Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: මයික්‍රොවේව් උදුන්වල ආහාර පිසීම සෞඛ්‍ය ආරක්ශිත නොවන බවට ජපාන රජය පැවසුවා ද?

    2020-10-26
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මයික්‍රෝවේව් උඳුනේ පිසින ලද ආහාරවල සෞඛ්‍ය සුරක්ශිත  බව පිලිබඳව ප්‍රශ්න කිරීම් විවිධ අවස්ථාවලදී අපට දැකගන්නට පුලුවන්. විශේෂයෙන් ම මයික්‍රොවේව් උඳුන් වල පිසින් ලද ආහාර කෑමට ගැනීමෙන් පිලිකා වැනි තත්වයන් ඇති විය හැකි බවට මතයක් ඇතැමුන් අතර පවතිනවා.  මෙවන් පසුබ

    මයික්‍රෝවේව් උඳුනේ පිසින ලද ආහාරවල සෞඛ්‍ය සුරක්ශිත  බව පිලිබඳව ප්‍රශ්න කිරීම් විවිධ අවස්ථාවලදී අපට දැකගන්නට පුලුවන්. විශේෂයෙන් ම මයික්‍රොවේව් උඳුන් වල පිසින් ලද ආහාර කෑමට ගැනීමෙන් පිලිකා වැනි තත්වයන් ඇති විය හැකි බවට මතයක් ඇතැමුන් අතර පවතිනවා. 

    මෙවන් පසුබිමක ජපාන රජය විසින් මයික්‍රොවේව් උඳුන් එරට තුල විනාශ කිරීමට තීරණය කර ඇති බවට පුවත් පෙළක් ලංකාවේද ෆේස්බුක් පරිශීලකයින් අතර හුවමාරු වී තිබු අතර ඒවා පදනම් විරහිත ප්‍රකාශ බව අපගේ අනාවරනයේදී පැහැදිලි විය.

    සමාජ මාධ්‍ය හරහා හුවමරු වන සටහන් : 

    මිල්රෝයි නම් පුද්ගලයෙකු විසින් පළකර තිබු සටහනක දක්වා තිබුනේ මයික්‍රොවේව් උදුන් මගින් නිකුත්කෙරෙන රේඩියෝ තරංග වලින් සෞඛ්‍යට බලපැමක් වන බවත් එහි සෞඛ්‍ය සම්පන්න නොවන කම්පන සහ විකිරණ ඇති බවත් විශේෂඥයින් පිරිසක් විසින් සොයා ගෙන ඇති බවයි. ජපානයේ මේ වන විටත් මයික්‍රොවේව් උඳුන් නවතා දමා ඇති බවත් කොරියාව සහ චීනයද මෙම උඳුන් භාවිතයෙන් වැලකීමට නුදුරු අනාගතයේදීම කටයුතු කරන බවත් තවදුරටත් මෙහි පවසා තිබු අතර පිළිකා වැළඳීමෙන් වැළකී සිටීමට උපකාරී වන්නේ යයි දැක්වෙන උපදෙස් මාලාවක් ද අඩංගු කර තිබුනා.

    FacebookArchived Link

    කාලයක් තිස්සේ සමාජයේ කතාබහට ලක්වෙන තොරතුරක් බැවින් මේ පිළිබඳව අප විමර්ශනයක් සිදු කිරීමට අදහස් කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    අප මෙම පුවතේ සත්‍යතාවය තහවුරු කිරීමට ලොව පිලිගත් සෞඛ්‍ය සම්බන්ධ ආයතන මගින් සිදු කල විශේෂිත පරීක්ෂණ ඇත්දැයි සොයා බැලුවා. 

    Harvard විශ්ව විද්‍යාලයේ හි සෞඛ්‍ය අංශ මගින් Microwave cooking and nutrition නමින් මයික්‍රොවේව් භාවිතයෙන් ආහාර පිසීම සෞඛ්‍ය ආරක්ශිතද යන්න පිලිබඳව පළකර තිබු ලිපියක් අපට දැකගැනීමට හැකි වුණා. ඉක්මනින් ආහාර පිසීම, කෙටි කාලයක් සඳහා ආහාර රත් කිරීම වැනි කරුණු අතින් වෙනත් බොහෝ ආහාර පිසීමේ ක්‍රමයන්ට වඩා මයික්‍රොවේව් මගින් ආහාර පිසීම ඉක්මන් වන අතර එබැවින් එමඟින් සෞඛ්‍යට හානිකර තත්වයක් ඇතිවන බවක් පෙන්නුම් කරන්නේ නැති බවත් එහි දක්වා තිබුනා.

    Harvad.eduArchived Link

    ලෝ ප්‍රසිද්ධ හේල්ත් ලයින් නම් වෙබ් අඩවියේ පළවූ වර්තාවක ද ඉහත කරුණු වලට අමතරව ආහාර ජලය සමඟ උණු කිරීමක් ද (boil) මයික්‍රෝවේ පිසීමකදී සිදු නොවන බැවින් වැඩිපුර පෝෂ්‍ය පදාර්ථයන් රඳා පවතින බව පෙන්වා දෙයි. ඕනෑම ආහාර පිසීමේ ක්‍රමයක් මඟින් යම්කිසි ආකාරයකට පෝෂ්‍ය පදාර්ථ විනාශ වීමක් සිදු වන අතර ආහාර වර්ග කිහිපයකදී හැර සමස්තයක් වශයෙන් මයික්‍රෝවේ පිසීමකදී වෙනත් ක්‍රම බොහොමයකට සාපේක්ෂව පෝෂ්‍ය පදාර්ථ ආරක්ෂා කරන බවක්ද එහි පෙන්වා දෙයි.

    HealthlineArchived Link

    මේ පිළිබඳවම පළවූ තවත් පිළියක් මෙතනින්. ස්ටීම් කිරීම (steam), බොයිල් කිරීම (boil) සහ මයික්‍රොවේව් පිසීමේ ක්‍රම පිලිබඳ පළවූ තවත් ලිපියක් මෙතනින් . ආහාරයේ ඇති ජලය සංයුතිය අනුව වඩාත් සරිලන පිසීමේ ක්‍රමයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් ද බොහෝ වාර්තා වල සඳහන් වෙනවා.

    එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයද මයික්‍රොවේව් උඳුන් වල ආහාර පිසීම පිළිබඳව සහ එහි ආහාර වල ඇති සුරක්ශිතතාවය පිලිබඳව දීර්ඝ විස්තරයක් දක්වා තිබෙනවා.එහිද කිසි විටෙක මයික්‍රොවේව් උඳුන් භාවිතය මඟින් සෞඛ්‍ය තත්වයට අහිතකර ලෙස බලාපන බවක් දක්වා නැත. එකෙසේ වෙතත් ඇතැම් අවස්ථාවල මයික්‍රෝවේව් උදුනක් මඟින් පිසින ලද ආහාරයක උෂ්ණත්වය සමාන ලෙස ව්‍යාප්ත වී නොතිබීම නිසා උදුනෙන් එලියට ගෙන උෂ්ණත්වය නිසි ලෙස ව්‍යාප්ත වීම සඳහා මිනිත්තු කිහිපයක් තිබීම යෝග්‍ය බවද එහි දක්වා තිබුනේ මෙලෙසින්

    Original LinkArchived Link

    FDA ලිපියක් මෙතනින්. මයික්‍රෝවේව් මඟින් ආහාර පිළියෙළ කිරීම කෙතරම සුරක්ෂිතද යන්න පිළිබඳව පළවූ තවත් විස්තරාත්මක ලිපියක් මෙතනින් 

    https://www.facebook.com/chriskresserlac/posts/2966517080067202?__cft__%5b0%5d=AZWvweyZ6akrRXV7_74biHhqqtBF4JDQ6IwcvtkD_GMSgOO8UBTbXtkcXFKGcERoWSKO-n1B_loHB0X86G0Ht18Qh1uJm7mweg9kmjIGYlLuxZ4wqLPOulkG_LI245Qgxy8tJeJoo2wR9D9mnjziezNpYbqkds_mSp9p8zMQ-mHNyNQTpHkEzzE6ZCTLN3n5Ej4&__tn__=%2CO%2CP-R

    BBC මඟින් පලකල මෙම වාර්තාවේ ද එම කරුණු පැහැදිලි කරන අතර ප්ලාස්ටික් බඳුන් මයික්‍රෝවේව් කිරීම මඟින් සෞඛ්‍යමය ගැටළු ඇතිවිය හැකි බව පෙන්වා දෙයි. මයික්‍රෝවේව් පිලිබඳ දුර්මත පිලිබඳ විස්තර කරන මෙම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ ද මයික්‍රෝවේව් උදුනේ ක්‍රියාකාරී උපදෙස් පිළිපදින්නේ නම් එමඟින් පිළිකා හෝ සෞඛ්‍යම අවදානම ඉතා අඩු බවයි. කෙසේවෙතත් වර්තමානයේ බොහෝ ප්ලාස්ට්ක් බඳුන් ද මයික්‍රෝවේව් කිරීමට සුදුසු යයි පෙන්වා දී තිබුණ ද හැකි සෑම විටම ඒ සඳහා වීදුරු හෝ සෙරමික් බඳුන් භාවිතා කරන්නේ නම් වඩාත් යෝග්‍ය බවත් එහි සඳහන්.

    එසේම සමාජ මාධ්‍ය ජාලයේ හුවමාරු වන සටහනේ පෙන්වා දෙන පරිදි ජපානය මයික්‍රොවේව් උඳුන් තහනමට ලක් කර ඇතැයි යන පුවතද වැරදි එකක් බවට අපට පෙනී ගියා .එම කරුණ සම්බන්ධව ජපාන රජය මඟින් හෝ කිසිඳු නිල පුවත් ආයතනයක් මඟින් වාර්තා කර තිබුනේ නැත.

    ජපානය Microwave තහනමකට ලක් කලාද යන්න පිලිබඳව කරුනු විමර්ෂණ කණ්ඩායම් ගණනාවක් සොයා බැලීමක් කර ඇති බව අපට දක්නට ලැබුනා.එයින් ඔවුන් පැහැදිලි කර ඇත්තේ ජපානය එසේ Microwave  උඳුන් තහනමකට ද ලක් කර නොමැති අතර සමාජ මාධ්‍ය සටහන් බොහොමයක් සඳහා මුල්වී තිබුනේ උපහාසාත්මක පුවත් පලකරන වෙබ් අඩවියක පලවී තිබු මෙම වාර්තාව බවයි. 

    එසේ පළවූ වාර්තා කිහිපයක් සහ මේ පිළිබඳව වීඩියෝවක් මඟින් සිදුකල පැහැදිලි කිරීමක් පහතින්. Snopes | TOI | AFP

    එසේම ජපානය සමාගම් විසින් මයික්‍රෝවේව් නිෂ්පාදනය නවතා ඇති බවද සමාජ මාධ්‍ය වාර්තාවල පලවී තිබු බැවින් මේ පිලිබඳ සොයා බැලීමේදී අපට දැකගනන්ට ලැබුනේ Hitachi ඇතුළු ජපාන නිෂ්පාදකයින් සියල්ලක්ම වාගේ මයික්‍රෝවේව් ප්‍රවර්ධන කටයුතු අදටත් සිදුකරන බවයි.

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත කරුනු අනුව සලකා බලන කල ජපානය විසින් මයික්‍රොවේව් උදුන් එරට තුල තහනමකට ලක් කර ඇති බවට පලවන සටහන අසත්‍ය බව අපට තහවුරු කල හැකියි. ඉක්මනින් ආහාර පිසීම, කෙටි කාලයක් සඳහා ආහාර රත් කිරීම වැනි කරුණු හේතුවෙන් වෙනත් ක්‍රමවලට සාපේක්ෂව පෝෂ්‍ය පදාර්ථ විශාල වශයෙන් විනාශ වීමක් ද මයික්‍රෝවේව් පිසීමකදී සිදුවන්නේ නැත.

    ප්ලාස්ට්ක් බඳුන් මයික්‍රොවේව් කිරීම වැනි අවස්ථා සෞඛ්‍යට අහිතකර විය හැකි වුවද උදුනේ ක්‍රියාකාරී උපදෙස් පිළිපදින්නේ නම් එහි සෞඛ්‍යට අහිතකර අවදානම ඉතා අඩුය. ඇතැම් අවස්ථාවල මයික්‍රෝවේව් උදුනක් මඟින් පිසින ලද ආහාරයක උෂ්ණත්වය සමාන ලෙස ව්‍යාප්ත වී නොතිබීම නිසා උදුනෙන් එලියට ගෙන උෂ්ණත්වය නිසි ලෙස ව්‍යාප්ත වීම සඳහා මිනිත්තු කිහිපයක් තිබීම යෝග්‍ය වේ.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-10-26

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.