Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: ඔක්තෝබර් 06 වැනිදා සිට රට පුරා ඇඳිරි නීතිය පනවන බවට ව්‍යාජ සටහන් පෙළක්

    2020-10-06
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිවුලපිටිය ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වූ බව සනාථ වීමත් සමගම, ක්‍රියාත්මක වූ බලධාරීහු රෝගය සමාජගත වීම අවම කිරීමට උත්සුක වූවද එම කර්මාන්ත ශාලාවේ සේවකයින්ට රැසකට අමතරව දිවයිනේ ප්‍රදේශ කිහිපයක්ද ඇතුළුව කොරෝනා ආසාදිත රෝගීන්

    දිවුලපිටිය ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වූ බව සනාථ වීමත් සමගම, ක්‍රියාත්මක වූ බලධාරීහු රෝගය සමාජගත වීම අවම කිරීමට උත්සුක වූවද එම කර්මාන්ත ශාලාවේ සේවකයින්ට රැසකට අමතරව දිවයිනේ ප්‍රදේශ කිහිපයක්ද ඇතුළුව කොරෝනා ආසාදිත රෝගීන් සියයකට අධික ප්‍රමාණයක් අද (ඔක්තෝබර් 05) දින තුළ වාර්තා විය. මේ හා සමඟම නැවත වරක් සමාජය තුළ කොරෝන රෝගය ව්‍යාප්ත වීමේ අවදානම හමුවේ ඇඳිරි නීතිය දැනට පනවා ඇති දිවුලපිටිය, වේයන්ගොඩ හා මිණුවන්ගොඩ ප්‍රදේශවලට අමතරව සමස්ත දිවයින පුරා නැවත ඇඳිරි නීති තත්වයක් පනවනු ඇති බවට කතිකාවතක් ඇතිවී තිබුණි.

    මෙලෙස හෙට දින අද (ඔක්තෝබර් 06)  සිට රටපුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවට සමාජ මාධ්‍ය තුල සංසරණය වන ප්‍රවෘත්තිය පිළිබඳව සිදු කළ කරුණු විමර්ශනයෙදී අපට තහවුරු වුයේ එය සාවද්‍ය  ප්‍රවෘත්තියක් බවය.

    ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක ස්වරූපයකට සැකසුණු, ජනාධිපති මාධ්‍ය අංශයේ යයි පෙන්නුම් කෙරෙන ලිපි ශීර්ෂයක, “හෙට රට පුරා ඇඳිරිනීතිය” තේමාවෙන් හුවමාරු වූ එම ලිපියේ අද දෙරණ සන්කෙතයද පෙන්වා දී තිබුණි. එහි තවදුරටත් මෙසේ සඳහන් වී තිබුණි.

    “දිවුලපිටිය ප්‍රදේශයෙන් ඉරිදා හඳුනාගත් කොරෝනා ආසාදිත 39 හැවිරිදි කාන්තාවගේ ආශ්‍රිතයන් 69 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වු ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේය. 

    ඒ සමඟ මතුව තිබෙන තත්වය හේතුවෙන් හෙට දිනය පුරාවට රට පුරා නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය පනවා ඇත.” 

    වට්සැප් වැනි පණිවුඩ හුවමාරු වන මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් හුවාමරු වී තිබු එම ලිපිය ඇතැම් ෆේස්බුක් පරිශීලකයින් ද හුවමාරු කරගෙන තිබුනේ මෙලෙසින්.

    Facebook Archived

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම සටහන පිළිබඳව කරුණු තහවුරු කරගැනීම පිණිස අප ජනාධිපති මාධ්‍ය අංශය සමග සම්බන්ධ වූයෙමු. ඔවුන් අපට සනාථ කළේ හෙට ඇඳිරි නීතිය පනවා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ඔවුන්ගේ නිල නිවේදනයක අනුරුවක් යොදාගනිමින් මෙම සංස්කරණය සිදුකර ඇති බවත්ය. ඔවුන් විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්

    එසේම අද දෙරණ පුවත් සේවය විසින් එලෙස හුවමාරු වන සාවද්‍ය පුවත් සම්බන්ධයෙන් අද දෙරණ පුවත් සේවය පුවතක් මෙසේ පළකර තිබෙනු ද දැක ගණනට ලැබුණි. එසේම ඔවුන් විසින් තම සන්නාමය භාවිතා කරමින් පළවන පුවත් සම්බන්ධයෙන් සටහනක් තබා තිබුනේ මෙලෙසින්

    https://www.facebook.com/sinhala.adaderana.lk/photos/a.329680883743300/3607640872613935/?type=3&__xts__%5B0%5D=68.ARBJKvtJN5ctHKP6gixwmtry2ffrXva533y_nOQotBehDLbloM8yAEQCeCghm6Ter4iuE_iWGi1aVv7cPqvQWX_x8omzOmdJnmMQSDCIqOEDrm2hNL4zUAbZ1y_KErqhj4XRuHe273k_M86tESug4d5nd3citqmjPqb9RXlgjjKafcVQfrMQRygwp32nRVuQMFlq_yg3J-czPAyjxQKaSmX0YvQd1Ltc1S6Vu0yK22vGyTekRA09A82r5YDocO5HpxS2AocoflzO1ibHZ3tEZw1SEosy5af5LDdq0y8E-B-r3UNknw&__tn__=-R

    පසුගිය කාලයේ දිගින් දිගටම ලංකාවේ කොරෝනා අවදානම පහව ගොස් නැති බව අවධාරණය කල වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා වර්තමානයේ උද්ගත වී ඇති තත්වය පිලිබඳ සිදුකල විස්තර කිරීමක් අපට දැකගන්නට ලැබුණා.

    ඔහු පවසා තිබුනේ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවට මෙම රෝගය පැමිණියේ කෙසේද යන්න තවමත් නිශ්චිත නැති බැවින් සහ කර්මාන්තශාලාවේ සේවකයින් හා ඔවුනේ ස්පර්ශකයින් හඳුනාගැනීමේ ඇති අසීරු තත්වය හමුවේ එම පොකුර පාලනය කර රෝගය තවදුරටත් සමාජගත වීම වළක්වා ගැනීමට ජනතාවගෙන් විශාල දායකත්වයක් අවශ්‍ය බවයි. විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ හොඳ සෞඛ්‍ය පුරුදු පිළිපදිමින් ඇඳිරි නීතිය පනවා නැති ප්‍රදේශවල අයද හැකි තාක් නිවෙස්වල රැඳී ගමන් බිමන් සීමා කරන ලෙසයි. එම සම්පුර්ණ වාර්තා පහතින්

    News.lkArchived

    Conclusion (අවසාන නිගමනය)

    මේ අනුව අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ “හෙට රට පුරා ඇඳිරිනීතිය” තේමාවෙන් නැවත දැනුම් දෙනතුරු හෙට සිට රටපුරා ඇදිරි පනවා ඇති බවට ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් පලකළ නිවේදනයක ආකාරයෙන් පලවී තිබු සටහන් සංස්කරණය කරන ලද අසත්‍ය සටහන් බවයි. මේ වන තෙක් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පමණක් ඇඳිරි නීතිය පනවා ඇති අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇඳිරි නීතිය පැනවීමේ දිනයක් දැනුම් දී නොමැත.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:ඔක්තෝබර් 06 වැනිදා සිට රට පුරා ඇඳිරි නීතිය පනවන බවට ව්‍යාජ සටහන් පෙළක්

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-10-06

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.