Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    චර්ම රෝග වලින් පෙළෙන සුනඛයන්ට Ivermectin , Prazimec-D ලබාදීමේ දී සැලකිලිමත් විය යුත්තේ ඇයි?

    2022-10-15
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    අයාලේ ගැවසෙන සුනඛයන් ලංකාවේ සුලභව දක්නට ලැබෙනවා. මෙම ඇතැම් සුනඛයන්ට විවිධ රෝගාබාධ වැළඳ තිබෙන ආකාරය ද දැකගන්නට ලැබෙනවා. ඒ අතර කාටුවා කෑම , කුෂ්ඨ රෝග ආදිය ප්‍රමුඛයි. බොහෝ දෙනා මෙවන් සුනඛයන්ට පිහිටවී , ඔවුන්ට යම් සහනයක් ලබාදීමට කැමතියි.  එවන් වටපිටාවක් තුළ ම

    අයාලේ ගැවසෙන සුනඛයන් ලංකාවේ සුලභව දක්නට ලැබෙනවා. මෙම ඇතැම් සුනඛයන්ට විවිධ රෝගාබාධ වැළඳ තිබෙන ආකාරය ද දැකගන්නට ලැබෙනවා. ඒ අතර කාටුවා කෑම , කුෂ්ඨ රෝග ආදිය ප්‍රමුඛයි. බොහෝ දෙනා මෙවන් සුනඛයන්ට පිහිටවී , ඔවුන්ට යම් සහනයක් ලබාදීමට කැමතියි. 

    එවන් වටපිටාවක් තුළ මේ ආකාරයෙන් පිහිට විය හැකි ආකාරයක් පිළිබඳව සමාජ ජාලා සටහන් පෙළක් වසර කිහිපයක සිට හුවමාරුවන ආකාරයක් දක්නට ලැබුණා. කුෂ්ඨ රෝග වලින් පීඩා විදින සුනඛයෙක් දුටු වහාම ළඟම ඇති ෆාමසියෙන් Ivermectin සහ Prazimec – D ආදී ඖෂධ ලබාදෙන ලෙස එම සටහන් මඟින් දැනුවත් කර තිබුණා. 

    ඇත්ත වශයෙන්ම මේ ආකාරයේ ඕනෑම සුනඛයෙකුට මෙම ඖෂධ ලබා දිය හැකි ද ? මේ පිලිබඳ අප කරුණු සොයා බැලුවේ මෙලෙසින්.

    සමාජ ජාලා සටහන් 

    කුෂ්ඨ රෝග සැදුනු සුනඛයෙක් දුටුවහොත් Ivermectin පෙත්තක් යෝගට් එකක දමා දිය කර ලබාදිය යුතු බවට සමාජ ජාලා සටහන් දක්නට ලැබුණේ මේ ආකාරයෙන්. 

    Facebook | Archived

    ඒ සම්බන්ධයෙන් ෆේස්බුක් පරිශීලකයන් ප්‍රතිචාර දක්වා තිබුණේ මෙලෙසින්.

    එම සටහන් ෆේස්බුක් අවකාශය පුරා බොහෝ දෙනා අතර හුවමාරු වී තිබු අතර මීට කලකට පෙර Ivermectin මෙන්ම Prazimec-D ඖෂධ වර්ගය ද මෙයට එකතු කරමින් සමාජ ජාලා සටහන් පැතිර තිබුණේ මෙලෙසින්. 

    Facebook | Archived

    Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )

    අප මුලින්ම සිදු කලේ මෙම ඖෂධ වර්ග සහ සත්ත්වයන්ට එය ලබාදිය හැකි ආකාරයන්  පිලිබදව සොයා බැලීමයි.

    Ivermectin

    මෙම ඖෂධය , සත්ත්වයන්ගේ අභ්‍යන්තර සහ බාහිර පරපෝෂිතයන්ගෙන් හටගන්නා පණුරෝග සහ වෙනත් ආසාදන සදහා ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරනවා. නමුත් මෙම ඖෂධය සත්ත්වයන්ට ලබාදීමේදී පශුවෛද්‍යවරුන්ගේ නිර්දේශ මත ක්‍රියාකිරීම ඉතාමත්ම වැදගත්.

    මෙය ආහාර සමගම හෝ ආහාර රහිතවද ලබාදිය හැකියි.මෙය කරල්/පෙති හෝ දියර වශයෙන් පැවතෙනවා. Ivermectin එක මාත්‍රාවක් පමණක් ලබාදීම සෑම අවස්ථාවකදීම  ප්‍රමාණවත් නොවන අතර පශුවෛද්‍යවරුන්ගේ නිර්දේශයන් පරිදි නියමිත කාල පරතරයන් තුළ මාත්‍රාවන් ලබාදීම වැදගත්.

    කෙසේ වෙතත් මෙම ඖෂධය , ලබාදිය යුතු සුනඛ වර්ගය අනුව , භාවිතා කල යුතු මාත්‍රාව වෙනස් වෙනවා. වැරදීමකින් අධි මාත්‍රා ලබාදුනහොත් ස්නායු පද්ධතියේ අකාර්යක්ෂමතා මෙන්ම සුනඛයන්ට අධික කම්පන තත්ත්ව ඇතිවිම ආදිය සිදුවිය හැකියි. එමෙන්ම, වමනය, අතීසාරය වැනි සංකුලතාද ඇතිවිය හැකියි. එම නිසා මෙම ඖෂධය ලබාදීමේදී පශුවෛද්‍යවරුන්ගේ නිර්දේශය ලබාගැනීම අතිශයින්ම වැදගත්. මේ සම්බන්ධයෙන් වන වැඩි දුර තොරතුරු කියවිය හැකියි මෙතනින්. Archived

    Explainer: Ivermectin as a Cure for COVID-19? Find out the Facts…

    ඉන් අනතුරුව අප අවධානය යොමු කලේ  Prazimec- D ඖෂධය සම්බන්ධයෙන්.

    Prazimec – D 

    මෙම ඖෂධය භාවිතා කරන්නේ පරපෝෂිතයන්ට එරෙහිවයි. මෙය පණු ආසාදන වැනි අභ්‍යන්තර මෙන්ම බාහිර පරපෝෂිතයන් වන කිනිතුල්ලන් සහ වෙනත් පරපෝෂිත ආසාදන සඳහා ද ප්‍රතිකාරයක් ලෙස භාවිතයට ගැනෙනවා. මෙය ලබාදිය යුතු මාත්‍රාව ද පශුවෛද්‍යවරුන්ගේ නිර්දේශ මත තීරණය කල යුත්තක්. මෙය ලබාදිය හැකි මාත්‍රාව සුනඛයන්ගේ බර ප්‍රමාණය අනුවද තීරණය වෙනවා. මේ සම්බන්ධයෙන් වන විස්තර කියවිය හැකියි මෙතනින්. Archived

    පශු වෛද්‍ය අචිනි අතපත්තු

    Prazimec D ඖෂධය සුනඛයින්ට ලබාදීම සම්බන්ධයෙන් පශු වෛද්‍ය අචිනි අතපත්තු මහත්මිය දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකර තිබුණා. එහිදී ඉහත කරුණු මෙන්ම ඇතැම් සුනඛ වර්ගයන්ට මෙම ඖෂධ විෂ විය හැකි බවත් ඇය පෙන්වා දෙනවා. එසේම විශේෂයෙන්ම හෝමෝන හෝ දිලීර ආසාදිත හේතුවෙන් හටගන්නා කුෂ්ඨ තත්ව සඳහා මෙම ඖෂධය නුසුදුසු බවත් මයිටාවන්ගෙන් හටගන්නා කුෂ්ඨ සඳහා වඩාත් යෝග්‍ය බවත් ඇය පවසනවා.

    එසේම පශු වෛද්‍ය අචිනි අවධාරණය කර සිටින්නේ අනිසි ලෙස මෙම ඖෂධය ලබාදීම මඟින් ඒ සඳහා ප්‍රතිරෝධයක් ලැබිය හැකි බැවින් මෙම ඖෂධය ලබාදීමට පෙර නිසි පශු වෛද්‍ය උපදෙස් ලබාගැනීම ඉතා වැදගත් බවයි. එම වීඩියෝව පහතින්.

    තවත් පශුවෛද්‍යවරුන්ගේ අදහස් 

    මේ සම්බන්ධයෙන් අප සමග අදහස් පලකල පශුවෛද්‍ය W A D C H වික්‍රමසිංහ පැවසුවේ ලංකාව වැනි දුප්පත් රටක පවතින ආර්ථික තත්ත්වය , පශුවෛද්‍යවරුන් සුලබ නොවීම ආදී කරුණු නිසා මහමග සිටිමින් කුෂ්ඨ රෝග ආදිය නිසා පිඩා විදින සත්ත්වයන් ගැන සිතා මෙවැනි සමාජ ජාලා සටහන් වේදනා විදිනා සත්ත්වයන් ගැන සිතා මෙවැනි සමාජ ජාලා සටහන් ව්‍යාප්ත වන බවයි. නමුත් පශු වෛද්‍ය නිර්දේශ අනුව නොමැතිව සුනඛයන් හට මෙම ඖෂධ වර්ග 2 ලබාදීම අවදානම් සහගත බවයි ඔහු පැවසුවේ.

    Prazimec – D ඖෂධය ලබාදීමේදී සැලකිය යුතු කරුණු ගණනාවක් ඇති බවත් ඔහු පැවසුවා. ඒ අනුව සුනඛයන්ගේ වයස, පවතින රෝගී තත්ත්වයන් , ගර්භනී බව  ආදී සාධක ගණනාවක් සලකා බැලිය යුතු බවත් ඔහු පැවසුවා. Ivermectin ඔස්සේ යම් කුෂ්ඨ රෝග ආදිය සදහා යම් සහනයක් ඇතැම් අවස්ථාවලදී ලැබෙන නමුත් එය වෛද්‍ය නිර්දේශයකින් තොරව භාවිතා කිරීම අවදානම් සහගත බවත් ඔහු අවධාරණය කර සිටියා.

    මේ සම්බන්ධයෙන් අදහස් පලකල ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය චමරි කන්නන්ගර පැවසුවේද මෙම ඖෂධ වර්ග වෛද්‍ය අනුමැතියකින් තොරව භාවිතා කිරීම අවදානම් සහගත බවයි. වැරදීමකින් අධිමාත්‍රාවකින් ලබාගත් Ivermectin මගින් දරුණු ප්‍රතිවිපාක ඇතිවිය හැකි බවත් ඇය පැවසුවා. Ivermectin සුනඛයන්ට විෂ විය හැකි අවස්ථා පිලිබඳ ලිපියක් මෙතනින් 

    Also Read : ස්වාමි පුතා ගින්නකින් බේරා ගැනීමට තැත් කිරීමේදි සුනඛයා විරූපි වූවාද?

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion ( අවසාන නිගමනය )

    අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරු වූ කාරණය වන්නේ Prazimec D , Ivermectin යන ඖෂධ සුනඛයන්ට සිදුවන පරපෝෂී ආසාදන මෙන්ම ඒ හා බැදුණු චර්ම රෝග ආදිය සදහා යම් අවස්ථාවල ලබා දී යහපත් ප්‍රතිඵල ලැබිය හැකි වුවත් , සමාජ ජාලා වල පළවන ආකාරයේ මහ මඟ දක්නට ලැබෙන කුෂ්ඨ රෝග ආදියෙන් පිඩා විඳින ඕනෑම සුනඛයෙකුට පශු වෛද්‍ය නිර්දේශයකින් තොරව ලබා දීම  අවදානම් සහගත බවයි..

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-10-15

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.