Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    නොවැම්බර් 21 රැළියට සහය දෙන්න අන්තරේ තීරණය කළා ද ?

    2025-11-21
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    අද, නොවැම්බර් 21 , විපක්ෂයේ කණ්ඩායම් කිහිපයක් එකතු වී සංවිධානය කර ඇති රැළිය සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේම කතාබහට ලක්වුයේ විශේෂයෙන්ම මේ සඳහා සහය ලැබෙන්නේ කුමන පාර්ශව වලින් ද යන්න පිළිබඳවයි.  සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : එවැනි පසුබිමක, දැඩි කො

    අද, නොවැම්බර් 21 , විපක්ෂයේ කණ්ඩායම් කිහිපයක් එකතු වී සංවිධානය කර ඇති රැළිය සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේම කතාබහට ලක්වුයේ විශේෂයෙන්ම මේ සඳහා සහය ලැබෙන්නේ කුමන පාර්ශව වලින් ද යන්න පිළිබඳවයි. 

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    එවැනි පසුබිමක, දැඩි කොන්දේසි මත 21 රැළියට සහයෝගය දෙන්න බහුතර ශිෂ්‍ය සංගම් ප්‍රමාණයක් අද තීරණය කළ බවට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ප්‍රකාශයක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් හුවමාරු වී තිබුණා.

    Facebook

    මෙම සටහන් බහුලව ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්.

    මෙහි නිරවද්‍යතාව සොයා බැලීමට අප පියවර ගනු ලැබුවේ මේ අයුරින්.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    ‘අද දෙරණ’ නිල ලාංඡනය ද සහිත එම සටහන අද දෙරණ නිල ෆේස්බුක් පිටුවේ පළ කරන ලද්දක් ලෙස බැලූ බැල්මට හැඟී යයි. ඒ අනුව අප අද දෙරණ ෆේස්බුක් පිටුව ඇතුළු අද දෙරණ සමාජ මාධ්‍ය ජාලාවල මෙවැනි සටහනක් පළ කර තිබේ දැයි පරීක්ෂා කළ අතර එහි කිසිදු ගිණුමක හෝ ‘අද දෙරණ’ වෙබ් අඩවියේ හෝ වෙනත් මාධ්‍යක් හරහා හෝ මෙවන් පුවතක් සඳහා ප්‍රචාරණයක් ලබා දී ඇති බවක් දැකගන්නට නොමැත.

    අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් ඉන්ද්‍රජිත්

    එසේම අදාල ප්‍රකාශය සම්බන්ධයෙන් සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගැනීම සඳහා අප අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් මහතාගෙන් විමසීමක් සිදු කලා. 

    ඔහු විසින් තහවුරු කලේ එවන් ප්‍රකාශයක් තමන් සිදුකළේ නැති බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබෙන්නේ, විවිධ පාර්ශව විසින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නම භාවිතා කරමින් සිදු කරන නොමග යැවීමක් බව ඔහු වැඩිදුරටත් පැවසුවා. 

    එසේම 21 රැලියට කිසිදු ආකාරයකින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සහයෝගය ලබා නොදෙන බවත්, බලය අහිමි වූ දේශපාලන පාර්ශවයන් විසින් නැවත බලය ලබා ගැනීම සඳහා සිදු කරන උත්සහයක් ලෙස එය හඳුනා ගත හැකි බවත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු විසින් සඳහන් කලා.

    එසේම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහනේ පසුබිම ඡායාරුපය සඳහා යොදාගෙන තිබෙන්නේ මීටමසකට පමණ පෙර සිදුවීමකි. රුහුණ විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යා පීඨයේ 2023/24 වසර කණ්ඩායම බඳවා නොගැනීමට එම පාලනාධිකාරිය  තීරණය කිරීමේ ගැටළුවට විසඳුම් ලබා දෙන ලෙස අවධාරණය කිරීමට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පසුගිය ඔක්තෝබර් 27 වැනිදා අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම් දී තිබු අවස්ථාවක දී ලබාගත් ඡයරුපයකුයෝ මෙහි දැක්වුණේ, එම අවස්ථාව මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

    Conclusion (අවසාන නිගමනය) :

    අප සිදුකළ කරුණු විමර්ශනය අනුව තහවුරු වන්නේ, දැඩි කොන්දේසි මත නොවැම්බර් 21 රැළියට සහයෝගය දීමට බහුතර ශිෂ්‍ය සංගම් ප්‍රමාණයක් අද(21) තීරණය කළ බවට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ප්‍රකාශයක් ඉදිරිපත් කළ බවට හුවමාරු වන්නේ ව්‍යාජ සටහන් පෙළක් බවයි.

    තමන් එවැනි ප්‍රකාශයක් සිදුකළේ නැති බවත්, 21 රැලියට කිසිදු ආකාරයකින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සහයෝගය ලබා නොදෙන බවත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් තහවුරු කර සිටිනවා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PH

    Pavithra Hansani

    Political Correspondent

    Political correspondent with expertise in Sri Lankan government affairs and policy analysis.

    Published: 2025-11-21

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.