දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
සමාජ මාධ්ය ඔස්සේ සහ විවිධ ක්ෂණික පණිවිඩ හුවමාරු යෙදවුම් හරහා මෑතකදී ඊශ්රායලයේ රැකියා ලබා දෙන බව පවසන පණිවිඩයක් සීඝ්රයෙන් සංසරණය වෙමින් පවතී. කිසිදු අධ්යාපන සුදුසුකමක් නොමැතිව නොමිලේ මෙම රැකියා අවස්ථා හිමිවන බව ත්, රුපියල් ලක්ෂ 8 කට වැඩි මාසික වැටුපක් හිමිවන බව ත් මෙහි සඳහන් වේ. මෙහි නිර්වද්යතාව පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවා.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
WhatsApp පණවිඩයක් පහතින්.

ෆේස්බුක් සටහනක් පහතින්.

Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
ව්යාජ සහ අනාරක්ෂිත වෙබ් අඩවි සබැඳිය (Fake & Phishing URL):
පණිවිඩයේ දක්වා ඇති webapplicate.online වෙබ් ලිපිනය ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) නිල වෙබ් අඩවිය නොවේ. මෙය පරිශීලකයන්ගේ පුද්ගලික තොරතුරු සහ මුදල් සොරකම් කිරීම සඳහා සකස් කරන ලද අනාරක්ෂිත වංචනික සබැඳියකි (Phishing Scam).
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය:
අප මේ පිළිබඳව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්ය අංශයෙන් විමසීමක් කළ අතර, ඔවුන් තහවුරු කළේ, මෙය නිල සබැඳියක් නොවන බව ත්, වංචාවක් බවයි. කාර්යාංශයේ නම, නිල ලාංඡන සහ ඡායාරූප අවභාවිත කරමින් තරුණ තරුණියන් ඉලක්ක කරගෙන මෙම ජාවාරම ක්රියාත්මක වන බවට කාර්යාංශය පැවසීය.
මේ වන විට කාර්යාංශය හරහා ඊශ්රායල රැකියා බඳවා ගැනීම් නිල බඳවා ගැනීමක් සිදු කෙරෙනවාද යන්න පිළිබඳව ද, අප විමසා සිටි අතර ඔවුන් පෙන්වා දුන්නේ, මේ වන වටි ඊශ්රායල් රැකියා සඳහා රැකියා ආරම්භ වී නොමැති බවයි.
එමෙන් ම මෙම ව්යාජ සබැඳිය පිළිබඳ දැනුවත් කරමින් එම වෙබ් අඩවිය විසින් ද, නිවේදනයක් පළ කර තිබුණේ මෙලෙසින්.

නිල බඳවා ගැනීමේ ක්රියාවලිය:
ඊශ්රායලයේ රැකියා සඳහා බඳවා ගැනීම් සිදු කරනු ලබන්නේ දෙරට අතර ඇති කරගත් නිල අවබෝධතා ගිවිසුම් (MoU) වලට අනුකූලව අතිශය විනිවිදභාවයකින් යුත් රාජ්ය තාන්ත්රික ක්රමවේදයන් හරහා පමණි. ඒ සඳහා වන සියලුම නිල ලියාපදිංචි කිරීම් සිදු කරනු ලබන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන slbfe.lk හෝ services.slbfe.lk හරහා පමණි.
විදේශ රැකියා සම්බන්ධයෙන් ඇති සැකසහිත තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විමසා තහවුරු කර ගත හැක.
Phishing Attack යනු කුමක්ද?
තතුබෑම් ප්රහාර යනු පරිශීලකයින්ගේ පුද්ගලික තොරතුරු, එනම් මුරපද, ක්රෙඩිට් කාඩ්පත් තොරතුරු, බැංකු ගිණුම් අංක වැනි දෑ සොරකම් කිරීම සඳහා අන්තර්ජාලය ඔස්සේ සිදු කරන වංචනික ක්රියාවකි. මෙහිදී ප්රහාරකයන් විශ්වාසනීය ආයතනයක් (උදා: බැංකුවක්, සමාජ මාධ්ය ජාලයක්, රජයේ ආයතනයක්) ලෙස වෙස්වලා ගනිමින් විද්යුත් තැපෑල, කෙටි පණිවිඩ හෝ වෙබ් අඩවි හරහා ඔබව රවටා තොරතුරු ලබා ගැනීමට උත්සාහ කරයි.
සරලවම කිවහොත්, මෙය මසුන් ඇල්ලීමට සමානයි. මසුන් ඇල්ලීමට බිලී කොක්කක් භාවිතා කරන්නා සේම, තතුබෑම් ප්රහාරකයාද ව්යාජ විද්යුත් තැපෑලක් හෝ වෙබ් අඩවියක් භාවිත කර ඔබේ පුද්ගලික තොරතුරු “අල්ලා ගැනීමට” උත්සාහ කරයි.
තතුබෑම් ප්රහාරවලින් ආරක්ෂා වීම සඳහා ගත හැකි ක්රියාමාර්ග
තතුබෑම් ප්රහාරවලින් ආරක්ෂා වීම සඳහා ගත හැකි වැදගත්ම ක්රියාමාර්ග කිහිපයක් මෙන්න:
- පණිවිඩවල සත්යතාව පරීක්ෂා කරන්න: ඔබට ලැබෙන විද්යුත් තැපෑලක් හෝ කෙටි පණිවිඩයක් සැක සහිත නම්, එහි ඇති අක්ෂර වින්යාස දෝෂ, ව්යාකරණ දෝෂ, සහ පණිවිඩය එවූ විද්යුත් තැපැල් ලිපිනය හොඳින් පරීක්ෂා කරන්න. නිවැරදි ලිපිනයක් වෙනුවට අමුතු අකුරු සහ සංකේත ඇතුළත් ලිපිනයක් තිබේ නම් එය වංචනික විය හැකියි.
- අනාරක්ෂිත සබැඳි (Links) ක්ලික් නොකරන්න: සැක සහිත පණිවිඩයක හෝ වෙබ් අඩවියක ඇති සබැඳි ක්ලික් කිරීමෙන් වළකින්න. සබැඳිය මත මවුස් කර්සරය (mouse cursor) තබා එහි සැබෑ ගමනාන්තය පරීක්ෂා කර බැලීමෙන් එහි සත්යතාව තහවුරු කර ගත හැකියි.
- පුද්ගලික තොරතුරු ලබා නොදෙන්න: දුරකථනයෙන්, විද්යුත් තැපෑලෙන් හෝ කෙටි පණිවිඩ මගින් ඔබේ මුරපද, බැංකු ගිණුම් අංක, හෝ ක්රෙඩිට් කාඩ්පත් අංක වැනි සංවේදී තොරතුරු කිසිවිටෙක ලබා නොදෙන්න. කිසිදු විශ්වාසනීය ආයතනයක් මේ ආකාරයට ඔබේ පුද්ගලික තොරතුරු ඉල්ලන්නේ නැහැ.
- වෙබ් අඩවි වල ලිපිනයන් පරීක්ෂා කරන්න: වෙබ් අඩවියක ඔබගේ තොරතුරු ඇතුළත් කිරීමට පෙර එහි ලිපිනය (URL) https:// ලෙස ආරම්භ වන බව සහ අගුළු නිරූපකය (lock icon) ඇති බව තහවුරු කරගන්න. මෙමගින් එම වෙබ් අඩවිය ආරක්ෂිත බවට යම් තරමක විශ්වාසයක් තබා ගත හැකියි.
- මුරපද කළමනාකරණය: ශක්තිමත් සහ සංකීර්ණ මුරපද භාවිතා කරන්න. හැකි සෑම විටම මුරපද කළමනාකරණ මෘදුකාංගයක් (password manager) භාවිතා කරන්න. එකම මුරපදය විවිධ ගිණුම් සඳහා භාවිතා කිරීමෙන් වළකින්න.
- ද්වි–සාධක සත්යාපනය (Two-Factor Authentication – 2FA) භාවිතා කරන්න: ඔබට හැකි සෑම ගිණුමක් සඳහාම 2FA සක්රිය කරන්න. මෙහිදී මුරපදයට අමතරව ඔබගේ දුරකථනයට හෝ විද්යුත් තැපෑලට එන කෙටි කේතයක්ද ඇතුළත් කළ යුතු බැවින්, ප්රහාරකයන්ට ඔබගේ ගිණුමට ඇතුළු වීමට ඇති අවස්ථාව බෙහෙවින් අඩු වේ.
- මෘදුකාංග යාවත්කාලීන කරන්න: ඔබගේ පරිගණකයේ, ජංගම දුරකථනයේ සහ අනෙකුත් උපාංගවල මෙහෙයුම් පද්ධති සහ මෘදුකාංග නිතිපතා යාවත්කාලීන කරන්න. මෙම යාවත්කාලීන කිරීම් මගින් ආරක්ෂක දුර්වලතා වළක්වා ගත හැකිය.
මෙම ක්රියාමාර්ග අනුගමනය කිරීමෙන් ඔබට තතුබෑම් ප්රහාරවලින් ආරක්ෂා වී, ඔබේ පුද්ගලික තොරතුරු සුරක්ෂිතව තබා ගත හැකියි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
කිසිදු අධ්යාපන සුදුසුකමක් නොමැතිව ඊශ්රායලයේ ලක්ෂ 8 ක වැටුප් සහිත රැකියා ලබා දෙන බව පවසන මෙම WhatsApp/සමාජ මාධ්ය පණිවිඩය සම්පූර්ණයෙන්ම අසත්ය සහ වංචනික (SCAM) එකකි. මෙවැනි සබැඳි මත ක්ලික් කිරීමෙන් හෝ ඔබගේ විදේශ ගමන් බලපත්ර, ජාතික හැඳුනුම්පත් තොරතුරු ඇතුළත් කිරීමෙන් වළකින්න.
විදේශ රැකියා සම්බන්ධයෙන් ඇති සැකසහිත තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විමසා තහවුරු කර ගත හැක.



