාවේ භාත්ඛාණ්ඩේ විශ්ව විද්‍යාලයට 1960 වසරේ දී එනම් 19 හැවිරිදි වියේ දී සම්බන්ධ වූ සනත් නන්දසිරි මහතා උස්තාද් අහමඩ් ජාන්ල ජී.එන් නාටු, උස්තාද් මොක්ෂට් අලි, පණ්ඩිත් හරි ශන්කර් යන ප්‍රවීණයන් යටතේ අධ්‍යාපනය ලබා එහි පරීක්ෂණවලින් ඉහළින් සමත්ව තබ්ලා හා ගායන විශාරද උපාධි හිමිකරගත්තේය. ඉන් අනතුරුව මෙරටට පැමිණ සංගීත ගුරුවරයකු ලෙස අම්පාර, උහන මහා විද්‍යාලයට 1965 වසරේදී පත්වීම ලබාගත් ඔහු 1988 සිට 1992 දක්වා කැලණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළා.

    ප්‍රවීණ ගායන ශිල්පිනියක වන මල්කාන්ති නන්දසිරි මහත්මිය සමඟ 1971 වසරේ දී විවාහ වූ ඔහුගේ එකම දියණිය වන අනුරාධා නන්දසිරි මහත්මිය ද ගායන ශිල්පිනියකි. සනත් නන්දසිරි මහතා 1992 වසරේ දී සංගිත් නිපුන් උපාධිය ලබාගත් අතර, එම උපාධිය ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ද සනත් නන්දසිරි මහතාය.

    “මම නම් ආසයි අහන්න නයනා”, “වරදක් කළත් සිතකින් නොවෙයි”, “දඟකාර ඔය දෑස දුටුවා එදා”, “විකසිත වත කමලේ”, “එදා මෙදා තුර”, “ඇවිලුනු ගිනිදැල්”, “මුලු ලොව මගෙන් අසාවි”, “යශෝදරා”, “එක යායට මල් පීදුණු බිම් තීරේ”, “සොවින් පිරි මගේ හදවත.”, “දූ අනුරාධා”, “ලස්සන නම් නෑ පෙනෙන්නේ”, “ඈත එපිට ගම්මානෙන්”, “බෝ මලුවේ මල් සුවඳක පැටලී”, “ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාං අදින්නේ”, “ආදර සැමරුම් කැටිවූ”, “පෙමාතුර හැඟුම්”, “වාසනා වේවා”, “මම නම් ආසයි අහන්න නයනා”, “නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්”, මේ ප්‍රථම වසන්තයයි” ආදී අතිශය ජනප්‍රිය ගීත රැසක් ඔහු සිය රසිකයන් වෙත තිළිණ කළා. වැඩිදුර තොරතුරු ඇතුළත් ඔහු සම්බන්ධ තොරතුරු ඇතුළත් වූ මාධ්‍ය වාර්තාව මෙතනින්.

    Also Read: නිහාල් නෙල්සන් මෑතක දී ජීවිතක්ෂයට පත්වූ බව හඟවමින් පළවූ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ප්‍රවීණ ගායන ශිල්පී මහචාර්ය සනත් නන්දසිරි මහතා මෑතකදී අභාවප්‍රාප්ත වූ බවට දක්වමින් පළවන සමාජ මාධ්‍ය සටහන් නොමග යවන සුළු බවයි. ඒ මහතා මිය යනු ලැබුවේ, පසුගිය 2023 වසරේ මාර්තු මස 28 වන දායි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-10-03

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.