Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    අනුර කුමාර දිසානායක ලංකාවේ 8 වන ධනවත්ම පුද්ගලයාද?

    2024-08-26
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දේශපාලකයාගේ සැබෑ ධනය සහ වත්කම් සම්බන්ධයෙන් මහජනතාව අතර නොයෙකුත් අවස්ථාවන් වලදී ව්‍යාකූලත්වය ඇති කරමින් නොමග යන සුළු අන්දමින් සමාජ මාධ්‍ය සටහන් පළ වන්නේ ව්‍යාජ සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කරමි

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    දේශපාලකයාගේ සැබෑ ධනය සහ වත්කම් සම්බන්ධයෙන් මහජනතාව අතර නොයෙකුත් අවස්ථාවන් වලදී ව්‍යාකූලත්වය ඇති කරමින් නොමග යන සුළු අන්දමින් සමාජ මාධ්‍ය සටහන් පළ වන්නේ ව්‍යාජ සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කරමින්. මේ අතර මෙරට 8 වන ධනවත් ම පුද්ගලයා ලෙස සඳහන් කරමින් අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් : 

    ලංකාවේ 8 වන ධනවත්ම පුද්ගලයා අනුර කුමාර දිසානායක මහතා බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් පළ වී තිබුණේ මෙලෙසින්.

    FB | Archived 

    මෙහි නිරවද්‍යතාව සොයා අප කරුණු විමර්ශනයක් සිදු කිරීමට පියවර ගත්තේ මේ අයුරින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ ධනවත් ම පුද්ගලයන් දස දෙනා අතර සිටින බවට එළි දක්වා ඇති පිළිගත් මාධ්‍ය ආයතන, මූල්‍ය ආයතන හෝ විශ්වාසදායක සංවිධානවලින් වාර්තා හෝ ප්‍රකාශනයක් එළි දක්වා නොමැති බවට අප කළ පරික්ෂාවේදී තහවුරු වුණා.

    එක්සත් රාජධානියේ Asian World News නම් පුවත් වෙබ් අඩවියක 2019 වර්ෂයේදී පළ වූ වෙබ් වාර්තාවේ දක්වා තිබූණේ ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයින් 10 දෙනා සහ ඔවුන්ගේ වත්කම් පිළිබඳවයි. එම දසදෙනා පිළිවෙළින් මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, අරුමුගම් තොණ්ඩමන්,විනයාගමූර්ති මුරලිදරන්, එච්.එම් ෆවුසි, චන්ද්‍රිකා කුමාරතුංග, අනුර කුමාර දිසාකායක,එල්. එම්. අතාවුල්ලා, රනිල් වික්‍රමසිංහ වේ.

    මෙම වාර්තාවට අනුව මෙරට සංසරණය වූ සටහන නිර්මාණය කර ඇති බව ට පෙන්වා දිය හැක. 

    නමුත් මෙම වෙබ් වාර්තාව සඳහා පදනම් කර ගත් මූලාශ්‍ර හෝ එම ගණයය කිරීමේ ක්‍රමවේදය පිළිබඳව එම වාර්තාවේ දක්වා නොතිබුණි. 

    Asianworldnews | Archived Link

    අප මේ පිළිබඳව එම වෙබ් ආයතනයෙන්ද විමසීමක් කළ අතර ඊට ඔවුන් ප්‍රතිචාර නොදක්වන ලදී.

    එමෙන් ම 2023 වසරේ ශ්‍රී ලංකාවේ ඉහළම ධනවත් ම පුද්ගලයින් 10 දෙනා ලෙස සඳහන් කළ බ්ලොග් සටහනක් ද, මෙලෙසින් දැක ගන්නට ලැබුණු අතර නමුත් මේ සඳහා පාදක කර ගත් මූලාශ්‍ර එහි දක්වා නොතිබුණි.

    මෙම සටහන අනුව, මෙරට සිටින ධනවත් ම පුද්ගලයින් ලෙස පිළිවෙළින්, ධම්මික පෙරේරා, හැරී ජයවර්ධන, රංජිත් පේජ්, ශර්ලි පෙරේරා, සෙන්තිල් තොණ්ඩමන්, ලක්ෂ්මන් සිල්වා, සුමාල් පෙරේරා, රංජිත් පණ්ඩිතගේ, කුමාර් සංගක්කාර්, රවී තම්බියා වේ. මෙම සටහනේ හෝ අනුර කුමාර දිසානායක මහතාගේ නම සඳහන් වී නොතිබුණි. එම සටහන මෙතනින්. Archived Link

    නමුත් මේ කිසිදු වාර්තාවක් පාදක කර ගත් වාර්තා හො නිල මූලාශ්‍ර සඳහන් නොවේ.

    අනුර කුමාර දිසානායකගේ වත්කම් බැරකම් ප්‍රකාශ

    රාජ්‍ය සේවකයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත අනුව වත්කම් හා බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු අතර විශේෂයෙන් ම දූෂණ විමර්ශන පනතේ 88/1 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන එක් එක් අපේක්ෂයකයාගේ ප්‍රසිද්ධියත් පත් කළ හැකි වත්කම් බැරකම් තොරතුරු පමණක් අල්ලස් හෝ දූෂණ විරෝධි කොමිසමේ සඳහන් වේ.

    මේ හේතුවෙන් අප අනුර කුමාර දිසානායක මහතාගේ වත්කම් බැරකම් ප්‍රකාශය වෙත අවධානය යොමු කළ අතර ඒ අනුවඑහි සඳහන් වූයේ,

    මාසික වැටුප : රු. 54.285.00

    වැටුපට අමතර දීමනා : රු. 202,517.34

    මූල්‍ය වත්කම්: හෙළිදරව් කළ ශේෂයන් සහිත බැංකු ගිණුම් තුනක්.

    බිරිඳගේ මාසික වැටුප : නැත

    බිරඳ සතු ස්වර්ණාභරණ : රන් මාල 01, වළලු 02, මුදු 02, කරාඹු 02

    තමන් සතු මෝටර් රථ : ඩබල් කැබ් රථ 01

    දේපළ :  කඩවත වැටහේනවත්ත ප්‍රදේශයේ පිහිටි දැනට පදිංචි නිවස සහ ඉඩම

    ඒ අනුව, මෙරට සිටින ලොව ධනවත්ම පුද්ගලයින්ගේ 08 වන ස්ථානයේ සිටින බව ට පළ වන සටහන් නොමග යවන සුළු බව මින් පැහැදිලි වේ.

    එමෙන් ම මීට පෙර ද, ශ්‍රී ලංකාවේ ධනවත් ම දේශපාලඥයින් දස දෙනා බවට සඳහන් කරමින් Forbes සඟරාවෙන් වාර්තා කළ බව ට දක්වමින් සමාජ මාධ්‍ය සටහන් පළ වූ අතර අප මේ පිළිබඳව ඔවුන්ගේ කළ විමසීමේදී ඔවුන් තහවුරු කළේ, එවැනි සමීක්ෂණයක් සිදු නොකළ බවයි. මේ සම්බන්ධයෙන් අප සිදු කළ සම්පූර්ණ කරුණු විමර්ශන වාර්තාව පහතින්.

    FACT CHECK: Forbes සඟරාව ශ්‍රී ලංකාවේ ධනවත්ම දේශපාලඥයින් දස දෙනාගේ වත්කම් හෙළි කළාද?

    ‍ අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ අටවන ධනවත් ම පුද්ගලයා බවට පල වන සටහන් නොමග යන සුළුයි. මෙවැනි සමීක්ෂණයක් කළ බව ට කිසිදු පිළිගත හැකි සාක්‍ෂියක් හෝ නිල ලේඛනයක් හෝ කිසිදු මූලාශ්‍රයක් නොමැත. 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-08-26

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.