Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    අධික උණුසුම නිසා, ෆුල් ටෑන්ක් කිරීමෙන් වළකින ලෙස අනතුරු ඇඟවීමක්, IOC සිදුකර නැහැ!

    2023-04-20
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මේ දිනවල රටේ පවතින්නේ දැඩි උෂ්ණාධික කාලගුණයක්. බොහෝ දෙනා එම තත්ත්වය තුළ ජීවත්වන්නේ යම් අපහසුවකින් යුක්තවයි. එවන් පසුබිමක් තුළ සමාජ ජාලා තුළ පැතිරුණු පණිවිඩයකින් කියවුණේ වාහනවලට ඉන්ධන ගැසීමේදී ඉන්ධන ටැංකිය උපරිම සීමාව දක්වා ඉන්ධන ලබා නොගන්නා ලෙසත්, එසේ ඉන්

    මේ දිනවල රටේ පවතින්නේ දැඩි උෂ්ණාධික කාලගුණයක්. බොහෝ දෙනා එම තත්ත්වය තුළ ජීවත්වන්නේ යම් අපහසුවකින් යුක්තවයි. එවන් පසුබිමක් තුළ සමාජ ජාලා තුළ පැතිරුණු පණිවිඩයකින් කියවුණේ වාහනවලට ඉන්ධන ගැසීමේදී ඉන්ධන ටැංකිය උපරිම සීමාව දක්වා ඉන්ධන ලබා නොගන්නා ලෙසත්, එසේ ඉන්ධන ලබා ගතහොත් දැනට පවතින ඉහළ පරිසර උෂ්ණත්වය නිසා තෙල් ටැංකිය පිපිරීමට පවා හැකියාවක් ඇති බවයි. මෙම අනතුරු හැගවීම සිදුකර ඇත්තේ ඉන්දියන් ඔයිල් සමාගම මගින් බවත් එහි දැක්වෙනවා.

    සැබැවින්ම ඉන්දියන් ඔයිල් සමාගම මෙවන් අනතුරු හැගවීමක් සිදු කලාද ? මෙහි සත්‍යතාවයක් පවතිනවාද ?මේ සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමයි මේ.

    සමාජ ජාලා සටහන් 

    තෙල් ටැංකියේ උපරිම සීමාව දක්වා ඉන්ධන එක්කළහොත් ,ටැංකිය පුපුරා අනතුරුදායක තත්ත්වයන් ඇතිවිය හැකි බව ෆෙස්බුක් වල හුවමාරුවී තිබුණේ පහත අයුරින්. ඒ ඉන්දීය ඔයිල් සමාගම (IOC) විසින් නිකුත් කරන ලද අනතුරු හැගවීමක් ලෙසයි.

    Facebook | Archived

    මෙම සටහන් වට්ස් ඇප් සමාජ ජාලය හරහාද බහුලව ව්‍යාප්තව තිබෙන ආකාරය නිරීක්ෂණය වුණා.

    Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )

    පළමුව, අපි සොයා බැලුවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් ඉන්දියන් ඔයිල් සමාගම මගින් සිදු කරන ලද මෙවන් අනතුරු හැගවීමක් පිලිබදව වාර්තා කර ඇතිද යන කාරණයයි. නමුත් එවැන්නක් අපට හමුවූවේ නැහැ.

    ඉන් අනතුරුව ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ නිල සන්නිවේදන ගිණුම් පරික්ෂා කිරීමේ දී අපට දැකගැනීමට හැකිවුයේ ලංකා IOC සමාගමේ නිල ට්විටර් ගිණුම හරහා ඔවුන් මෙම සමාජ ජාලා හරහා පැතිරෙන ප්‍රචාර ප්‍රතික්ෂේප කරන බවයි. එමෙන්ම ඔවුන් එහිදී අවධාරණය කරන්නේ තමන් එවැනි අනතුරු හැගවීමක් සිදු නොකළ බවත් වාහන නිෂ්පාදකයන් විසින් සියලු තත්ත්වයන් සලකා බැලීමෙන් අනතුරුව තෙල් ටැංකි වලට තෙල් පිරවිය හැකි උපරිම සීමාව ලකුණු කරන බවයි. එම නිසා ,ගිම්හානයේ වුවත්, ශිත කාලයේ වුවත් තෙල් ටැංකියේ උපරිම සීමාවට තෙල් පිරවිය හැකි බව මෙන්ම ඉන් හානිදායක තත්ත්වයක් ඇති නොවන බවත් ඔවුන් අවධාරණය කරනවා. ලංකා ඉන්දියන් ඔයිල් සමාගම මගින් නිකුත් කරන ලද ට්විටර් පණිවිඩය පහතින්.

    Archived

    මෙවැනි ව්‍යාජ සටහන් මීට පෙර ඉන්දියාවේද බොහෝ ලෙසින් පැතිර තිබුණු අතර ඒ සම්බන්ධයෙන් 2019 වසරේදී ඉන්දියාන් ඔයිල් සමාගම කරුණු පැහැදිලි කරමින් නිකුත් කල ට්විටර් සටහනකට පිවිසිය හැකියි මෙතනින්. 

    පදනම් විරහිත ප්‍රකාශයක්!

    විද්‍යාව තුළ ස්වයං දහන උෂ්ණත්වය (Auto Ignition Temperature ) ලෙස සංකල්පයක් පවතිනවා. එනම් බාහිර බලපෑම් (ගිනි පුලිගු ආදිය) වලින් තොරව පරිසර උෂ්ණත්වය නිසාම ද්‍රව්‍ය ගිනි ගන්නා උෂ්ණත්වයයි. පෙට්‍රල් සදහා මෙම උෂ්ණත්වය සෙල්සියස් අංශක 246 ක් වන අතර ඩීසල් සදහා සෙල්සියස් අංශක 210 ක් වනවා.

    අප කවුරුත් හොදින් දන්නා කාරණය නම් කුමන රටකදී වුවත් පරිසර උෂ්ණත්වය දැඩි ගිම්හාන සමයකදී වුවත් පවතින්නේ සෙල්සියස් අංශක 50 ට වඩා අඩු අගයකි. එමගින් පැහැදිලි වන කාරණය නම් සූර්ය කිරණ මගින් ඇතිවන පරිසර උෂ්ණත්වය නිසා ඉන්ධන වර්ග ස්වයං දහනයට ලක්වීමේ හැකියාවක් නොමැති බවයි. ස්වයං දහන උෂ්ණත්වයන් පිලිබදව වැඩිදුර විස්තර මෙතනින්. Archived

    තෙල් ටැංකියේ සහ එන්ජිමේ ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කරමින් එහි අභ්‍යන්තරයේ තෙල් වාෂ්ප මගින් ඇතිකරන යම් අහිතකර අධි පීඩන තත්ත්වයක් ආදිය පවතීනම් ඒ පිලිබදව වාහනේ රියදුරාට අනතුරු හැගවීම නවීන වාහනවල වාෂ්ප විමෝචන පද්ධති (Evaporative Emissions System) සවිකර ඇත .

    Read in English: IOC Did NOT Request Against Filling Fuel Tanks to the Maximum Limit, Due to Rising Heat in SL!

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    අවසාන නිගමනය (Conclusion) 

    අප විසින් සිදුකරන ලද කරුණු විමසුමේදී තහවුරුවූ කාරණය නම් ඉන්දියන් ඔයිල් සමාගම මගින් සමාජ ජාලා වල සදහන් ආකාරයේ අනතුරු හැගවීමක් සිදු කර නොමැති බවයි. මෙසේ හුවමාරු වන ව්‍යාජ සහ අසත්‍ය සමාජ ජාලා සටහන් පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පවසන්නේ තමන් එවැනි අනතුරු හැගවීමක් නිකුත් නොකළ බවයි. ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ , ගිම්හානයද ශිත සමයද යන්න තෙල් ටැංකියට ඉන්ධන පිරවීමේදී සැලකිය යුතු නොවන බවයි. වාහන නිෂ්පාදනය කිරීමේදී නිෂ්පාදකයා විසින් සියලු කරුණු සලකා බැලීමෙන් පසු තෙල් ටැංකියේ ඉන්ධන පිරවීමේ උපරිම සීමාව ලකුණු කරන අතර එම සීමාවට තෙල් පිරවීම මගින් කිසිදු හානියක් නොවන බවත් ඔවුන් පවසනවා.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2023-04-20

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.