Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: මිනිස් දතක් උපයෝගී කරගෙන තනන ලද රෝම කොලෝසියමේ නිර්මාණයක්ද?

    2021-12-08
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    අලෙවිකරණයේදී විවිධ උපක්‍රම භාවිතා කරනවා. නූතන තාක්ෂණයේ දියුණුවක් සමගම ඒ සදහා පරිඝනක තාක්ෂණය යොදා ගනිමින් විවිධ නිර්මාණ සිදු කරනවා. එවැනි ඇතැම් නිර්මාණ ,ජනතාව නොමග යවන සුලු සමාජ ජාලා සටහන් ලෙස භාවිතා වෙනවා. මේ එවන් සමාජ ජාලා සටහනක් පිළිබදව අප විසින් සිදු ක

    අලෙවිකරණයේදී විවිධ උපක්‍රම භාවිතා කරනවා. නූතන තාක්ෂණයේ දියුණුවක් සමගම ඒ සදහා පරිඝනක තාක්ෂණය යොදා ගනිමින් විවිධ නිර්මාණ සිදු කරනවා. එවැනි ඇතැම් නිර්මාණ ,ජනතාව නොමග යවන සුලු සමාජ ජාලා සටහන් ලෙස භාවිතා වෙනවා. මේ එවන් සමාජ ජාලා සටහනක් පිළිබදව අප විසින් සිදු කරන ලද විමසා බැලීමක්. 

    සමාජ ජාලා සටහන් 

    ෆේස්බුක් පරිශීලකයකු විසින් ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුනේ පහත සටහන්ද සමගින්. 

    “මිනිස් දතකින් කළ අපූරු නිර්මාණයක් “

    Facebook | Archived

     මෙම සටහනේ ඇති කුතුහලය දනවන ස්වභාවය නිසා මේ පිළිබදවසොයා බැලීමක් කිරීමට අප තීරණය කළා. 

    Fact Check ( සත්‍ය තොරතුරු විමසා බැලීම )

    මේ පිළිබදව අප විසින් සිදු කරන ලද Google Reverse Image Search හිදී දැකගන්නට ලැබුණේ මෙය සැබැවින්ම දතක සිදු කරන ලද කැටයමක් හෝ නිර්මාණයක් නොව පරිඝනක මගින් නිර්මාණය කෙරෙනු රූපයක් හෙවත් Compuer Generated Imagery/CGI එකක් වන බවයි. 

    මෙය නිර්මාණය කර තිබෙන්නේ චීනයේ නිෂ්පාදනය වන Maxam නම් දත් බෙහෙත් වර්ගයක අලෙවි ප්‍රවර්ධනය සදහා JWT Shanghai නම් අලෙවි ප්‍රවර්ධන ඒජංසිය මගින් වන බවයි. 

    සමාජ ජාලා සටහනේ දැක්වෙන ආකාරයට සමාන ආකාරයේ , පරිඝනක තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද කලා කෘතියේ ඡායාරූපය පහතින්. 

    Web | Archived

    මෙහි ඇති කොලෝසියම් මගින් පෙන්වාදී තිබෙන්නේ මනා ලෙස දත් මැදීම සිදු නොකළහොත් කොලෝසියම් ආකාර විශාල කුහර දත්වල ඇතිවිය හැකි බවයි. මේ පිළිබද විස්තර ඇතුළත් බ්ලොග් අඩවියකට පිවිසීම මෙතනින්. Archived.

    ඇතැම් බ්ලොග් අඩවි වල සටහන්ව ඇත්තේ මෙය දත් බෙහෙත් දැන්වීම් ඉතිහාසයේ සිදු කරන ලද අසාමාන්‍යම දත් බෙහෙත් අලෙවිකරණ ව්‍යාපෘතිය විය හැකි බවයි. එවන් සටහනක් මෙතනින්.Archived.

    සමාජ ජාලාවල පළවන ඡායාරූපය සහ මෙහි මුල් ඡායාරූපය සංසන්දනය කරන විට ඒ දෙක මගින්ම නිරූපණය වන්නේ එකම කලා කෘතියක්  බව තහවුරුවේ. 

    වෙනත්ආයතනයක් විසින් සිදු කරන ලද තොරතුරුසොයා බැලීමකට පිවිසුම මෙතනින්.Archived.

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අපවිසින් සිදු කරන ලද තොරතුරුසොයා බැලීමේදී තහවුරු වූයේ මෙම දත් කුහරයක් තුල කොලෝසියමක් ඇති ආකාරයට සකස් කර ඇති නිර්මාණය සැබෑ දතක් උපයෝගී කරගෙන සිදු කර ඇති නිමැයුමක් නොව Computer Generated Imagery /CGI එකක් වන බවයි.එය නිමවා ඇත්තේ චීන දන්තාලේප සමාගමක අලෙවිකරන ව්‍යාපෘතියක කොටසක් ලෙසයි. 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-12-08

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.