Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: වැලිකන්දේ, ගෑස් සිලින්ඩරයක් පිපිරීම නිසා සිදුවූ මරණයක් ද?

    2021-11-27
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පසුගිය දින කිහිපයක සිට මේ දක්වාත් ගෑස් සිලින්ඩර් සම්බන්ධයෙන් මහත් ආන්දෝලාන්තම ප්‍රකාශයක් සහ සිදුවීම් කිහිපයක් මුල් කරගනිමින් සමාජයේ මහත් කතිකාවතක් නිර්මාණය වී තිබෙනවා. මේ හේතුවෙන් මහ ජනතා භීතියට පත් වී ඇති අතර එය තවත් තීව්‍ර කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන්

    පසුගිය දින කිහිපයක සිට මේ දක්වාත් ගෑස් සිලින්ඩර් සම්බන්ධයෙන් මහත් ආන්දෝලාන්තම ප්‍රකාශයක් සහ සිදුවීම් කිහිපයක් මුල් කරගනිමින් සමාජයේ මහත් කතිකාවතක් නිර්මාණය වී තිබෙනවා. මේ හේතුවෙන් මහ ජනතා භීතියට පත් වී ඇති අතර එය තවත් තීව්‍ර කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වූයේ ගෑස් සිලින්ඩරයක් පුපුරායාමෙන් වූ මරණයක් පිළිබඳවයි. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    පොළොන්නරුව, වැලිකන්ද සඳුන්පිටිය ගම්මානයේ නිවසක ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් බරපතළ තුවාල ලබා කොළඹ මහ රෝහලේ දින 12 ක් ප්‍රතිකාර ලබමින් සිටි 19 වියැති කාන්තාවක් පසුගිය 25 වන දා  සවස මියගොස් ඇති බවට ෆේස්බුක් සටහනක දක්වා තිබුණා.

    එහි වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, මුළුතැන් ගෙයි තිබූ ගෑස් උඳුන ගිනිකූරක් මගින් දැල්වීමට උත්සාහ දැරීමක් සමග මෙම පිපිරීම සිදුව ඇති බවයි

    Facebook | Archived Link

    මෙම කාන්තාව ගෑස් පිපිරීමකින් මිය ගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ තවත් සටහන් සංසරණය වී තිබුණේ මේ අයුරින්.

    මේ පිළිබඳව ඇතැම් මාධ්‍ය ද වාර්තා කර තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්. Archived Link | Archived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    මේ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අප ප්‍රථමයෙන්ම වැලිකන්ද පොලිස් ස්ථානයෙන් විමසීමක් කළ අතර එහි අපරාධ අංශය සඳහන් කළේ, මෙම සිදුවීම සියදිවි නසා ගැනීමක් බවට අනාවරණය වී ඇති බවයි. තම සැමියා සමග ඇති වූ ආරවුලක් මත මෙලෙසෙ භූමිතෙල් වත් කර ගනිමින් සිය දිවි නසා ගෙන ඇති බවත් එලෙස සිදු කර ගැනීමට පෙර තම සැමියාට WhatsApp ඔස්සේ සියදිවි නසා ගන්නා බවට භූමිතෙල් බෝතලයක ඡායාරූපයක් එවූ බවත් ඉන් අනතුරුව නිවසට පැමිණෙන විටත් ඇය සිරුරට ගිනිතබාගෙන රෝහල් ගත කර ඇති බවට ඔහු පැවසූ බවත් සඳහන් කරනු ලැබුවා. 

    ඔවුන් පවසා සිටියේ, අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් සිදුවීම වූ ස්ථානයේ සිදු කරන ලද විමර්ශනයේදී එම නිවසේ ගෑස් සිලින්ඩරය හෝ ගෑස් ලිප මගින් හෝ වූ ගිනි ගැනීමක් හේතුවෙන් මෙම අනතුර සිදුවී නොමැති බවත් අනාවරණය වූ බවයි. 

    කොළඹ, ශ්‍රී ලංකා ජාතික රෝහලට මෙම කාන්තාව ඇතුලත් කිරීමෙන් අනතුරුව රෝහල් පොලීසියට ඇය පවසා ඇත්තේ තමා විසින් භූමිතෙල් භාවිතයෙන් සියදිවි නසා ගැනීමට උත්සහ කළ බවයි. ඒ ඔස්සේ කළ විමර්ශනයේදී මෙලෙස භූමිතෙල් භාවිත කොට සිය දිවි නසා ගැනීමට කටයුතු කළ බවට අනාවරණය වූ බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.

    ඉන් අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අප කොළඹ විශේෂඥ අධිකරණ වෛද්‍ය රුහුල් හක් මහතා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කරගත් අතර ඔහු පවසා සිටියේ 19 හැවිරිදි බී.ජී. අයේශා කුමුදුනි නමැති මෙම කාන්තාවගේ මරණ පරීක්ෂණයට අනුව භූමිතෙල් පපු ප්‍රදේශයට වැඩි වශයෙන් වත්කර ඇති අතර ගින්නෙන් පපු ප්‍රදේශය දැඩිව පිළිස්සී ඇති බවත්ය. මෙම මරණය සිදුවී ඇත්තේ භූමිතෙල් භාවිතා කොට ගිනි තබා ගැනීමකින් අනතුරුව  බාහිර පිලිස්සීම් තුවාල වලට විෂබීජ ආසාදනය වීමෙන් හටගත් මරණයක් බවට බවට අනාවරණය වූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මෙම සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, පසුගිය 24  වන දා කොළඹ ජාතික රෝහලේ පිලිස්සුම් ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වැලිකන්ද, සඳුන්පිටිය ප්‍රදේශයේ පදිංචි වී සිටි මෙම කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ, සිරුරට ගිනි තබා ගැනීමෙන් සිදුවූ මරණයක් ලෙස බවයි.

    සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයේදී ගෑස් ලිප හෝ ගෑස් සිලින්ඩරය පුපුරායාමක් සම්බන්ධයෙන් වාර්ථාකර නොමැති බවයි එමගින් ඔවුන් පෙන්වා දෙන්නේ.

    වැලිකන්ද පොලීසිය මෙම සිදුවීම සම්බන්ධයෙක් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන බවද එහි සඳහන් කර තිබුණා.

    කෙසේ වෙතත් හිරු නිවුස් වෙබ් අඩවිය සඳහන් කර තිබුණේ, ඔවුන්ගේ වාර්තාකරුවෙකු සමගින් අදහස් දැක් වූ අදාළ කාන්තාවගේ පියා වන බී.ජී. ජයසූරිය පවසා තිබුණේ, සිය දියණිය අලුයම ගෑස් ලිප පත්තු කිරීමට යාමේදී සිදු ව තිබූ ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙලෙස හදිසි අනතුරට ලක් වූ බවයි. එම පුවත මෙතනින්. Archived Link

    අප මේ සම්බන්ධයෙන් විමසීමට අදාළ කාන්තාවගේ නිවැසියන් සම්බන්ධ කර ගැනීමට උත්සහ කරත් මෙතෙක් ඊට අවකාශය නොලැබුණි. ඔවුන්ගේ පිළිතුර සමග මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වෙමු.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    ඒ අනුව අපගේ කරුණු පරීක්ෂාවෙන් පෙන්වා දෙනු ලබන්නේ,  ගෑස් සිලින්ඩරය පිපිරීමෙන් වැලිකන්ද ප්‍රදේශයේ කාන්තාවක් ජීවිතක්ෂයට යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් නොමග යවන සුළු බවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, සිරුරට ගිනි තබා ගැනීමෙන් මෙම මරණය සිදුවූ මරණය වූ බවට විමර්ශනවලදී අනාවරණය වූ බවයි. එමෙන්ම අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාද පවසා සිටියේ අදාළ කාන්තාව සිය සිරුරට භූමිතෙල් වත් කර ගිනි තබා ගැනීමෙන් මෙම මරණය සිදු වූ බවටයි. සිද්ධිය සම්බන්ධයෙන් වැලිකන්ද පොලිසිය සඳහන් කළේ, අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් සිදුවීම වූ ස්ථානයේ සිදු කරන ලද විමර්ශනයේදී එම නිවසේ ගෑස් සිලින්ඩරය හෝ ගෑස් ලිප මගින් හෝ වූ ගිනි ගැනීමක් හේතුවෙන් මෙම අනතුර සිදුවී නොමැති බවත් අනාවරණය වූ බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2021-11-27

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.