Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංග්‍රීසිය අකුරු වැරදියට දැක්වූ බස් රථයක ඡායාරූපයේ ඇත්ත කතාව!

    2022-12-28
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දිනෙන් දින තාක්ෂණය අතින් දියුණු වල ලෝකයේ, ඡායාරූප සහ වීඩියෝ තුළ දැක්වෙන කරුණු, විව්ධාකරයේ යෙදවුම් භාවිත කරමින්, සංස්කරණය කිරීමට පහසුවෙන්ම හැකියාව ලැබී තිබෙනවා. මේ හේතුවෙන් ජනතාව නොමග යනවා

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    දිනෙන් දින තාක්ෂණය අතින් දියුණු වල ලෝකයේ, ඡායාරූප සහ වීඩියෝ තුළ දැක්වෙන කරුණු, විව්ධාකරයේ යෙදවුම් භාවිත කරමින්, සංස්කරණය කිරීමට පහසුවෙන්ම හැකියාව ලැබී තිබෙනවා. මේ හේතුවෙන් ජනතාව නොමග යනවා සේම ඇතැම් අවස්ථා වල ඇතැම් පුද්ගලයන්ට මෙන්ම ආයතන වලට ද, එමඟින් අපකීර්තියක් ළඟා වනවා. සමාජ මාධ්‍ය ඔස්සේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ බස් රථයක් සම්බන්ධයෙන් පළ වූ ඡායාරූපයක් ඔස්සේ, මෙරට මෙන්ම විදේශිකයන් අතර ද, සමස්තයක් ලෙස ලංකාවේ රාජ්‍ය සේවය හාස්‍යට ලක් කල, නොමග යවන සුළු ඡායාරූපයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    වාරිමාර්ග දෙපාර්තමේන්තුවට (Irrigation Department) අයත් බස් රථයක එම දෙපාර්තමේන්තුවේ නම ඉංග්‍රීසි භාෂාවෙන් වැරදි අකුරු සමගින් දක්වා ඇති බවට ඡායාරුපයක් හුවමාරු වුණා. එමඟින් දක්වා තිබුනේ Irritation Department ලෙස එනම් සිංහල බසින් ‘කුපිත කරවන දෙපාර්තමේන්තුව’ ලෙස අරුත් ගැනෙන අයුරින්, වැරදි අක්ෂර බස් රථයේ පසු පස සඳහන් කර ඇති බවයි.

    පසුගිය දිනයක දී මෙම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ බස් රථය ධාවනය වෙමින් පවතින අවස්ථාවක දී ලබා ගත් ඡායාරූපයක් ලෙස එය පළ වී තිබුණේ මේ අයුරින්.

    Facebook | Archived Link

    ඉන්දියාවේ ද, සමාජ මාධ්‍ය තුළ මෙම ඡායාරූප සටහන උපහාසාත්මක කෝණයෙන් පළ වූයේ මෙලෙසින්. Archived Link

    Twitter ඔස්සේ ද, මෙම ඡායාරූපය පළ වී තිබුණා.

    Archived Link

    ෆේස්බුක් ඔස්සේ මෙම ඡායාරූප සටහන බහුලව හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

    මෙම සටහන් සඳහා දක්වා තිබූ උපහාසාත්මක කෝණයෙන් පළ වූ ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් බස් රථයක සැබවින්ම නොදැනුවත්කම / නොසැලකිල්ල හේතුවෙන් අකුරු වැරදියට අලවා ඇති බවට බොහෝ දෙනෙකු පිළිගත් බවක්.

    මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය විමසා බැලීමට අප කටයුතු කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් බවට දක්වා තිබූ ඉහත බස් රථයේ IRRITATION DEPARTMENT ලෙස පළ වී තිබූ ඡායාරූපය එක් අවස්ථාවක් එක් කෝණයකින් පමණක් පෙන්වා තිබු බැවින්, මෙම ඡායාරූප සත්‍ය ඡායාරූපයක් ද යන්න පිළිබඳව අපගේ අවධානය යොමු වුණා.

    වාරිමාර්ග දෙපාර්තමේන්තුව

    මේ හේතුවෙන් ඉන්පසුව හෝ මෙම බස් රථයේ වැරදි ඉංග්‍රීසි අක්ෂර වින්‍යාසයකින් IRRITATION DEPARMENT ලෙස සඳහන් වුණිද යන්න පරික්ෂා කිරීමට අප වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අංශයෙන් විමසීමක් කළා.

    මාධ්‍ය අංශයේ නිලධාරියෙකු සඳහන් කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ ඉංග්‍රීසි බසින් (IRRITATION DEPARTMENT ලෙස) පළ කර ඇත්තේ ඡායාරූප සංස්කරණයක් බවත්, සත්‍ය බස් රථයේ අද දක්වා ම නිවැරදි අක්ෂර යොදාගැනීම වන IRRIGATION DEPARTMENT ලෙස ඉදිරිපස මෙන්ම ඉදිරිපසත් දක්වා ඇති බවයි.

    ප්‍රාදේශීය යාන්ත්‍රික ඉංජිනේරු කාර්යාලය හල්පාතොට

    වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හල්පාතොට ප්‍රාදේශීය යාන්ත්‍රික ඉංජිනේරු කාර්යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු S.H.K.N ගුණරත්න මහතා සඳහන් කළේ, මෙම බස් රථය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්‍යාලයේ බස් රථයක් බවත්, සේවක මණ්ඩලය ප්‍රවාහණය කිරීම සඳහා මෙය උපයෝගී කර ගන්නා බවයි. 

    මෙම බස් රථය 2021 වසරේ දී අලුත්වැඩියා කළ බවත්, ඉන්පසුව මේ වන තෙක් අලුත්වදියාවක් නොකළ බවත්, අලුත් වැඩියා කිරීමට පෙර හෝ පසු හෝ කිසිදු අවස්ථාවක එහි IRRITATION DEPARTMENT ලෙස සඳහන් කර නොතිබුණු බවත් ඒ මහතා අවධාරණය කර සිටියා.

    එලෙස අලුත්වැඩියා කිරීම සිදු කළේ,  හල්පාතොට ප්‍රාදේශීය යාන්ත්‍රික ඉංජිනේරු කාර්යාලයේදී බවත් තහවුරු කරමින්, ඔහු 2021 වසරේ ඉහත බස් රථය අලුත් වැඩියා කිරීමට පෙර සහ පසු අවස්ථාවේ ඡායාරූප, එම අංශයේ ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ සබැඳියක් අප වෙත යොමු කළා. එම ඡායාරූප සටහන පහතින්.

    Facebook | Archived Link

    එම බස් රථය අලුත්වැඩියා කිරීමට පෙර පැවති තත්ත්වයේ හෝ අලුත්වැඩියා කිරීමෙන් පසුව හෝ IRRITATION DEPARTMENT ලෙස අකුරු වරදවා අලවා ඇති බවක් අපට දැක ගන්නට නොලැබුණි.

    This image has an empty alt attribute; its file name is image-10.jpeg
    අලුත්වැඩියාවට පෙර පැවති අයුරු
    අලුත්වැඩියාවට පසු පැවති අයුරු

    සමාජ මාධ්‍ය ඔස්සේ මෙම බස් රථය මීට මාස කිහිපයකට ද පෙර දිස්වූයේ IRRIGATION DEPARTMENT

    63-4944 බස් රථය, ඉහත අලුත්වදියාවෙන් පසුව මීට මාස කිහිපයකට පෙර, එනම් 2022 මැයි මස 28 වන දා සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ වෙනත් අවස්ථාවක ඡායාරූප කිහිපයක් ඇතුළත් සටහනක් කරා ද අප‍ගේ අවධානය යොමු වුණා.

    වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ම කාර්ය මණ්ඩලයේ පිරිසක්, පළකර තිබු එම ඡායාරූප වල දැක්වුණේ ද, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉංග්‍රීසි බසින් IRRIGATION DEPARTMENT ලෙස නිසියාකාරව බස් රථයේ පසු පස අලවා ඇති බවකි. එහිද IRRITATION DEPARTMENT ලෙස සඳහන් වී නොතිබුණි.

    Facebook | Archived Link

    බස්රථයේ අද දින ලබාගත් ඡායාරූපවල ද සඳහන් වන්නේ ද IRRIGATION DEPARTMENT ලෙසින්

    අප මේ පිළිබඳව තව දුරටත් කරුණු තහවුරු කර ගැනීම සඳහා මේ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ නවතා ඇති 63-4944 අංක දරණ බස් රථයේ ඡායාරූපයක් සහ වීඩියෝවක් අප වෙත ගෙන්වා ගනු ලැබූ අතර එම ඡායාරූපයේ සහ වීඩියෝවේ ද, ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ලෙස IRRITATION DEPARTMENT ලෙස දක්වා තිබෙන්නේ නැති බව පැහැදිලියි. IRRIGATION DEPARTMENT ලෙස සඳහන් එම ඡායාරූපය පහතින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    වාරිමාර්ග දෙපාර්තමේන්තුවට (Irrigation Department) අයත් බස් රථයක එම දෙපාර්තමේන්තුවේ නම ඉංග්‍රීසි භාෂාවෙන් වැරදි අකුරු සමගින්, එනම් Irritation Department ලෙස, අතපසු වීමකින් සඳහන් කර ඇති බවත්, එවැනි බස් රථයක් මාර්ගයේ ධාවනය වෙමින් පැවති බවටත් හුවමාරු වන්නේ, ව්‍යාජ ලෙස සංස්කරණ කරන ලද ඡායාරූප සටහන් පෙළකි.

    63-4944 අංක දරණ මෙම වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් බස් රථය, ප්‍රධාන කාර්යාලයේ සිට සේවකයින් ප්‍රවාහනය කිරීමට යොදාගන්නා බස් රථයක් වන අතර එහි මේ වන විට හෝ මීට පෙර හෝ IRRITATION DEPARTMENT ලෙස වැරදි ඉංග්‍රීසි අක්ෂර වින්‍යාසයකින්, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නම සඳහන් කර තිබුනේ නැත.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-12-28

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.